සමහර විට නාමල් රාජපක්ෂ අනාගතයේ ඒ තැනට එයි. ඒත් රනිල්-මහින්ද පරම්පරාවේ කශේරුකා අද ඉන්න කාටවත් නැහැ.
අනුර කුමාර වගේ කෙනෙකුට කිසිසේත් ම ඔහොම අන්තර්ජාතික මාධ්‍යයේ හරි හරියට කථා කරන්න බැහැ. අනෙකා ව පහත් කරලා ප්‍රශ්න අහන කොට ඒ විදිහටම පහත් කරලා පිළිතුරු දෙන්න හැමෝට ම බැහැ. විශේෂයෙන් ම තමන්ගේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට හදනවා නම් ඔහොම කථා කරන්න බැහැ. රනිල්ගේ හැසිරීම authentic. එතන බොරු රඟපෑමක් තිබුණේ නැහැ. මම හිතන්නේ නායකත්වයේ ප්‍රබල ම ආකෘතිය තමයි authentic leadership කියන්නේ.

රනිල්ගේ දේශපාලන ප්‍රතිපත්තිවලට මම කිසිසේත් ම එකඟ නැහැ. ඒ වගේම මම විශ්වාස කරනවා ඊනියා අරගලය පිටුපස ඔහුත් සිටියා කියා. නමුත් දරුණුම ප්‍රතිවාදියාගේ වුණත් හැකියාවට මා ගරු කරනවා. එකක් තමයි රනිල්ගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය. අනෙක තමයි ලෝක දේශපාලනය ගැන ඔහුගේ දැනුම. තෙවැන්න තමයි ප්‍රතිවාදියාගේ උපාය වේගයෙන් හඳුනාගෙන ඒක කැපෙන්න point එකක් දැමීම. හසන් අහන පළමු ප්‍රශ්නයටම එංගලන්තයෙන් ම උදාහරණයක් දීලා knockout කරනවා. එතන ඉඳල ම හසන් කථා කරන්නේ defensive විදිහට.

රනිල්ට ට්‍රම්ප්ගේ ලක්ෂණ තිබෙනවා. ඔහු දන්නවා නැගලා යන Television අත්දැකීමක් දෙන්න. ඕක නිකම් ඇල් වතුර නිවලා බොනවා වගේ ඉතාම වෘත්තීය විදිහට කළා නම් කවුරුවත් ඕක බලන්නෙත් නැහැ. ඒ ගැන කථා කරන්නෙත් නැහැ. රනිල් කරපු එකම වරද හැටියට මා දැක්කේ දෙවන කොටසේදී අත්දෙක බැඳ ගෙන සිටීම. ඒ ඇරෙන්න ඔහු කිසිම අවස්ථාවක බයක් හෝ සැකයක් හෝ පෙන්නුවේ නැහැ. හසන්ගේ සෙල්ලම හසන්ට වැඩිය හොඳට රනිල් කළා. පාස්කු ප්‍රහාරය ගැන අහන වෙලාවේ මුස්ලිම් ආගමිකයන්ට නිදහස දීපු එක වැරදිද කියලා ඇහුවේ මුසල්මානුවකු වන හසන්ට රිදෙන්න.
දේශපාලනය කරනවා නම් අනෙකාගේ හිත රිදෙනවාද හිත හිත කරන්න බැහැ. හරියන්න හෝ වරදින්න හෝ තමන් ඒ මොහොතේ ගත යුතු තීරණය ගත යුතුයි. කියන්න ඕන දෙය මූණටම කිව යුතුයි. මම හිතන්නේ රනිල්ට රටේ ජනාධිපති වෙන්න පුළුවන් වුණෙත් ඔය විදිහට රූපාන්තරණය වුණාට පස්සේ. ඒ කියන්නේ තමන් කියන කරන දෙය ගැන දැඩි විශ්වාසයක් තමන්ට තිබිය යුතුයි. ඒ වගේම බොරු ප්‍රතිරූප maintain නොකර යථා ස්වභාවයෙන් කටයුතු කළ යුතුයි. ඒක තමයි ජීවත් වෙන්නත් පුළුවන් හොඳම ක්‍රමය. මහින්දත් authentic. පාඨලී සහ සජිත් වගේ අයට නායකත්වය ගන්න බැරි ඔවුන් authentic නැති නිසා. ඔවුන් කරන්නේ බොරු ෂෝ එකක්.

මොනවා වුණත් මේ සාකච්ඡාවෙන් රනිල්ව මතු වෙන්නේ දේශහිතෛෂියෙකු හැටියට. එක්කෝ ඒක අල් ජසීරා එක edit කරලා තියෙන විදිහ. කොහොම වුණත් රනිල් ඇත්තටම ඔය stance එකේ දිගට ම යනවා නම් මම කැමතියි. සතුරන් වුණත් හැමදාම සතුරන් වෙන්න අවශ්‍ය නැහැ. ලංකාවේ දේශපාලනයේ අනාගත දිශානතිය හරි ගස්සවන්න රනිල්ට වගකීමක් තිබෙනවා. කොටි ඩයස්පෝරාව ඔවුන්ගේ සටන අත් හරින්නේ නැති බව අපට හොඳාකාරව ම පේනවා. ඊළඟට එන අලුත් ව්‍යවස්ථාව වගේ අතිශය තීරණාත්මක උගුල්වලදී රනිල්ට කරන්න වැඩ තියෙනවා. සමහර විට රනිල්ගේ නම ඉතිහාසයේ ලියවෙන්නේ වෙනස් විදිහකට වෙන්න පුළුවන්. දිස් ඉස් පොලිටික්ස්.
(සටහන |එරන්ද ගිනිගේ)
eranda.ginige@gmail.com
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
උපුටා ගැනීම : ginihula.blogspot.com
සබැඳි පුවතක් :
රනිල් එක්වූ අල් ජසීරා සම්මුඛ සාකච්ඡාව උණුසුම් වෙයි



