ඒ එයාර්බස් ගනුදෙනුවක් ගැන ප්‍රකාශයක් සටහන් කරගැනීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එම ආයතනයට කැඳවූ අවස්ථාවේ දී ය. ලාල්ට තර්ජන එල්ලකළ පුද්ගලයන් බවට හඳුනාගෙන ඇත්තේ නාමල් පසුපසින් එහි ආ ඔහුගේ 'ආධාරකරුවන්' බව කියන පිරිසකි.
නොපැහැදිළි අඩවියක්
නොපැහැදිළි අඩවියක්
මේ සිදුවීම අපට නැවතත් දොරටු විවරකරන්නේ තවමත් හරිහැටි නීතිමය රාමුවලින් සීමා මායිම් සලකුණු වී තිබේද, පවත්නා නීතිරීති වලින් මුළුමනින් ආවරණය කළ හැකිදැයි පැහැදිළි නැති, සාම්ප්‍රදායික න්‍යායන්ගෙන් සම්පූර්ණයෙන් නිර්වචනය කළ නොහැකි, නොපැහැදිළි අඩවියකට ය.
එනම් සමාජ මාධ්‍ය යුගයේ තොරතුරු දැනගැනීම, තොරතුරු රැස්කිරීම හා වාර්තාකිරීම, අදහස් ප්‍රකාශ කිරීම හා සමාජ මාධ්‍ය ඔස්සේ ඒවා ප්‍රචාරය කිරීම නම් අඩවියට ය.
මේ සම්බන්ධයෙන් දැනට හරිහමන් සූත්‍රගත කිරීමක් නොමැති බැවින් විවාදාපන්න විය හැකි සහ ‘අවසාන විනිශ්චයක්’ හෝ ‘පරම සත්‍යයක්’ නොවන අදහස් කිහිපයක් මෙසේ බෙදාගන්නට සිතමි.
මන්ද, මේ අඩවිය සම්බන්ධයෙන් පුළුල් කතිකාවක් නීති ක්ෂේත්‍රයත්, ජනමාධ්‍ය ක්ෂේත්‍රයත් ඇතුළත්ව සමස්ත සමාජයේ ම මැදිහත්වීමෙන් ඇතිවීමේ අවශ්‍යතාව පවතින බැවිනි.
එබැවින් අප මේ ගැන ඉදිරිපත් කරන අදහස් විවාදාපන්න හා සංවාදයක් ඔස්සේ තවදුරටත් නිශ්චිත හැඩයක් ලබාගත යුතු ‘අමුද්‍රව්‍යමය අදහස්’ ලෙස හැඳින්වීමට අපි කැමැත්තෙමු.
වීඩියෝ කරන්න බැරිද?

පොදු ස්ථානවල සිදුවන මහජන ලැදියාවට පාත්‍රවන සහ තොරතුරක් ලෙස දැනගැනීම මහජනයාට වැදගත් වන සිදුවීම් ඡායාරූප හා වීඩියෝගත කිරීමට මෙන්ම වාර්තාගත කරගැනීමට ද අයිතියක් සෑම පුරවැසියකුටම තිබේ.
එහෙත් ඒ අයිතිය ඇතැම් සුවිශේෂී කොන්දේසිවලට යටත්වන බව ද පැහැදිළිව තේරුම්ගත යුතු ය.
ඒ කොන්දේසි මොනවාද යන්නත්, ඒවා පවතින්නේ ඇයිද යන්නත් ගැන පුළුල් කතාබහක් ඇතිවීම අපේ වැනි සමාජවල අද දවසේ බලවත් අවශ්‍යතාවකි.
කොන්දේසි - කුමක් නිසාද?
කොන්දේසි - කුමක් නිසාද?

තොරතුරු දැනගැනීමේ, රැස්කිරීමේ, බෙදාහදා ගැනීමේ මෙන් ම අදහස් කීමේ හා කතාකිරීමේ මේ පුරවැසි අයිතියට 'න්‍යායිකව' එවැනි කොන්දේසි පැණැවෙන්නේ පොදු ජනසමාජයේ ම ආරක්ෂාව වෙනුවෙනි. එහි යහපත් හා ගැටුම් විරහිත පැවැත්ම වෙනුවෙනි.
එසේම, සෑම පුරවැසියකු ම සතු පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමට ඇති අයිතිය සුරැකීම වෙනුවෙනි.
(මෙහි 'න්‍යායිකව' යනුවෙන් විශේෂයෙන් කියන්නට සිදුවන්නේ, අනෙකුත් බොහෝ දේවලදී මෙන් අපේ වැනි සමාජවල බලය දරන්නන් ඉහත කොන්දේසි නිරන්තරයෙන් අවභාවිත කර, පුරවැසියාගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමට ඒවා යොදාගන්නා බැවිනි. එවිට පොතේ මොනවා තිබුණත් වැඩේ වෙන්නේ වෙන විදියකට ය.)
කොන්දේසි - මොනවාද?

අපට පෙනීයන ප්‍රධාන කොන්දේසි කිහිපයක් මෙසේ ය.
* ඡායාරූප ගැනීමට, වීඩියෝ කිරීමට හා තොරතුරු රැස්කිරීමට අයිතිය ඇත්තේ පොදු මහජන අවධානයක් ලබාගන්නා හා තොරතුරු දැනගැනීම මහජනයාට වැදගත් වන සිදුවීම්වල පමණි. මිනිසුන්ගේ එදිනෙදා පෞද්ගලික ජීවිතවලට අයත් සිදුවීම්වල නොවේ.
* ඒ අනුව දකින දකින මිනිහාට කැමරා මෑනීමටත්, පොදු අවකාශයක සිදුවුවත්, පොදු සමාජයට හානිකර නොවන පෞද්ගලික මනුෂ්‍ය ගනුදෙනු හා අන්තර් ක්‍රියා ඡායාරූප හෝ වීඩියෝ ගතකිරීමටත් කාටවත් අයිතියක් නැත.
* සෑම පුද්ගලයකු ම සතු පෞද්ගලිකත්වය ආරක්ෂාකරගැනීමේ අයිතියට ගරුකිරීම අනිවාර්ය වේ.
* පොදු ස්ථානයක දී තමන්ට සිදුවන අකටයුත්තක්, අසාධාරණයක් බව හැඟෙන සිද්ධියක් ඡායාරූප හා වීඩියෝ මඟින් වාර්තාකරගැනීමට පුරවැසියාට අයිතියක් තිබේ. එහෙත් මෙහිදී මතක තබාගත යුත්තේ, අදාළ වාර්තාව එය වාර්තාගත කරගත් පුද්ගලයාට ම එරෙහි සාක්ෂියක් ලෙස ද යොදාගන්නට හැකි බව ය.
පොදු ජනසමාජයට බලපාන කටයුත්තක් සිදුකරන හෝ ඒ කටයුත්තට පක්ෂව, විපක්ෂව හෝ මැදහත්ව සහභාගීවන පුද්ගලයන් හා කණ්ඩායම් හැර අන් කිසිම පුද්ගලයකු, ඒ තැනැත්තාගේ අකැමැත්තෙන් ඡායාරූප/වීඩියෝ ගතකිරීමට කිසිවකුටත් අයිතියක් නැත.
* ආරක්ෂිත කලාප ලෙස හා ඡායාරූප / වීඩියෝගත කිරීම නීත්‍යානුකූලව තහනම් කර ඇති ස්ථානවලදී මේ අයිතියට සීමා පැනැවේ.
* එහෙත් එවැනි තහනම් කලාපයක පවා සිදුවන අපරාධකාරී, වංචාකාරී, සමාජ විරෝධී ක්‍රියා, අක්‍රමිකතා වැනි දේ වාර්තාකරගැනීමට පුරවැසියාට ඇති අයිතිය ප්‍රතික්ෂේප කළ නොහැක. මන්ද, ඒ ක්‍රියාකාරකම් පොදු ජනසමාජයට හානිකර වියහැකි බැවිනි. එබැවින් ඒවා ගැන තොරතුරු දැනගැනීමට මහජනයාට අයිතියක් තිබේ.

එහෙත් එවැනි රහසිගත වාර්තාකරණයන්ට ඉදිරිපත්වන්නන්ගේ ආරක්ෂාව හා නෛතික රැකවරණය සම්බන්ධයෙන් ද බරපතල අවදානමක් ඇති බව තරයේ සිහිතබාගත යුතු ය.
* කොතරම් මහජන ලැදියාවට හා තොරතුරු දැනගැනීමට අවශ්‍ය සිදුවීමකදී වුව පොදු ආරක්ෂාව අනතුරේ හෙලන අන්දමින් ක්‍රියාකිරීමේ අයිතියක් කිසිවකුටත් නැත. අදාළ සිද්ධියට අවහිරතා ඇතිවන ලෙස කටයුතු කරන්නටත් බැරි ය. එහි ඉන්නා පුද්ගලයකුට, පුද්ගල කණ්ඩායමකට අවහිරවන, පීඩාවන ආකාරයෙන් හැසිරීමේ අයිතියක් ද නැත.
* කිසිම සිදුවීමක දී රටේ සාමාන්‍ය නීතිය කඩකිරීමේ අයිතියක් ද නැත.
* කිසියම් සිදුවීමක හෝ අවස්ථාවක, එහි රාජකාරියේ නියුතු නිලධාරීන්ගේ කටයුතුවලට බාධාකරන්නටත් බැරි ය.
* හදිසි ආපදා අවස්ථාවක් වැන්නක දී ඇතුළුවීම තහනම් කර හෝ වළක්වා හෝ අවහිර කරඇති කලාපවලට ඇතුළු වීම ද කළ නොහැක.
ඉහතින් ද කී පරිදි මේ ‘න්‍යායික’ කොන්දේසි බොහොමයක්, පුරවැසියාගේ අප කතාකරන අයිතිවාසිකම උල්ලංඝනය කිරීමට අයථා ලෙස යොදාගැනීමේ හැකියාව බලධාරීන්ට තිබෙන බව ඒවා දෙස බැලීමෙන් ම පෙනේ.

මෙවැනි කොන්දේසි උල්ලංඝනය නොවන පරිදි පොදු මහජන ලැදියාවට හේතුවන හා පොදු මහජනයා තොරතුරු දැනගත යුතු සිදුවීම් වීඩියෝ හෝ ඡායාරූපගතකරගන්නට, ඒවා ගැන වාර්තා කරගන්නට හා තොරතුරු එක්රැස් කරගන්නට ඕනෑම පුරවැසියකුට ඇති අයිතිය කාටවත් උල්ලංඝනය කළ නොහැක.
තොරතුරු යනු සීමිත පිරිසකගේ වරප්‍රසාදයක් නොවේ

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත පෙන්වන්නැයි ලාල් ගේ සිදුවීමේ දී ඔහුට අවහිර කළ, තර්ජනය කළ පුද්ගලයෝ දිගින් දිගටම විධානය කළහ.

ලාල්ට එරෙහිව මෙතැනදී නඟන තවත් තර්ජනාත්මක චෝදනාවක් වන්නේ ලාල් ‘යූ ටියුබ් මාර්ගයෙන් සල්ලි හම්බකරනවා’ යන්න ය.
මේ චෝදනා කරන්නේ නාමල් රාජපක්ෂ පස්සෙන් නාමල්ගේ ‘උදව්වට’ සීඅයිඩී ආ නඩයකි.

එහෙව් නාමල් වෙනුවෙන් සීඅයිඩී එන විලිලැජ්ජාවක් නැති මේ අපූරු ‘ආධාරකාරයෝ’ ලාල්ගේ යූටියුබ් මුදල් ඉපැයීම් ගැන ප්‍රශ්න කරති.
ජනමාධ්‍යවේදය යනු වෘත්තියකි. ඒ වෘත්තිය කරන කිසිවෙක් පිනට වැඩකරන්නේ නැත. ඔවුහු සියල්ලෝම පාහේ වැටුප් ලබති. අලුතෙන් ප්‍රචලිත වෙමින් යන යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍යවල ‘අන්තර්ගත නිර්මාණකරුවන්’ ලෙස කටයුතු කරන්නෝ එක්තරා පරිසාධන මට්ටමකට පසු අන්තර්ජාල දැන්වීම් ඇතුළු මාර්ගවලින් නීත්‍යානුකූල ආදායමකට හිමිකම් කියති.
තැලිය යුත්තේ බූවල්ලෙනි!
දැන් බූවල්ලට මුත්තරා කර පන්න පන්නා තැලිය යුත්තේ කාටද?
එබැවින් ලාල් ගේ යූ ටියුබ් භාවිතාව ගැන තිබෙන එකඟතා නො එකඟතා යන කතිකාමය තලයේ ගැටලු පසෙකින් තබා, තොරතුරු ලබාගැනීමට හා ඒවා ඉදිරිපත් කිරීමට ලාල්ට අයිතියක් ඇතිය යන න්‍යායික ස්ථාවරය ගැනීමටත් ඒ වෙනුවෙන් පෙනීසිටීමටත් බාධාවන කිසිදු කරුණක් මෙහිදී අප හමුවේ නැත.
(සංවාදයකට හා සංවර්ධනය කිරීමකට විවෘත අදහස් දැක්වීමකි.)
(සේයාරූ - Talk with Lal යූ ටියුබ් නාලිකාවෙන් උපුටාගන්නා ලදී)
(සටහන | සනත් බාලසුරිය)
ප්‍රවීන මාධ්‍යවේදී
sanathbalas@gmail.com
උපුටා ගැනීම - Sanath Balasooriya ගේ ෆේස්බුක් පිටුවෙන්..

සාම්ප්‍රදායික මාධ්‍ය පමණක් පැවැති යුගයේ මේ අයිතිවාසිකම වරප්‍රසාදයක් ලෙස භුක්ති වින්දේ ජනමාධ්‍ය වෘතිකයා ය. එහෙත් සාමාන්‍ය පුරවැසියාට තමන් සතු තොරතුරු දැනගැනීමේ හා තොරතුරු බෙදාහැරීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඒ කාර්යයේ නියෝජිතයා හෙවත් අතරමැදියා ලෙස කටයුතු කළ ජනමාධ්‍යවේදියා නොමැතිව පුරවැසියන් ලෙස බොහෝ අවස්ථාවලදී හා සිදුවීම්වලදී ඉටුකරගන්නට දොරටු විවර කළ සමාජ මාධ්‍ය යුගයේ, අර ජනමාධ්‍යවේදියාට තිබූ වරප්‍රසාදමය අයිතිය වෙනුවට පොදු පුරවැසියාට පුරවැසි අයිතියක් හිමිව තිබේ.
ඒ අයිතිය කිසිදු බාහිර බලපෑමකින්, තර්ජනයකින්, හිංසනයකින් සීමාවිය යුතු නැත.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත ඕනෑද?
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත ඕනෑද?

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත පෙන්වන්නැයි ලාල් ගේ සිදුවීමේ දී ඔහුට අවහිර කළ, තර්ජනය කළ පුද්ගලයෝ දිගින් දිගටම විධානය කළහ.
වාර්තාකාරණයට මේ කියන හැඳුනුම්පත අවශ්‍යද?
කොහෙත්ම නැත. මෙය සමාජ මාධ්‍ය යුගයේ දී කොහෙත්ම වලංගු නොවන තවත් බරපතල මිත්‍යාවකි. එක් අතකට, මේ කියන හැඳුනුම්පත තිබීම හෝ නොතිබීම මත කිසිවෙක් ජනමාධ්‍යවේදියෙක් වන්නේ හෝ නොවන්නේ නැත. එය රටේ සිවිල් යුධ තත්ත්වයන් පැවැති කාලවලදී පොදු හා පුද්ගල ආරක්ෂාව මෙන් ම අනියම් තොරතුරු වාරණයක් ද ඉලක්ක කරගෙන ඉතාම අවිධිමත්ව, අක්‍රමිකතා සහිතව නිකුත්කරන ලද්දකි.
අනෙක් අතට, සමාජ මාධ්‍ය යුගයේ තොරතුරු නිදහස අතරමැදි නියෝජිතයා වන මාධ්‍යවේදියාගෙන් විතැන්ව පුරවැසියා අතට කෙලින්ම ආවාට පසු, පුරවැසියකු සතු ජාතික හැඳුනුම්පත මිස තොරතුරු වාර්තා කරන්නට වෙන මොන මීඩියා - හමීඩියා හැඳුනුම්පතක්වත් තවදුරටත් අනිවාර්ය නැත.
සල්ලි හම්බකරන්න අයිතියක් නැද්ද?
කොහෙත්ම නැත. මෙය සමාජ මාධ්‍ය යුගයේ දී කොහෙත්ම වලංගු නොවන තවත් බරපතල මිත්‍යාවකි. එක් අතකට, මේ කියන හැඳුනුම්පත තිබීම හෝ නොතිබීම මත කිසිවෙක් ජනමාධ්‍යවේදියෙක් වන්නේ හෝ නොවන්නේ නැත. එය රටේ සිවිල් යුධ තත්ත්වයන් පැවැති කාලවලදී පොදු හා පුද්ගල ආරක්ෂාව මෙන් ම අනියම් තොරතුරු වාරණයක් ද ඉලක්ක කරගෙන ඉතාම අවිධිමත්ව, අක්‍රමිකතා සහිතව නිකුත්කරන ලද්දකි.
අනෙක් අතට, සමාජ මාධ්‍ය යුගයේ තොරතුරු නිදහස අතරමැදි නියෝජිතයා වන මාධ්‍යවේදියාගෙන් විතැන්ව පුරවැසියා අතට කෙලින්ම ආවාට පසු, පුරවැසියකු සතු ජාතික හැඳුනුම්පත මිස තොරතුරු වාර්තා කරන්නට වෙන මොන මීඩියා - හමීඩියා හැඳුනුම්පතක්වත් තවදුරටත් අනිවාර්ය නැත.
සල්ලි හම්බකරන්න අයිතියක් නැද්ද?

ලාල්ට එරෙහිව මෙතැනදී නඟන තවත් තර්ජනාත්මක චෝදනාවක් වන්නේ ලාල් ‘යූ ටියුබ් මාර්ගයෙන් සල්ලි හම්බකරනවා’ යන්න ය.
මේ චෝදනා කරන්නේ නාමල් රාජපක්ෂ පස්සෙන් නාමල්ගේ ‘උදව්වට’ සීඅයිඩී ආ නඩයකි.
නාමල්ට සීඅයිඩීයට එන්නට සිදුවන්නේ ඇයි? නාමල්ගේ තාත්තාගේ පාලන කාලයේ එයාර්බස් ගනුදෙනුවක දී සිදුවී ඇතැයි කියන අල්ලස් ගැනීමේ සිද්ධියක් ගැන ප්‍රශ්නකිරීමට ය. අල්ලස් ලෙස ලබාගැනීමට සාකච්ඡා වී ඇති මුදල ඇමරිකානු ඩොලර් 16කට මඳක් වැඩි ය. අවම වශයෙන් ඉන් මිලියන 2ක් බෘෘනායි හි පිහිටවූ සමාගමකට බැරකර ඇති බව හෙළිවී තිබේ.
මේ තරම් විශාල වංචාවකට අදාළව ප්‍රකාශයක් ගන්නට එන නාමල්ගේ ආධාරකාරයන් ලාල් ‘යූ ටියුබ් එකෙන් සල්ලි හම්බකිරීම’ ප්‍රශ්න කරයි.
'ක්‍රිෂ් ගනුදෙනුවේ' වංචාව
දැන් නඩු කටයුතු ඇරැඹී ඇති කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුවේ දී සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කරනලදැයි නාමල්ට චෝදනා එල්ලවී ඇති මුදල රුපියල් මිලියන 70කි.
'ක්‍රිෂ් ගනුදෙනුවේ' වංචාව
දැන් නඩු කටයුතු ඇරැඹී ඇති කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුවේ දී සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කරනලදැයි නාමල්ට චෝදනා එල්ලවී ඇති මුදල රුපියල් මිලියන 70කි.

එහෙව් නාමල් වෙනුවෙන් සීඅයිඩී එන විලිලැජ්ජාවක් නැති මේ අපූරු ‘ආධාරකාරයෝ’ ලාල්ගේ යූටියුබ් මුදල් ඉපැයීම් ගැන ප්‍රශ්න කරති.
ජනමාධ්‍යවේදය යනු වෘත්තියකි. ඒ වෘත්තිය කරන කිසිවෙක් පිනට වැඩකරන්නේ නැත. ඔවුහු සියල්ලෝම පාහේ වැටුප් ලබති. අලුතෙන් ප්‍රචලිත වෙමින් යන යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍යවල ‘අන්තර්ගත නිර්මාණකරුවන්’ ලෙස කටයුතු කරන්නෝ එක්තරා පරිසාධන මට්ටමකට පසු අන්තර්ජාල දැන්වීම් ඇතුළු මාර්ගවලින් නීත්‍යානුකූල ආදායමකට හිමිකම් කියති.
තැලිය යුත්තේ බූවල්ලෙනි!
ලාල් ද ඒ අන්දමින් තමන් පවත්වාගෙන යන යූ ටියුබ් නාලිකාවෙන් ආදායමක් ලබනවා විය හැකි ය. ඒ සඳහා ඔහු මහන්සි වී වැඩකරන බව පෙනෙන්නේ වසර හතරකට ආසන්න කාලයක් පුරා ඔහු වීඩියෝ 13700ක් පමණ එහි උඩුගතකර තිබෙන බැවිනි. ඉතින් ඔහු සිය ශ්‍රමය වෙනුවෙන් ආදායමක් ලැබීම ගැන නාමල්ට එල්ලවූ දූෂණ වංචා චෝදනාවලට කටඋත්තර දෙන්නට යනකොට ඒ පස්සෙන් යන ‘ආධාරකාරයන්ට’ ප්‍රශ්නකිරීමට ඇති අයිතිය කුමක්ද?
නාමල්ට චෝදනා එල්ලවන්නේ රටේ මහජන මුදල් ගසාකෑම ගැන ය. රටට ආයෝජකයන් පැමිණෙන විට ඔවුන්ගෙන් කප්පම් ගැනීම ගැන ය. ඒවා ජනතාවගේ බදුමුදල් පිටින් යන ගසාකෑම් ය. ඒවාට උත්තර බැඳීමට යන නාමල්ගේ පස්සෙන් යන්නෝ, ලාල් යූ ටියුබයෙන් මුදල් ඉපැයීම ගැන ප්‍රශ්න කරති. යූ ටියුබයෙන් ගෙවන්නේත් අපේ රටේ මහජන මුදල්ද?