The Leader News
BREAKING
Top Ad
Opinion

අනුරාධපුරේදී රේප් කළ වෛද්‍යවරියටම දොස් පැවරීම | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

March 14, 2025 • 8:52 AM

අනුරාධපුරේදී රේප් කළ වෛද්‍යවරියටම දොස් පැවරීම | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ජන බලවේගයේ ආධාරකරුවකු හා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික හිතවතකු බව කියන උවිඳු කුරුකුලසූරිය ලන්ඩන් සිට මේ ගැන සටහනක් තබමින් මෙසේ පැවසුවා: “මේ හිරු එක වාර්තාකරන ආකාරයට මාර ප්‍රශ්ණ ගොඩක් මතුවෙනව.
  • පොලිසියෙන් ඌව හොයනව බේරගන්න කියල කාමරේ ඇතුලට ආවලු ආදී වශයෙන්… “උගේ පිහියට බයවෙලා කියපු ඒව කරන්න එකඟ වුනාලු.
  • ඒත් කාමරේ ඇතුලට නොගෙන කෑගහන්නත් තිබ්බ.
  • එවැනි තත්වයක සිටින කාන්තාවක ගැන කිසිදු සංවේදීභාවයක් නැතුව කරන ප්‍රකාශයක්.
අකුරු ප්‍රමාණය (Font Size):


ජාතික ජන බලවේගයේ ආධාරකරුවකු හා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික හිතවතකු බව කියන උවිඳු කුරුකුලසූරිය ලන්ඩන් සිට මේ ගැන සටහනක් තබමින් මෙසේ පැවසුවා:

bnrtuyr6tyur6ty
“මේ හිරු එක වාර්තාකරන ආකාරයට මාර ප්‍රශ්ණ ගොඩක් මතුවෙනව. විශේෂඥ වෛද්‍යවරියක් වෙලා ඇය දන්නෙ නැද්ද රේප් උනා නම් නාන්නෙ නැතුව ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න ඕන කියල. දැන් කෝ DNA? දෙන්න එක්ක හින්දි සිංදුත් ඇහැව්වලු, එයාව බය කරල එයාගෙම ෆෝන් එකේ ලොක් එක ඇරගෙන. කට බැන්දලු, එයාගෙ පිංතූර අරං බය කළාලු. එයා රුවන්වැලි සෑය වැඳල කාමරේට එනකොටලු මේ මිනිහ කාමරේ දොරගාව හිටියෙ. පොලිසියෙන් ඌව හොයනව බේරගන්න කියල කාමරේ ඇතුලට ආවලු ආදී වශයෙන්…

“උගේ පිහියට බයවෙලා කියපු ඒව කරන්න එකඟ වුනාලු. ඒක නම් වෙන්න පුලුවන්. ඒත් කාමරේ ඇතුලට නොගෙන කෑගහන්නත් තිබ්බ. හරි ගත්ත කියමු පිහියට බයවෙලා, කියපු ඒව කළාත් කියමුකො. ඒත් නෑවෙ මොකද? විශේෂඥ වෛද්‍යවරියක් වෙලා ඇය දන්නෙ නැද්ද රේප් උනා නම් නාන්නෙ නැතුව ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න ඕන කියල. අනික ඉස්පිරිතාල වපසරියෙදිමනෙ මේ ඛේදවාචකය උනේ.

“අනේ මන්ද මේ නඩුව කොහෙන් කෙලවර වෙයිද කියලා.

“ගැහැනු පිරිමි හෝ කවුරු උනත් රේපු උනා නම් නාන්නෙ නැතුව ඉස්පිරිතාලෙට හෝ පොලිසියට යන්න කියල සමාජය දැනුවත් කරන ව්‍යාපාරයක් හදන්න මහන්සි වෙන්න.”

මෙය සම්පූර්ණයෙන්ම ප්‍රතිගාමී, කාන්තා විරෝධී, අපයෝජකයාට පක්ෂපාතී අදහසක්.

 

පොලිස් තාත්තා දියණිය අපයෝජනය කරලා !
අපයෝජනයට ලක්වුණ කාන්තාව පොලිසියට කටඋත්තර දෙන්නේ ඇය ඒ මොහොතේ සිටින කම්පිත මනෝභාවය තුළයි. නාඳුනන පිරිමියකු අතින් රේප් වුණ කාන්තාවක් එම කම්පනය තුළ අනාගතයේ නඩුව විභාග වන හැටි හා සාක්කි ගැන සිතමින් කටඋත්තර දිය යුතු යයි තර්ක කිරීම අමනකමක්.

ස්නානය කිරීම සම්බන්ධයෙන් ඇයට දෝෂාරෝපණය කිරීමත් වින්දිතයාටම බැන වැදීමේ තවත් ලක්ෂණයක්. එවැනි තත්වයක සිටින කාන්තාවක ගැන කිසිදු සංවේදීභාවයක් නැතුව කරන ප්‍රකාශයක්. ඇය වරදක් කර ඇති බව පැවසීම ඉතා වැරදියි.

රේප් කිරීම සම්බන්ධ නඩුවක් ඔප්පු කිරීම දුෂ්කර බවට මතයක් ලංකාවේ සමාජයේ තිබෙනවා. එහිදී තර්කය වන්නේ කැමැත්තෙන් ලිංගික එක්වීමක් සිදු වූ බවට ඔප්පු කළ හැකි බවයි. මෙය සම්පූර්ණ මිථ්‍යාවක්. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් වින්දිත කාන්තාවම තවදුරටත් ලැජ්ජාවට, අපහසුවට පත්වන අන්දමින් කටයුතු කරමින් වාසි ලැබීමට උත්සාහ කරනවා නම්, පැමිණිල්ලේ නීතීඥයන්ට හා විනිසුරුවරයාටත් එහිදී වින්දිතයා ආරක්ෂා කිරීමේ වගකීමක් තිබෙනවා.

 

අනෙක් පැත්තෙන්, කැමැත්ත කියන්නේ සංකීර්ණ සංකල්පයක්. රේප් කිරීමකදී යම් අවස්ථාවක සුරතාන්තයට පත්වීම වැනි වින්දනයක් ලැබුවාය කියා කැමැත්ත ඔප්පු වන්නේ නැහැ. ලිංගික එක්වීමක සෑම අදියරකදීම කැමැත්ත ලබාගත යුතුයි. එක් අදියරකදී පමණක් කැමැත්ත ලබාගැනීමෙන් සමස්ත ක්‍රියාව සම්බන්ධයෙන්ම කැමැත්ත ලැබුණා යයි තර්ක කරන්නට බැහැ. (සුරතාන්තය වුණත්, කාන්තාවට පාලනය කළ නොහැකි ශාරීරික ප්‍රතිචාරයක් බව වෛද්‍යවරයකු පෙන්වා දුන්නා. ඒ කරුණු ලිපිය අවසානයේදී දැක්වෙනවා.)

BDSM ලිංගික සම්බන්ධතාවක් වුණත් අපයෝජනයක් නොවන්නට නම්, අවබෝධාත්මක කැමැත්ත සෑම අදියරකදීම අවශ්‍යයි. නැතිනම් එය පහසුවෙන් රේප් කිරීමක් බවට පත්වෙනවා.

 

විනිසුරු පත්කිරීම් ගැන විනිසුරුවෝ නොසතුටින්
නීතීඥයන් හා විනිසුරුවරුන් හරියට කටයුතු කරනවා නම්, අපයෝජනයකදී වඩා දුෂ්කර වන්නේ රේප් නොකළ බව ඔප්පු කිරීමයි. අඹු සැමි සම්බන්ධකම්වලදී පවා රේප් කිරීම සිදුවෙනවා. එයට කියන්නේ වෛවාහක දූෂණය කියලායි. වෛවාහක දූෂණය ලංකාවේ තවම නීතිය තුළ දක්නට ලැබෙන්නේ නැහැ.

අනුරාධපුර සිද්ධියේදී වින්දිත කාන්තාවටම දෝෂාරෝපණය කරන සියලු දෙනා පෙනී සිටින්නේ අපයෝජකයා වෙනුවෙන්. එය පුරුෂෝත්තමවාදයේම ලක්ෂණයක්. පුරුෂෝත්තමවාදය වෙනුවෙන් පෙනී සිටින කාන්තාවන් ද ඉන්නට පුළුවන්.

පහත දැක්වෙන්නේ වෛද්‍යවරයා විසින් පෙන්වා දුන් කරුණ:

රේප් වලදි ඕගැස්ම් වෙන එක ඒ වෙලාවෙ nervous system එකේ ඔය අනිච්ඡානුග ස්නායු පද්ධතියට අයිති කොටස් දෙකෙන් එකක් උද්දීපනය වෙන නිසා වෙන්නෙ.

yhtfut8768
ඒ කොටසම තමා danger එකේදි flight of fight රෙස්පොන්ස් එකටත් උද්දීපනය වෙන්නෙ.

රේප් වික්ටිම් ඒ වෙනකොටත් ඉන්නෙ flight or fight රෙස්පොන්ස් එකේ. අදාළ නර්වස් සිස්ට්ම් එකේ කොටස ඕවර්ඩ්‍රයිව් එකේ තියෙන්නෙ ඩේන්ජර් සිටුවේශන් එක නිසා.

ඒ නිසා ජීවිතේට ඕගැසම් නොවුන කෙනෙක් පවා රේප් එකකදි ඕගැසම් වෙන්න පුලුවන්.

ඕක රේප් වල රිපෝටින් අඩු වෙන්න ලොකු හේතුවක්. Victim පවා හිතනවා ඕගැසම් එක නිසා මේක non consensual කියන්න බෑ කියල.

අනුර වෙනුවෙන් රනිල් මුහුණ දුන් අල් ජසීරා ප්‍රහාරය | අජිත් පැරකුම් ජයසිංහ(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අනුරාධපුරේදී රේප් කළ වෛද්‍යවරියටම දොස් පැවරීම | අජිත් පැරකුම් ජයසිංහ | The Leader