The Leader News
BREAKING
Top Ad
Opinion

තෙල් පෝලිම් ඇතිවන්නේ කෙසේද? | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

March 3, 2025 • 2:39 PM

තෙල් පෝලිම් ඇතිවන්නේ කෙසේද? | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුව කියන්නේ තෙල් සංස්ථාව අලෙවිකරුවන්ගේ කොමිස් සඳහා නව සූත්‍රයක් හඳුන්වා දෙන බවයි.
  • තෙල් හිඟ වන බවක් ඉව වැටුණු හැටියේ ජනතාව තෙල් එකතු කිරීමට පටන් ගත්හ.
  • ඒ අනුව, තෙල් අලෙවිය වැඩි වන්නට ඇත.
  • දැන් තෙල් වෙළඳපොළේ වැඩි මෙහෙයුම්කරුවන් පිරිසක් සිටින නිසා විශාල අර්බුදයක් නිර්මාණය නොවනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ආණ්ඩුව කියන්නේ තෙල් සංස්ථාව අලෙවිකරුවන්ගේ කොමිස් සඳහා නව සූත්‍රයක් හඳුන්වා දෙන බවයි.

මේ අපභ්‍රංසය මහජනතාවට වැටහෙන්නේ නැත. එසේම, ජනතාවට ඒවායින් වැඩක් ද නැත. තෙල් හිඟ වන බවක් ඉව වැටුණු හැටියේ ජනතාව තෙල් එකතු කිරීමට පටන් ගත්හ. ඒ අනුව, තෙල් අලෙවිය වැඩි වන්නට ඇත. පෝලිම් නිර්මාණය වී තිබේ. දැන් තෙල් වෙළඳපොළේ වැඩි මෙහෙයුම්කරුවන් පිරිසක් සිටින නිසා විශාල අර්බුදයක් නිර්මාණය නොවනු ඇත.

එහෙත්, ගිනි පෙනෙල්ලෙන් බැට කෑ ජනතාව කලාමැදිරියාටත් බිය වීම පුදුමයට කරුණක් නොවේ. ජනතාවගේ චර්යාව වෙනස් කිරීම පහසු නැත. බලයේ සිටින ආණ්ඩුව වනාහි පසුගිය සමය තුළ ජනතාවගේ විචාරශීලී මනස සංකෝචනය කර වෛරී හා පක්ෂග්‍රාහී චර්යාවන්, බිය, සැකය, අවිශ්වාසය හා අරාජිකත්වය දෙසට නැඹුරු චර්යාවන් නිර්මාණය කිරීමට විශාල වශයෙන් දායක වූ පිරිසකි.

ජනතාවගේ චර්යාවන් වෙනස් කිරීම ඔවුන් සිතන තරම් සරල නැත. වත්මන් පාලකයන්ට තමන්ගේ පෙර පුරුදු චර්යාවන් පවා වෙනස් කරගැනීම දුෂ්කර වී තිබෙන සංදර්භයක් තුළ ජනතාවගේ චර්යාව ගැන කවර කතාද?

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය මේ මොහොතේ විපක්ෂයේ සිටියා නම්, ව්‍යාජ පුවත්, වෛරී ප්‍රචාරණ ව්‍යාපාර,  දුස්තොරතුරු පැතිරවීම ආදිය හරහා මේ වන විට රටම කළඹා තිබෙන්නට පුළුවන. ඔවුන් ආණ්ඩු පක්ෂය වීම මෙම වකවානුවේ අතිශය සාධනීය තත්වයකි.+

drt546
කෙසේ වෙතත්, පාලනයේ ආධුනිකබව, පළපුරුද්දක් නැතිකම හා සමාජවාදී මිථ්‍යාවන් කරපින්නාගෙන ධනේශ්වර ක්‍රමය රැකගන්නට වැඩකිරීමේ උභතෝකෝටිකය හේතුවෙන් පාලකයෝ හා ඔවුන්ගේ කළමනාකරුවෝ විවිධ ප්‍රශ්න නිර්මාණය කරගනිති.

තෙල් සංස්ථාවේ සභාපති වනාහි කලින් වෘත්තීය සමිති නායකයෙකි. ඔහු අලෙවිකරුවන් සමග ගැටුමක් නිර්මාණය කරගෙන තිබේ. ඔහු කියන්නේ තමන් අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කරන බවකි. කිසියම් කොමිස් සූත්‍රයක් ක්‍රියාත්මක කරන්නැයි අධිකරණ නියෝගයක් තිබේ නම්, එය අලෙවිකරුවන්ට දැනුම් දී ගැටුමක් ඇති කරගන්නේ නැතුව ක්‍රියාත්මක කරන්නට තිබිණි.

සාමාන්‍යයෙන් ආනයනය කරන තෙල් ලංකාවේ බෙදාහරින සරල බිස්නස් එකක් අතිශය සංකීර්ණ ආකාරයෙන් කරන, වර්තමානයේදී ඒකාධිකාරයක් ද නොවන තෙල් සංස්ථාව හෙවත් සිපෙට්කෝ තරමටම එහි අලෙවි ජාලය ද වැදගත්ය. සිපෙට්කෝ විසින් මෙම අලෙවි ජාලයේ ගුණාත්මකබව පිළිබඳ කිසිවක් සොයා බලනවාදැයි අප නම් දන්නේ නැත. ඉස්සර ෂෙඩ්වල හුළං ගැසීමේ සේවාවක් තිබිණි. දැන් නම් මුදල් ගෙවාවත් හුළං ටිකක් ගසාගත හැකි හුළං පොම්ප ෂෙඩ් බහුතරයක ඇත්තේම නැත.

තමන්ගේ අලෙවි ජාලයට විරෝධය පළකරන ව්‍යාපාරයක් පැවතිය හැක්කේ නිදහස් වෙළඳාමට ඇති බාධක වැඩි කිරීමෙන් පමණි. ආනයනික භාණ්ඩයක් විකුණන ව්‍යාපාරයක යෙදෙන බුද්ධිමත් වෙළෙන්දෙකු නම් තමන්ගේ අලෙවි ජාලය සමග ගැටුම් ඇතිකර ගන්නේ නැත. එහි ගැටලු තිබේ නම්, එය ක්‍රමානුකූලව වෙනස් කරගත යුතුය.

ලංකාවේ වත්මන් ආණ්ඩුව සිතාගෙන ඉන්නේ තමන් හැර අනෙක් හැමෝම හොරුන් කියාය. ඔවුන් ව්‍යාපාරිකයන් ගැන සිතන්නේ ඔවුන් පට්ට හොරුන් කියාය. ඔවුන්ගේ ලාභ අවම කර, හැකි තරම් බදු පනවා මර්දනය කළ යුතු යයි ඔවුහු සිතති.

ෂෙඩ් හිමිකාරිත්වය යනු ලංකාවේ සම්ප්‍රදායික ප්‍රභූ ව්‍යාපාරයකි. ෂෙඩ් හිමියන් ඒ වෙනුවෙන් ආයෝජනය කර ඇති ඉඩම් වැනි දේපළවලින් ඇතැම් විට පහසුවෙන් ඊට වඩා ලාභයක් ඉපයිය හැකිය. ධනය එක්රැස් කිරීමේ මුල් අවධියේ සිටින ධනවතුන් පවා ෂෙඩ් බිස්නස් එකට ආකර්ශනය වන්නේ නැත. ෂෙඩ් හිමියන් ධනපතියන් ලෙස හැඳින්වූවාට වරදක් නැත. ජනතා විමුක්ති පෙරමුණ සම්ප්‍රදායිකවම ධනපති විරෝධී පක්ෂයකි. ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයන් ගැන කවර කතාද? තෙල් සංස්ථාවේ සභාපති එවැන්නෙකි.

dry57| තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ්.ඒස් ද ඒස්. රාජකරුණා
සමාජ සංවර්ධනය තුළ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට ප්‍රායෝගිකව පැවරී තිබෙන වරම වන්නේ ශ්‍රී ලංකාවේ ධනේශ්වර ක්‍රමය රැකගැනීම හා වාමාංශික බලය දිය කර හැරීමයි. එහෙත්, සමාජවාදී න්‍යාය පත්‍රයක් ඉදිරියට ගත හැකි යයි තවමත් ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය සමග සම්බන්ධ වී සිටින අන්තවාදී බලවේග සිතති. බොහෝ අවුල්වලට හේතුව මෙයයි.

සමාජවාදය නමින් ඔවුන් කරන්නේ අන් කිසිවක් නොව, රාජ්‍ය මූලික ධනවාදය හා සුබසාධනවාදය ප්‍රවර්ධනය කිරීමයි. ඔවුන්ගේ සමාජවාදය රාජපක්ෂවාදයෙන් වෙනස් වන්නේ දූෂණය අඩු වීමෙන් පමණි.

රාජපක්ෂවාදයට ඉදිරියට යන්නට බැරි වුණේ දූෂණය නිසාම නොවේ. රාජ්‍ය මූලිකත්වය සඳහා අවශ්‍ය අති විශාල රජයේ බර දරාගැනීමට නොහැකි වූ නිසාය. රෝදය නැවත සොයාගැනීමට උත්සාහ කරන අයට ඒ සඳහා යම් කාලයක් දීමට සිදු වී තිබේ.

Ajith parakum jaya(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තෙල් පෝලිම් ඇතිවන්නේ කෙසේද? | අජිත් පැරකුම් ජයසිංහ | The Leader