The Leader News
BREAKING
Top Ad
Opinion

ස්තුතියි ජනාධිපතිතුමනි | ගෝඨාභය හිටපු ජනාධිපතිගේ උපදේශක

T

The Leader Desk

March 10, 2025 • 6:38 AM

ස්තුතියි ජනාධිපතිතුමනි | ගෝඨාභය හිටපු ජනාධිපතිගේ උපදේශක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලක්දිව රාජ්‍යය පදනම් වී ඇත්තේ බෞද්ධ ශාසනය මතය.
  • මා හිතන්නේ ජනාධිපතිතුමා එය අවබෝධ කර ගෙන ඇති බව ය.
  • දැක්මක් නොමැතිව අයාලේ යන මුග්ධ ජාතියක විසිරුණු අකුසල් සිතුවිලි එක ම උතුම් අරමුණකට කැඳවා ගැනීම මහත් ඵල මහානිසංස පුණ්‍ය ක්‍රියාවකි.
  • එවැනි අවස්ථාවක ලංකාවේ රාජ්‍ය නායකයා ම සිය ඓතිහාසික වගකීම පිළිගනිමින් බෞද්ධ ශාසනයේ ආරක්ෂකයා ලෙස පෙනී සිටීම මා හට ඉමහත් සතුටකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ලක්දිව රාජ්‍යය පදනම් වී ඇත්තේ බෞද්ධ ශාසනය මතය. ලක්දිව රාජ්‍යයේ පරමාර්ථය ම බුද්ධ ධර්මය ආරක්ෂා කිරීම ය. සිංහල ජාතියේ ඓතිහාසික යුතුකම වන්නේ පොහොසත් රටක් වීමවත්, සෞභාග්‍යමත් දේශයක් වීමවත්, ආසියාවේ ආශ්චර්ය වීමවත් නොවේ. සිංහලයා මුල සිටම කරන්නේත් කළ යුත්තේත් ශ්‍රී ලංකාව තුළ බෞද්ධ ධර්මය ආරක්ෂා කිරීම ය. එවිට ඉබේම රට පොහොසත් වේ. සෞභාග්‍යමත් වේ. ආශ්චර්යයක් වේ. මා හිතන්නේ ජනාධිපතිතුමා එය අවබෝධ කර ගෙන ඇති බව ය.

දළදා ප් රදර්ශනය
දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම යනු අතිශය වැදගත් කර්තව්‍යයකි. මුළු මහත් ලක්දිව පුරා විසිර සිටින සියලු ම බෞද්ධ බැතිමතුන් හට සහභාගී විය හැකි ජාතික මහෝත්සවයකි. එයින් රාජ්‍යයට සහ රාජ්‍ය නායකයාට ලැබෙන ආශීර්වාදය අති මහත් ය. එය කිසියම් පාරභෞතික බලයක් හෝ ශක්තියක් හෝ නොවේ. එයින් සිද්ධ වන්නේ රටේම ජනතාව උතුම් කෘත්‍යයක් සඳහා පිළිවෙතින් සැරසී සහභාගී වීම ය.

දළදා වහන්සේ ට ගෞරව කිරීම යනු බුදුරජාණන් වහන්සේට ගෞරව කිරීම ය. ශ්‍රී දළදාවේ ස්පර්ෂ වූ ශ්‍රී සද්ධර්මයට ගෞරව කිරීම ය. එවැනි උතුම් ගෞරවයක් කරන විට අපගේ සිතුවිලි නිතැතින් ම යහපත් වේ. දැක්මක් නොමැතිව අයාලේ යන මුග්ධ ජාතියක විසිරුණු අකුසල් සිතුවිලි එක ම උතුම් අරමුණකට කැඳවා ගැනීම මහත් ඵල මහානිසංස පුණ්‍ය ක්‍රියාවකි. එයට අනුග්‍රහය දක්වන රාජ්‍ය නායකයාට රටේ සියලු බෞද්ධයන්ගේ කෘතඥ පූර්වක ආශීර්වාදය සහ සහයෝගය නිතැතින් හිමි වේ. බලය යනුම එයයි.

truth rilic
අද වන විට සැබැවින්ම බෞද්ධ සිංහලයාට නායකයෙකු නැත. කුඩා කුඩා ඊනියා සිංහල බෞද්ධ සංවිධාන එකිනෙකා කුළල් කා ගනිමින් සිටී. ශාසන ලැදි භික්ෂූන් වහන්සේලා ද පසෙකට වී මුනිවත රකී. එවැනි අවස්ථාවක ලංකාවේ රාජ්‍ය නායකයා ම සිය ඓතිහාසික වගකීම පිළිගනිමින් බෞද්ධ ශාසනයේ ආරක්ෂකයා ලෙස පෙනී සිටීම මා හට ඉමහත් සතුටකි. බුදුන් වහන්සේ දේශනා කළේ තමා පෙර කළ අකුසල් නුවණින් අවබෝධ කොට මෙතැන් පටන් කුසලයේ පිහිටා කටයුතු කරන්නේ නම් ඔහුට මෙලොව පරලොව සුගතිය ලද හැකි බව ය.

අනුර කුමාර දිසානායක මහතා මේ ආකාරයට දිගටම බෞද්ධ ශාසනය ආරක්ෂා කිරීමට මුල් තැන දෙමින් කටයුතු කරන්නේ නම් ඔහුට වරදින්නේ නැත. බෞද්ධ සංස්කෘතියට පහර ගසන දේශපාලන සහ මාධ්‍ය ව්‍යාපාර මුලිනුපුටා දමා නැවතත් ශ්‍රී ලංකාව බෞද්ධ ධර්මයේ කේන්ද්‍රස්ථානය කළ හැකි නම් ඔබගේ ආණ්ඩුව කිසිවෙකුට බිඳ වැට්ටවිය ද නොහැකි ය. මන්ද එවැනි නායකයෙකුට සෑම බෞද්ධයෙකු ම හදවතින්ම සහාය දෙන බැවිණි. දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කරවීමට එය ප්‍රමාණවත් ය. ධර්මය අපට මග වේවා!


eranda. ginige
(සටහන |එරන්ද ගිනිගේ)

BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.

 

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

eranda.ginige@gmail.com

උපුටා ගැනීම :ගිනිහුළ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...