The Leader News
BREAKING
Top Ad
Opinion

මූනිස්සම් වලට වඩා ලොකු ශරීර නැහැ..| මහේෂ් හපුගොඩ

T

The Leader Desk

February 20, 2025 • 5:04 AM

මූනිස්සම් වලට වඩා ලොකු ශරීර නැහැ..| මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙඩික්කාරයෝ අතරේ කතාවක් තියනවා ''මූනිස්සම් වලට වඩා ලොකු ඇඟවල් (ශරීර) නැහැ'' කියල.
  • මේවා සියවස් භාගයක් විතර කාලයක් ඇතුලේ වගා දිගා වෙච්ච දේවල්.
  • උඹලගේ බොරු ජනතාව අතර ඉන්න ජනතා නායක කතා නෙවෙයි ඇත්ත යතාර්ථය දිහා බලපල්ලා.
  • (සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ) සමාජ හා දේශපාලන විශ්ලේෂක hapugoda@gmail.com (Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...) 2025 පෙබ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒකට කමක් නැහැ. අපි එහෙම කියන්නේ නැහැ. අපි කියන්නේ මෙච්චරයි.

වෙඩික්කාරයෝ අතරේ කතාවක් තියනවා ''මූනිස්සම් වලට වඩා ලොකු ඇඟවල් (ශරීර) නැහැ'' කියල. ඒ කියන්නේ මූනිස්සම ඕනෑම චන්ඩියෙක් - වැඩකාරයෙක් - හයිකරයෙක් - ලොක්කෙක්ගේ ශරීර කූඩුව හරහා යනවා කියන එක.

 

480559164 1167499032052931 445843738558575014 n

මේ ආණ්ඩුව තේරුම්ගන්න ඕනි මෙච්චරයි. උඹල බොරුවට කයිවාරු ගැහුවා වගේ පැය විසි හතරෙන් මොන මඟුලක්වත් කරන්න බැහැ කියල දැන් තේරෙනවා නේද? බොරු කතා නෙවෙයි මේ සිස්ටම් එක අවබෝධකර ගනිල්ලා. මේවා සියවස් භාගයක් විතර කාලයක් ඇතුලේ වගා දිගා වෙච්ච දේවල්. මේ සිස්ටම් එක දුවන්නේ මේ විදියට. මේවා ඔක්කොම බද්ධවෙලා තියෙන්නේ එකින් එකට. උඹලට මේ නූල් බෝල ලිහන්න ලේසි නැහැ. සියවස් භාගයක ලේ පැල්ලම් මකන්න ක්ලීන් ශ්‍රී ලංකා එකට බැහැ.  

මේ නූල් බෝල ලිහන්න ගියොත් කොහෙන් කෙළවර වෙයිද කියන්නත් බැහැ.

උඹලගේ බොරු ජනතාව අතර ඉන්න ජනතා නායක කතා නෙවෙයි ඇත්ත යතාර්ථය දිහා බලපල්ලා. උඹලට මොන මඟුලක් උනත් අපිට අමාරුවක් නැහැ තමයි. හැබැයි උඹල තමයි දැන් මේ රටේ ජනතාව තෝරාගෙන ඉන්න නායකයෝ. දැන් මේ රට පාලනය කරන්නේ උඹල. අවශ්‍යයි කියල හිතෙන ආරක්ෂාව ලබාගනිල්ලා. මේ වෙලාවේ උඹල මේ රටට ඕනි (අපි කැමති උනත් නැතත්).

 

WhatsApp Image 2025 02 19 at 12.01.37 PM
තව යම් දේශපාලනයක් මේ පොළොවේ හැදෙනකම් උඹල අවම වශයෙන් ජීවත් වෙන්න ඕනි. මට කියන්න තියෙන්නේ එච්චරයි. එක වෙඩිල්ලෙන් ඕනෑම කෙනෙක් එළොව යවන්න පුළුවන් එවුන් දැන් මහපාරේ ඕනි තරම්. පරිස්සම් වෙයල්ලා.

ආයිත් කියන්නේ ...මූනිස්සම් වලට වඩා ලොකු ශරීර නැහැ.

ඔබ තුළ සිටින ගැමියා මුලින් මරා දමන්න...- මහේෂ් හපුගොඩ(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
2025 පෙබ. 19


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මූනිස්සම් වලට වඩා ලොකු ශරීර නැහැ..| මහේෂ් හපුගොඩ | The Leader