The Leader News
BREAKING
Top Ad
Opinion

කුණු ලැයිස්තු වලට පෙම් බඳින මාලිමා රජවරු මේවට ප්‍රසිද්ධියේ උත්තර දිය යුතුයි | කුසල් පෙරේරා

T

The Leader Desk

March 7, 2025 • 3:14 PM

කුණු ලැයිස්තු වලට පෙම් බඳින මාලිමා රජවරු මේවට ප්‍රසිද්ධියේ උත්තර දිය යුතුයි | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා, රනිල්ට හොරෙක්, හිඟන්නෙක් කියලා ලේබල් ගැහුවේ මාලිමාවට මාස 05 ක් තිස්සේ කරපු වැඩක් ගැන කියන්න මොනවත් නැති නිසයි.
  • හාල් හිඟයට වහා විසඳුම් දෙන්න ජනාධිපති අනුර කුමාර ලොකු මෝල් හිමියන් කැඳවලා, හිඟයට විසඳුම මිල වැඩි කිරීමයි කියලා කිසිම කෙනෙකු යෝජනා නොකළ, හාල් කිලෝව රුපියල් 20 කින් මේසයට ගහලා වැඩි කෙරුවේ කාගේ වාසියටදැයි ඇහුවම, මාලිමා නායකයින් ප්‍රශ්නෙ නෑසුනා මෙන් ඉන්නවා.
  • දේශපාලන බලය යොදා ගෙන ඉන්ධන හල් ලබා ගත්තා කියලා ඉදිරිපත් කළ ලේඛනයේ ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරුන් ඉපදෙන්නටත් කලින් ඒවා ඔවුන්ගේ පවුලේ ව්‍යාපාර වූ බව නොකියා ලේඛනය ඉදිරිපත් කෙරුවේ නොදැන වෙන්න බැහැ.
  • මැතිවරණ වලදී ජනතාවට පොරොන්දු වුන කිසිවක් ගැන කියන්න පුළුවන් වැදගත් මොනවත් නැති, තමන්ගෙ මාස 05 ක පාලනයේ හොර බොරු “ක්ලීන් ශ්‍රී ලංකා” මගින් පිරිසිදු කරන්න බැරි වගවත් දන්නෙ නැති ආණ්ඩුවක් මේක.
අකුරු ප්‍රමාණය (Font Size):


අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා, රනිල්ට හොරෙක්, හිඟන්නෙක් කියලා ලේබල් ගැහුවේ මාලිමාවට මාස 05 ක් තිස්සේ කරපු වැඩක් ගැන කියන්න මොනවත් නැති නිසයි.


ඒ නිසා රජපක්ෂ යුගයේ දූෂණ සම්බන්ධයෙන් මොකක් හරි සිද්ධියක් ගනුදෙනුවක් ගැන ලොකු කතාවක් දිග හැර ගන්නවා. ඊළඟට රාජපක්ෂ පවුලේ කාට හරි එරෙහිව සිල්ලර නඩු පැවරීම ලොකු වැඩක් කියන්න ජන මාධ්‍යයද කැඳව ගන්නවා. දැන් මාලිමාවේ දේශපාලනය ඒකයි. මොනවා හරි සිද්ධියක් ගැන කියලා නාම ලේඛනයක් පාර්ලිමේන්තුවට ගේන එක ජනාධිපති අනුර කුමාරගේ මාලිමා ආණ්ඩුවේ පුරුද්දක් වෙලා තියෙන්නෙත් ඔවුන්ගේ වර්තමාන නොහැකියාව, රාජපක්ෂලාගේ අතීතයෙන් වහ ගන්නයි.

 

■       කලින් ආණ්ඩුව අවසාන දිනවල මන්ත්‍රීවරුන්ටත් එක්ක බාර් පර්මිට් දුන්නා කියලා බාර් පර්මිට් ලැයිස්තුවක් ඉදිරිපත් කෙරුවා.

■       ජනාධිපති අරමුදලින් විශේෂ වාසි ලබාගත් මන්ත්‍රී ලැයිස්තුවක් ඉදිරිපත් කෙරුවා

■       හිටපු ජනාධිපතිවරුන් කිහිප දෙනෙකුගේ විදේශ සවාරි වියදම් ලැයිස්තු ඉදිරිපත් කෙරුවා

■       දේශපාලන සම්බන්ධකම් මත යැයි ඉන්ධන හල් ලබා ගත්ත ලැයිස්තුවක් ඉදිරිපත් කෙරුවා

ftr5gg

නමුත් තව වටයක් රාජපක්ෂලාට එරෙහිව සමාජ වෛරය කැකෑරවන්න සදාචාරයක් නොදන්න නිවට මාධ්‍යයත් යොදා ගනිමින් ඒ දූෂණ විස්තර ගැන කතා කරනවා මිසක් ඒවාට එරෙහිව කළ හැක්කේ මොනවද කියලා කියන්න මාලිමා ලොක්කෝ දන්නේ නැහැ. මේ ලේඛණද නිවැරදි, සම්පූර්ණ ලේඛණ නෙවෙයි කියලා බැලූ බැල්මටත් පේනවා.

 

  1. කලින් ආණ්ඩුව දුන්න බාර් පර්මිට් ලැයිස්තුවේ මන්ත්‍රීවරුනුත් ඉන්නවා කියලා ලොකුවට කිව්වට, ඒ මන්ත්‍රී ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා විපක්ෂය කිව්වම, දැන් වචනයක් ඒ ගැන කතා නැහැ.
  2. හාල් හිඟයට වහා විසඳුම් දෙන්න ජනාධිපති අනුර කුමාර ලොකු මෝල් හිමියන් කැඳවලා, හිඟයට විසඳුම මිල වැඩි කිරීමයි කියලා කිසිම කෙනෙකු යෝජනා නොකළ, හාල් කිලෝව රුපියල් 20 කින් මේසයට ගහලා වැඩි කෙරුවේ කාගේ වාසියටදැයි ඇහුවම, මාලිමා නායකයින් ප්‍රශ්නෙ නෑසුනා මෙන් ඉන්නවා.
  3. හිටපු ජනාධිපතිවරුන්ගේ “යෝධ” විදේශ සවාරි වියදම් මහජන මුදල් නාස්තිය ගැන කියන්න යොදා ගන්නවා මිස ඒ වෙනුවෙන් මොනවද කරන්නේ කියලා කතාවක් නැහැ. සාධාරණ වියදමක් ගණන් බලා වැඩි මුදල ඔවුන්ගේ විශ්‍රාම වැටුපෙන් කොටස් වශයෙන් කපා ගන්නවා යැයි කියන්නෙත් නැහැ.
  4. දේශපාලන බලය යොදා ගෙන ඉන්ධන හල් ලබා ගත්තා කියලා ඉදිරිපත් කළ ලේඛනයේ ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරුන් ඉපදෙන්නටත් කලින් ඒවා ඔවුන්ගේ පවුලේ ව්‍යාපාර වූ බව නොකියා ලේඛනය ඉදිරිපත් කෙරුවේ නොදැන වෙන්න බැහැ.

මේ හැම එකක්ම බැලුවම රාජපක්ෂලාට සහ ඔවුන්ට උදව් කළේ යැයි හිටපු ජනාධිපති වික්‍රමසිංහට විරුද්ධව, ඕනෙ බේගලයක් ප්‍රශ්න නොකර ගෙඩි පිටින් ගිලින සමාජය සඳහා ඉදිරිපත් කෙරෙන රස කතා පමණයි. 2024 මැතිවරණ වලදී  ජනතාවට පොරොන්දු වුන කිසිවක් ගැන කියන්න පුළුවන් වැදගත් මොනවත් නැති, තමන්ගෙ මාස 05 ක පාලනයේ හොර බොරු “ක්ලීන් ශ්‍රී ලංකා” මගින් පිරිසිදු කරන්න බැරි වගවත් දන්නෙ නැති ආණ්ඩුවක් මේක.

gr66

■  ඊශ්‍රායල සංචාරකයින් විසින් ඔවුන්ගේ සංස්කෘතික මධ්‍යස්ථාන, “හබාඩ් නිවාස” පිහිටුවා ගෙන අරුගම් බොක්ක ප්‍රදේශයේ ඉඩම් මිලට ගනිමින්, ව්‍යාපාර පවත්වා ගැනීමට එරෙහිව 2024 ඔක්තෝම්බර 29 දා ඇතිවූ “ජනතා විරෝධය” සමග වැලිගම ප්‍රදේශයේද යුක්රේන හා ඊශ්‍රායල සංචාරකයින් කිසිදු බාධාවකින් තොරව ව්‍යාපාර කර ගෙන යාමට එරෙහිව, මාලිමා ආණ්ඩුව ගෙන ඇති නීතිමය පියවර මොනවද?

■ කොළඹ සහ අවට ඊශ්‍රායල සංචාරකයින් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සමග පිහිටුවා ගෙන ඇති ඔවුන්ගේ ආගමික වතාවත් සඳහාද ඉඩ ලබා දෙන “හබාඩ් නිවාස” කීයක් තියෙනවද? ඒවා නීති විරෝධී මධ්‍යස්ථාන නෙවෙයිද? ඒවාට පොලිස් ආරක්ෂාව ලබා දෙනවාද නැද්ද?

මේ කලින් ආණ්ඩු යටතේ ඉඩ හැර තිබූ සංචාරක ක්ෂේත්‍රයෙහි වර්ධනය වන විනාසකාරී අනීතික පැවැත්මක්. ඒ සම්බන්ධයෙන් මම ඉහතින් අසා තියෙන ප්‍රශ්න වලට මාලිමා ආණ්ඩුව මෙතෙක් ගත් පියවර සමාජයට වහා කියන්නැයි මම ජනාධිපති අනුර කුමාරට සහ ඔහුගේ මාලිමා ආණ්ඩුවේ ලොක්කන් හතර පස් දෙනාට අභියෝග කරනවා.

කලින් ආණ්ඩුවේ කිසි සම්බන්ධයක් නැති,

■  හාල් හිඟයට පාරිභෝකයා විසින් ගෙවිය යුතු සිල්ලර හාල් මිල වැඩි කිරීමට හේතුව මොකද්ද?

■  පාරිභෝගිකයාගෙන් ගසා කාපු ඒ වාසිය ගියේ කාටද? එය රුපියල් වලින් කොපමණ මිලියන ගණනක් වෙන්න ඇතිද?

මේ ඊටත් වඩා බරපතල වංගු ගැහිල්ලක්. මේවට පිළිගත හැකි උත්තර ප්‍රසිද්ධියේ ලබා දෙන තෙක්, ජනාධිපති අනුර කුමාරගේ මාලිමා ආණ්ඩුවත් කලින් ඒවා වගේ තවත් හොර ගුහාවක් කියලා මම කියනවා. ඒ වංගු ගැහිලි සම්බන්ධයෙන් රටට වහා උත්තර ලබා දිය යුතු ප්‍රශ්න තමයි,

 ftrettf

■  චීන සවාරියට දින 02 ට පෙර ජනවාරි 12 වන දින ජනාධිපති අනුර කුමාර, බහලුම් තද බදය දින 04 ක් ඇතුළත ඉවත් කළ යුතු යැයි රේගුවේ ප්‍රධානින් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා විධාන කෙරුවේ, ගොඩ ගැසුණු ඒ බහලුම් 323 ම රේගු පරිඝණක පද්ධතිය විසින් “රතු ලේබලය” ගැසූ බහලුම් නිසාම, ඒ හැමකක්ම රේගු නිලධාරීන් විසින් “අනිවාර්යෙන්” පුද්ගලිකව පරීක්ෂා කළ යුතු බව නොදැනද?

■  ජනාධිපති විධානයෙන් දින 10 ට පසු ජනවාරි 22 දින රේගු වෘත්තීය සමිති සන්ධානය නිවේදනය කෙරුවේ එම බහලුම් 323 නිදහස් කිරීම සඳහා එකින් එක පුද්ගලිකව පරීක්ෂා කළ යුතුව තිබියදී, කිසියම් මාර්ගයකින් ඒ සියල්ල මුදා හැර ඇති බැවින්, ඒ බහලුම් වල ඇති කිසිවකට කිසිදු වගකීමක් ගැනීමට රේගුවට නොහැකි බවය. ඒ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර සහ මාලිමා ආණ්ඩුවේ ලොක්කන් කියන්නේ මොනවද?


රතු ලේබලය ගැසූ මේ බහලුම් 323 ම හරිත වර්ණ මාර්ගය ඔස්සේ වරායෙන් පිටකර ඇතැයි මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය මුදල් ඇමති එදිනම පාර්ලිමේන්තුවේදී පිළිගත්තා. ඒ වෙනුවෙන් පරීක්ෂණයක්ද ඔහු පොරොන්දු වුනා. ඒ සමග පරණ ආණ්ඩු විසින්ද එළෙසින් බහලුම් මුදා හැර ඇතැයි කිව්වා.

පරණ ආණ්ඩු කරපු වැඩ කරන්නද අනුර කුමාර, මාලිමා වේදිකා මත පොරොන්දු වුනේ? ලක්ෂ 56 ක් ඒ කියන්නේ සියයට 42.3 ක් මේ රටේ ජනතාව අනුරට ඡන්දය දුන්නේ පරණ ආණ්ඩු කරපුවා කරන්නද?

ඔය කතා තමන්ගේ ගමේ මාලිමාවුන්ට ගිහින් කියන්න. අපට උත්තර අවශ්‍ය ප්‍රශ්න ඉහළින් තියෙනවා. කරුණාකර ඒ ප්‍රශ්න වෙනුවෙන් තමන්ගේ උත්තර ප්‍රසිද්ධියේ කියන්න.

kusal perera(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 මාර්තු 07 වන දින සවස

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කුණු ලැයිස්තු වලට පෙම් බඳින මාලිමා රජවරු මේවට ප්‍රසිද්ධියේ උත්තර දිය යුතුයි | කුසල් පෙරේරා | The Leader