එම්පතියක් නොමැති වීම කියන්නෙ සමාජ මාධ්‍යවලත් මූලිකම චර්‍යාමය ලක්ෂනයක් (බිහේවියර් එකක්) . අනෙකාව සාමූහිකව පෙලමින් කලු දුෂ්ටයෙක් බවට පත්කිරීම තමයි සෝෂල් මීඩියා ත්‍රිල් එක වෙන්නෙ.
එම්පතියකින් තොර සෑම ක්‍රියාවක්ම නැවත සේවය කරන්නේ මොනම ආකාරයක හෝ ලිංගික බලහත්කාරයටයි. දුෂ්ටයාට අසීමාන්තිකව වෛර කිරීම හරහා විරයා දුෂ්ටයා බවට පරිවර්තනය වෙනවා.
අභියෝගය වෙන්නෙ ස්ත්‍රී දූෂකයෙක් හෝ අපරාධකරුවෙක් යක්ෂයෙක්, තිරිසනෙක් විදිහට දැකීම නෙමෙයි, ඔහුත් අප අතර ජීවත්වන මනුෂ්‍යයෙක් විදිහට දකින එකයි.
ඒ අපරාධකරුවා සහ අපි අතර සම්බන්ධය තේරුම් ගන්න එකයි.
නමුත් අපි ස්වභාවිකව පුළුවන් තරම් උත්සාහ කරන්නෙ අපරාධකරුවා ‘වෙන්’ කොට අපි නිවැරදිකරුවන් බවට පත්වෙන්නයි. අපරාධකරුවා කියන්නෙ සියලු පාපයන් කැටි කරගත් ‘පඹයෙක්’ වෙනවා. අපරාධය පිටුපස ඇති සමාජ වගකීම දකින මොහොතෙ අපි පොඩි ළමයි වගේ භීතියෙන් පලායාමයි කරන්නෙ.
ස්ත්‍රී දූෂනයකදි, කොටට ඇඳන් හිටපු නිසානෙ ඕක වුනේ.. ආදී වශයෙන් විවිධ හේතු කියමින් සිදුවීම සාධාරණීකරනය කරගන්න හදන පිරිසක් ඉන්නවා. මේ අයට සමාජ මාධ්‍යවල චෝදනා කරන්නෙ 'වික්ටිම් බ්ලේමින්' කියල. නමුත් ඇත්තටම මේ වගේ ප්‍රකාශ කරන්නෙ බොහෝ විට සිදුවීම දරාගන්න බැරි කම්පනය නිසයි .මේක හරියටම කවුරු හරි මියගියාම අපි,
බීලා නේද…
වගේ ප්‍රකාශ නිකුත් කරමින් මරණය අපෙන් දුරස්ථ කරගැනීමට සමානයි. ඒ අපරාධයේ වගකීම වහාම සමාජය පැත්තෙන් බැහැර කිරීමේ දුර්වල උත්සාහයන්.
නමුත් කවුරුන් හෝ වරදකරු කරන්න බලන් ඉන්න සෝෂල් මීඩියා යුක්තිවාදීන් මේ වගේ ප්‍රකාශ කරන ඇසිල්ලෙන් ඒ දුර්වල මිනිස්සුන්ව අපරාධකාරයන් විදිහට ඇණ ගහනවා.
කිසිම කෙනෙක් ගැන තේරුම් ගැනීමකට යනවට වඩා හැමෝටම වැදගත් වෙන්නෙ තමන් සද්ගුනවත් වෙමින් වෙන කෙනෙක් මත වරද පැටවීමයි. වික්ටිම් බ්ලේමින් කරන අයත්, එහෙම කරන අයට බනින අයත් දෙගොල්ලොම කරන්නෙ එකම දෙයක්. වරද තමන්ගෙන් පිටතට තල්ලු කිරීම.
ස්ත්‍රී දූෂනයක් කියන්නෙ ලිංගික කාරණයක් නෙමෙයි. ගොඩක් අය අපරාධකරුවාගෙ අංගඡේදනය කරන්න, මරණ දඩුවම පනවන්න ආදී ප්‍රචන්ඩ ප්‍රතිචාර දක්වන්න උත්සුක වෙන බව පේනවා.
බොහෝවිට ස්ත්‍රී දූෂනයක් කියන්නෙ බලය පිලිබද ප්‍රකාශනයක්. සමාජයේ ගැඹුරින් ස්ත්‍රී පුරුෂ ශරීර මත පනවා ඇති දේශපාලනයක් නිරුවත් වෙන තැනක්. ඒක හදිසි හුදකලා සිදුවීමක් නෙමෙයි. ඉතිහාසයක් පුරා සිද්දවෙන මිනිස් පරිණාමීය ක්‍රියාවලියක් විදිහටයි දකින්න ඕන.
ස්ත්‍රී දූෂකයෙක් කියන්නෙත් වින්දිතයෙක්. බහුලවම දකින්න ලැබෙන්නෙ ලිංගික අතවර, බලහත්කාරයන්ට ලක්වුනු ළමාවියක් ඇති අය මේ අපරාධවලට යොමුවෙන එකයි.
සමාජයේ ගැඹුරු ප්‍රශ්නයකට එක පුද්ගලයෙකුට දඩුවම් කිරීම කියන්නෙ ඇත්තටම ප්‍රශ්නය යටගැසීමක්. පඹයො පිච්චීමක්.
මේ ගැන සිද්ද වෙන්න ඕන සමාජ මනෝවිද්‍යාත්මක අධ්‍යනයක් මිස අපරාධකරුවන් නම් කිරීමේ සිල්ලර ක්‍රියාවක් නෙමෙයි.
ඒත් ඉතිං එහෙම ඒවායෙ මෙහෙම ‘චූන්’ එකක් නෑනෙ.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)
අම්මා කියා පපුවෙ ටැටූ කෙටූ ස්ත්‍රී දූෂකයා
T
The Leader Desk
March 12, 2025 • 4:52 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එම්පතියක් නොමැති වීම කියන්නෙ සමාජ මාධ්‍යවලත් මූලිකම චර්‍යාමය ලක්ෂනයක් (බිහේවියර් එකක්) .
- අනෙකාව සාමූහිකව පෙලමින් කලු දුෂ්ටයෙක් බවට පත්කිරීම තමයි සෝෂල් මීඩියා ත්‍රිල් එක වෙන්නෙ.
- දුෂ්ටයාට අසීමාන්තිකව වෛර කිරීම හරහා විරයා දුෂ්ටයා බවට පරිවර්තනය වෙනවා.
- නමුත් අපි ස්වභාවිකව පුළුවන් තරම් උත්සාහ කරන්නෙ අපරාධකරුවා ‘වෙන්’ කොට අපි නිවැරදිකරුවන් බවට පත්වෙන්නයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


