නමත් ලියවෙන්න නියමිතයි.
මේ දෙන්නා ලංකාවේ අපි දන්නා ඉතිහාසයේ හැරවුම් දෙකක් ගන්නවා. එක් කෙනෙක් උතුරේ යුද්දයේ අවසානය. අනික් කෙනා ලංකාව බංකොලොත් බවින් මුදාගැනීමේ අභියෝගය.
පළමුවැන්න ටිකක් ඇඟ දාල ගහපු එකක් කියල කිව්වොත් දෙවැන්න ගැහුවේ ඔළුවෙන්. රටේ අනාගතය වෙනුවෙන් ඒ දෙකම වැදගත් උණා.
මේ දෙවැනි හැරවුම වඩාත් දක්ෂිනාංසික එකක්. වෙළඳපල විවෘත ආර්ථිකය ගැන අපේ තිබ්බ සමහර අදහස් වෙනස් කරනසුළු එකක්.
රනිල් එතැනින් නැවතුණේ නැහැ. ඔහු තවත් ඉදිරියට යමින් ඉන්නවා ඒ අදහස් විකසිත කරමින්.
ඒ ඔස්සේ තමයි ඔහු 'විසල් ආසියාවක්' සහ 'විසල් නැගිටීමක්' කියන අදහස එක්ක ඉදිරියට යමින් ඉන්නේ. විශේෂයෙන් (ජපානයට පසු) චීනයේ, සිංගප්පුරුවේ, මැලේසියාවේ, කොරියාවේ සහ වියට්නාමයේ නැඟිටීමත් දැන් ඉන්දියාවේ සහ පකිස්තානයේ වගේම බංගලිදේශයේ නැඟිටීමත් එක්ක අපි කරන්න ඕනි මොකක්ද කියන අදහසට ඔහු ඉන්ටර්ෆේස් (interface) එකක් ලියනවා.
'ඉන්ටර්ෆේස්' කියන වචනය මම ගන්නේ තොරතුරු තාක්ෂණ ශබ්ද කෝෂයෙන්. මේකට සිංහලෙන් කියන්නේ 'අතුරු මුහුණත' කියල. ඒ කියන්නේ ඔය මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බට විතරක් බැහැ ඒ ප්‍රෝග්‍රෑම් එක එක්ක සන්නිවේදනය කරන්න (ගණුදෙනු කරන්න) පොඩි මූණත්තහඩුවක් ඔය ප්‍රෝග්‍රෑම් ලියන මල්ලිලා හදනවා.
වින්ඩෝස්, වට්ස්ඇප්, ෆේස්බුක් වගේ ප්‍රෝග්‍රෑම් දත්ත ගබඩාවක් තිබ්බට ඒක පාවිච්චි කරන කෙනාට පාවිච්චි කරන්න පහසුවෙන්න තමයි අර මූණත්තහඩුව තියෙන්නේ.
ආසියාවේ සිද්දවෙන දැවැන්ත ආර්ථික පිම්ම එක්ක අපිට එකතුවෙන්න පොඩි මූණත් තහඩුවක් රනිල් යෝජනාකරලා තියනවා. ඒ තමයි 'ථේරවාද ආර්ථිකය' යනුවෙන් ඔහු හඳුන්වන්නේ.
යුරෝපීය විජිතකරණයට කලින් තිබ්බ වෙළඳ ජාලය සහ සම්බන්දතා ඔහු නැවත ප්‍රතිජිවනය කරනවා. හරියට චීනය එයාලගේ 'සේද මාවත' තවත් ව්‍යාප්ත කරලා BRI එක හැදුව වගේ. ඉන්දියාව 'මහාභාරත්' ව්‍යාපෘතිය නැවත ගේනවා වගේ.
වැඩිහිටියන්ගේ ඉගැන්වීම නැත්නම් ථේරවාද බුද්ධාගම එක්කම ආපු වෙළඳ මාවත් රනිල් නැවත අපිට මතක්කරනවා. වෙළඳාම කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. ගමනාගමනය කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. ලෝකයට ගැටගැහෙනවා කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. හුවමාරු කරගන්නවා කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. පොඩි අධිරාජ්‍යවාදී කෑල්ලක් මේකෙ තිබ්බත් ඒකත් අලුත් දෙයක් නෙවෙයි. සරළව කිව්වොත් එච්චරයි.
ප්‍රභූ වේවා එසේ නොවේවා දැනට එහෙම එකක් උච්චාරණය කරන්න අපේ රටේ ඉන්නේ මෙච්චරම තමයි. අනාගතයේ තව කට්ටිය බිහිවෙයි. ඒත් දැනට මෙච්චරයි.
සුබ උපන්දිනයක් බොස්!
(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...
සබැඳි ලිපියක් :
රනිල්ට ආදරෙන්... | Chinthana Dharmadasa



