මොකද එහෙම කළා කියලා මේ රටේ මිනිස්සු අත්‍යවශ්‍ය මොහොතේ දී අනුරව ආරක්ෂා කරන්නේ නැහැනේ…
බෙදුම්වාදී දෙමළ ඊළාම් කොටි ත්‍රස්තවාදය අවසන් කළ මහින්ද රාජපක්ෂට මේ රටේ මිනිස්සු කළගුණ දක්වපු හැටි දැක්කා නේද? ඒ මනුස්සයාව මරන්න මේ රටේ සුපිරි කොල්ලො කෙල්ලෝ කැති පොලු අරගෙන අරලිය ගහ මන්දිරය වට කරගෙන ආව හැටි දැක්කා නේද? එහෙව් මිනිස්සු ඉන්න රටක් වෙනුවෙන් පෙනී සිටින්න අනුරට කිසිම අමාරුවක් නැහැ.
ළමා සොල්දාදුවන්, මරාගෙන මැරෙන ගෑණු, බස්වල කෝච්චිවල බෝම්බ ඇතුළු ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදය අවසන් කරලා මේ රටේ අම්මලාට සැබෑ නිදහස දුන්නු ගෝඨාභය රාජපක්ෂට ඒ ගෑණු මිනිස්සුම කළ සාහසික අපරාධය දැක්කා නේද? ඒ මනුස්සයාව මරන්න කෝච්චි පිටින් කොළඹ ඇවිල්ලා ලෝකයක් ඉදිරියේ ස්විමින් පූල් එකේ නාලා ඇඳන් උඩ රිලව් වගේ නටපු හැටි දැක්කා නේද? අර රිළා සංගණනයට උන්වත් ගණන් කරන්න තිබ්බේ. එහෙව් මිනිස්සු ඉන්න රටක් වෙනුවෙන් පෙනී සිටින්න අනුරට අහවල් අමාරුවක් නැහැ.
ජාත්‍යන්තරයේ බලපෑම්වලට යටත් නොවී ලංකාවේ ආත්ම ගරුත්වය රැක්ක මහින්දලාට ගෝඨාභයලාට මේ රටේ මිනිස්සු කියපු අසභ්‍ය කුණුහරුප තොගේ දැක්කා නේද? ලෝකේ නැති නින්දා අපවාද අවලාද කියලා මරණ දැන්වීම් ගහලා නිවන් සුව පවා පතපු හැටි දැක්කා නේද? මේ රටේ ස්වෛරීත්වය වෙනුවෙන් පෙනී හිටිය ඒ මිනිස්සුන්ට එහෙම කළාට පස්සේ ඔය ජාත්‍යන්තරයට විරුද්ධ වෙන්න අනුරට අමාරුවක් නැහැ.
ඒ නිසා කාට මොන සම්බාධක දැම්මත් මේ රට වෙනුවෙන් කියලා ජාත්‍යන්තරයට විරුද්ධ වෙන්න තරම් අමාරුවක් හදාගන්නත් එපා. එහෙම කළා කියලා මේ රටේ මිනිස්සු ඔයාව ආරක්ෂා කරන්නේ නැහැ. තෙල් පෝලිමක් හරි විදුලිය කැපීමක් හරි ආව ගමන් ඒ ඔක්කොම ඉවරයි. ඒ නිසා මේ රටේ ස්වාධිනත්වය, ජාතික අභිමානය, භෞමික අඛණ්ඩතාවය වගේ ඒවා වෙනුවෙන් පෙනී සිටින්න අනුරට අමාරුවක් නැහැ.
මේක මේ රටේ මිනිස්සුන්ගේ හැටියක්. සිංහල ජාතියේ නිර්මාතෘ විජයට බනිනවා තිරිසන් දාමරිකයා කියලා. සීගිරිය හදපු කාශ්‍යපට බැනලා වල්මිකීගේ රාවණාට ආවඩනවා. ධර්මය සංරක්ෂණය කළ බුද්ධඝෝෂ හාමුදුරුවන්ට බනිනවා. සිංහල ඉතිහාසය ලියා ආරක්ෂා කළ මහානාම හාමුදුරුවන්ට බනිනවා. අනගාරික ධර්මපාලතුමාට බනිනවා හොරා කියලා. ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදයෙන් රට බේරගත්ත රාජපක්ෂලාව මරන්න හදපු එකේ රට ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටින්න අනුරට මොළේ අමාරුවක් නැහැ.
වෙන එකක් තියා ඔය සම්බාධක වැටිච්ච ශවේන්ද්‍ර සිල්වා ගන්න. එයා හමුදාපති වෙලත් ගෝඨාභයගේ ජනාධිපතිකම ආරක්ෂා කළේ නැහැනේ. අනික ත්‍රිවිධ හමුදාවම වගේ ඡන්දය දුන්නේ ඔයා ලවා රාජපක්ෂලාව අල්ලලා හිරේ දම්මවන්න. අන්න එහෙමයි මේ රටේ මිනිස්සු වැඩ කරන්නේ. ඒ නිසා අපිට හැදිලා තියෙන රණවිරුගාය වගේ අමාරු අනුර කුමාර ජනාධිපතිතුමා හදාගන්න අවශ්‍ය නැහැ. IMF එකට දීගෙන ඉන්නවා වගේ ජාත්‍යන්තරයට වැඳගෙනම ඉන්න.
හොඳම උදාහරණය තමයි සරත් ෆොන්සේකා. කොටි පරාජය කළ හමුදාපති වෙලත් මිනිහා සුදු කොඩි කතාවක් කියලා රටත් හමුදාවත් යුධ ජයග්‍රහණයත් සතුරාට පාවා දුන්නා. ඒ නිසා අද මිනිහට සම්බාධක නැහැ. ලංකාවේ පොලිසිය ජාතිවාදීයි කියලා සුද්දො ඉස්සරහා කැඩිච්ච ඉංගිරිසියෙන් ගතු කියපු විජිත හේරත්ට ලංකාවේ වැඩිම මනාප දුන්නා මේ රටේ මිනිස්සු. තමන්ගේ රට වෙනුවෙන් ඇමරිකාවේ පුරවැසිකම දාලා ආව ගෝඨාභයට අද ඇමරිකාවට යන්න බැහැ. ඒ මනුස්සයා උන්නද මළාද බලන්න අද ඔය ලොකු ටෝක්ස් දෙන එක ඊනියා ජාතිකවාදියෙක් එන්නේ නැහැ.
අනුර කුමාරට යහතින් මේ අවුරුදු පහ ඉඳලා, ඕන නම් තවත් අවුරුදු පහක් අදින්න නම් මේ රට වෙනුවෙන් පෙනී සිටින්න එපා… ජාත්‍යන්තරය වෙනුවෙන් පෙනී සිටින්න… කොහොමත් ඔයා මෙච්චර කාලයක් කළේ ඒකනේ. ඒක වෙනස් කරන්න එපා. මොකද මේ රට වෙනුවෙන් පෙනී ඉන්න මිනිහට මේ රටේ මිනිස්සු අන්තිමට පිහියෙන් අනිනවාමයි. ඒක ඉර හඳ වගේ විශ්වාසයි. සහයෝගය ඕනම වෙලාවේ එරෙහි වෙනවා. කෙළෙහිගුණය කියන දේ ගෑවිලාවත් නැහැ. ජාත්‍යන්තරයේ පැත්ත ගත්තොත් අඩුම ගානේ අනුර ඔයා විශ්‍රාම ගියාට පස්සේ ගෙවල්වලින් පන්නන්නේ නැතුව නිදහසේ ඉන්න දෙයි. ලෝකයේ ඕනම රටකට යන්නත් දෙයි. අයර්ලන්තයේ දේපළ තියෙනවා නම් ඒවා තහනම් කරන එකකුත් නැහැ. ධර්මය ඔබට මග වේවා!(සටහන |එරන්ද ගිනිගේ)
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
උපුටා ගැනීම : ගිනිහුළ
2025 මාර්තු 27
අනුරට අමාරුවක් නැහැ | එරන්ද ගිනිගේ
T
The Leader Desk
March 27, 2025 • 2:35 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මොකද එහෙම කළා කියලා මේ රටේ මිනිස්සු අත්‍යවශ්‍ය මොහොතේ දී අනුරව ආරක්ෂා කරන්නේ නැහැනේ… බෙදුම්වාදී දෙමළ ඊළාම් කොටි ත්‍රස්තවාදය අවසන් කළ මහින්ද රාජපක්ෂට මේ රටේ මිනිස්සු කළගුණ දක්වපු හැටි දැක්කා නේද?
- ළමා සොල්දාදුවන්, මරාගෙන මැරෙන ගෑණු, බස්වල කෝච්චිවල බෝම්බ ඇතුළු ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදය අවසන් කරලා මේ රටේ අම්මලාට සැබෑ නිදහස දුන්නු ගෝඨාභය රාජපක්ෂට ඒ ගෑණු මිනිස්සුම කළ සාහසික අපරාධය දැක්කා නේද?
- වෙන එකක් තියා ඔය සම්බාධක වැටිච්ච ශවේන්ද්‍ර සිල්වා ගන්න.
- සමාජ ව්‍යවසායක සහ කර්තෘ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක eranda.ginige@gmail.com උපුටා ගැනීම : ගිනිහුළ 2025 මාර්තු 27.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


