The Leader News
BREAKING
Top Ad
Opinion

අල්ජසීරා.. | මහින්ද රුබසිංහ

T

The Leader Desk

March 11, 2025 • 3:28 PM

අල්ජසීරා.. | මහින්ද රුබසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අල්ජසීරා ලොව සෑම නායකයෙකුගෙන්ම මේ ආකාරයට ප්‍රශ්න කරන්නේ නැත.
  • මේදි හසන්ගේ ඇතැම් ප්‍රශ්න බොළඳය.
  • ඇතැම් ප්‍රශ්න කිරීම් අශිෂ්ඨය.
  • පැය දෙකක මෙවැනි සාකච්ඡාවක් විනාඩි 50 කට පමණ සංස්කරණය කළේ නම් එය මාධ්‍ය සදාචාරයට පටහැණිය.
අකුරු ප්‍රමාණය (Font Size):


02. අල්ජසීරා ලොව සෑම නායකයෙකුගෙන්ම මේ ආකාරයට ප්‍රශ්න කරන්නේ නැත.

03. මේදි හසන්ගේ ඇතැම් ප්‍රශ්න බොළඳය. ඇතැම් ප්‍රශ්න කිරීම් අශිෂ්ඨය.

04. සාකච්ඡාව අතරතුර වැඩිම ඇක්සිඩන්ට්ස් වූයේ මේදි හසන්ටය. ඔහු වෙනුවෙන්ම පැමිණි පිරිස වැඩියෙන්ම සිනාසුනේ ඔහුටය.

05. පැය දෙකක මෙවැනි සාකච්ඡාවක් විනාඩි 50 කට පමණ සංස්කරණය කළේ නම් එය මාධ්‍ය සදාචාරයට පටහැණිය. රනිල්ට අසාධාරණයකි.

06. රනිල් යනු දැනුමෙන්, අත්දැකීම්වලින් සන්නද්ධ වුවද තම මතයේම පිහිටා සිටින උද්ධච්ඡ නායකයෙකි.

07. අල්ජසීරා සාකච්ඡාවේදී විටෙක කෝපවීමෙන් සහ ඇතැම් ප්‍රශ්නවලින් පැනයාමෙන් රනිල් සිය දේශපාලන පරිණතභාවය නිසි ලෙස පෙන්නුම් කිරීමට අපොහොසත් විය.

08. ලංකාවේ වෙනත් කිසිදු නායකයෙකුට රනිල් තරමින් අන්තර් ජාතික මාධ්‍යයට මෙලෙස මුහුණදීමේ හැකියාවක් නැත. වෙනත් අයෙකු මීට මුහුණ දුන්නේ නම් මේදි හසන් ඇතුළු පිරිස ඔහු හෝ ඇයගේ "හක්කේ තබා සෙම අරින බව" නොඅනුමානය.

09. එන පොට හොඳ නැති බව දැනගත් රනිල් හසන් දමනය කරගත් අතර දෙවන භාගයේදී එය මැනවින් පෙනින.

10. හිටපු ජනාධිපතිවරයා මෙතරම් ප්‍රහාරයකට හා විවේචනයට ලක්වන්නේ දේශපාලනිකව කුමන හෝ ප්‍රබලත්වයක් ඇතැයි විරුද්ධවාදීන් අවිඥ්ඥානිකව හෝ සිතන බැවිනි.

11. රනිල් බටහිර ගැත්තෙකු මිත්‍රයෙකු කීවද ඔහු එසේ නොවන බව ජාත්‍යන්තර සංවිධාන පිළිබඳ ඇතැම් විවේචනාත්මක අදහස් පළකිරීමෙන් පෙනින.

12. ලංකාවේ ආගම හා ආගමික නායකත්වය සම්බන්ධයෙන් වෙනත් කිසිවෙකු නොකියන කතා ඔහු නොබියව කීවේය.

13. තමන්ට පුද්ගලිකව එල්ලවන චෝදනාවලින් පැන ගියද කිසිවෙකුත් පාවා නොදී රට වෙනුවෙන් පෙනීසිටි බව ප්‍රකට කෙරිණ.

14. දෙමළ ඩයස් පෝරාවෙන් නැගුන ප්‍රශ්නවලට අදාළව තමන්ගේ පාලන සමයන්වලදී ප්‍රමාණවත් විසඳුම් ලබා නොදි තිබුණද සාධනීය පිළිතුරු ලබාදී ශ්‍රී ඔහු ශ්‍රී ලංකා රාජ්‍ය මැනවින් නියෝජනය කළේය.

15. සීයාට විපතක් වී ඇතැයි බොහෝ දෙනා විනෝද වුවද එහිදී කතා බහට ලක්වූ ප්‍රශ්නවලට වත්මන් ආණ්ඩුව මෙන්ම රටද පිළිතුරු සෙවිය යුතුව තිබේ.

16. හිටපු ජනාධිපතිවරයාට බරපතල ඇක්සිඩන්ට් එකක් වී ඇතැයි අමාත්‍ය බිමල් පාර්ලිමේන්තුවේදී සමච්චල් කළද එහීදී ඇත්තටම ඇක්සිඩන්ට් එකක් වූයේ නම් එහි හානිය රටට (වත්මන් ආණ්ඩුවද අතුළුව ) බව ඔවුන් තේරුම්ගත යුත්තකි.

17. රූපවාහිනී නාලිකා කිහිපයක් සග සමාජ මාධ්‍යයත් සාකච්ඡාවේ කොටස් කපා දැමීමත් අගති සහිත ඇතමුන් ගොඩනගන වින්‍යාශයත් සමග සිදුව ඇති දේ පිළිබඳ බොහෝ දෙනාට පැහැදිලි චිත්‍රයක් ලැබෙන්නේ නැත.

18. මෙය පැහැදිලිව කියන්නේ නම් "කන්න ඕන වුනාම කබරයා තලගොයා කරගන්නවා" වෙනුවට තලගොයා කබරයා කරගන්නා බවක් පෙනේ. 

(නොලීමෙන් කොන්වීමට බැරි නිසා උඩින් පල්ලෙන් ලීවෙමි)

Mahinda Rubasinghe(සටහන | මහින්ද රුබසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
mahiruba@gmail.com

(උපුටා ගැනීම - Mahinda Rubasinghe ගේ ෆේස්බුක් පිටුවෙන් )


සබැඳි ලිපි :
 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...