මෙම වැඩසටහනේදී අදහස් දැක්වූ දේශපාලන ක්‍රියාකාරී මහීල් බණ්ඩාර පැවසූවේ, මෙය කෘෂි කරම නියෝජ්‍ය ඇමතිගේ මාධ්‍ය සංදර්ශනයක් බවත් මෙම වැඩසටහන සම්බන්ධයෙන් අඩුම තරමින් කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත ටවත් විස්වාසයක් නොමැති බවයි.
ඔහු ඒ බව සදහන් කලේ අමාත්‍ය ලාල් කාන්ත මෙම සත්ත්ව සංගනනය ගැන කල අදහස් උපුටා ගනිමිනි.
ත්‍රස්ථවාදය පරාජය කිරීම, කොරෝනා වැනි වසංගත පාලනය කිරීම හෝ අති උද්ධමනයක් සහිත ආර්ථිකයක් කළමනාකරණය කිරීම වැනි ප්‍රධාන ගැටලු පසුගිය රජයන්ට තිබුණාද වත්මන් ආණ්ඩුවට ඇත්තේ මෙවැනි සුලු ප්‍රශ්න බව සභාව ඇමතු දේශපාලන ක්‍රියාකාරී වින්සද යසස්මිනි කියා සිටියේය.
එමෙන්ම මෙම සංගනනය විද්‍යාත්මකව හා ප්‍රායෝගික පිළිතුරු සහිතව සිදු කල යුත්තක් බව දේශපාලන ක්‍රියාකාරී හේමන්ත ශ්‍රීලාල් පවසා සිටියේය.











