The Leader News
BREAKING
Top Ad
Opinion

මොනාද ඕයි මේ විකාර ?

T

The Leader Desk

March 29, 2025 • 8:11 AM

මොනාද ඕයි මේ විකාර ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම නියමු ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 10ක මුදලක් මධ්‍යම පළාත් සභාවෙන් ලැබී ඇති බවද ඔහු කියා සිටී.
  • මෙම දූපතට රිලවුන් ගෙන ගොස් දැමු පසු ආපසු පිහිනා ගොඩබිමට ඒමට නොහැකි වන සේ දූපත වටා විදුලි වැටක් ඉදි කරන බවද ඔහු සඳහන් කළේය.
  • මහනුවරදී ඊයේ (28) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවේය.
  • “නියමු ව්‍යාපෘතිය සඳහා අපිට මධ්‍යම පළාත් සභාවෙන් රුපියල් මිලියන 10ක් ලැබිලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම නියමු ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 10ක මුදලක් මධ්‍යම පළාත් සභාවෙන් ලැබී ඇති බවද ඔහු කියා සිටී.

මෙම දූපතට රිලවුන් ගෙන ගොස් දැමු පසු ආපසු පිහිනා ගොඩබිමට ඒමට නොහැකි වන සේ දූපත වටා විදුලි වැටක් ඉදි කරන බවද ඔහු සඳහන් කළේය.

මහනුවරදී ඊයේ (28) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවේය.

 

unnamed

“නියමු ව්‍යාපෘතිය සඳහා අපිට මධ්‍යම පළාත් සභාවෙන් රුපියල් මිලියන 10ක් ලැබිලා තියෙනවා. වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කරන්න අපි ඉදිරියේදී කටයුතු කරනවා. ඒ සඳහා තව මුදල් හොයාගන්න වෙනවා. මේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව අපිට එහි ඇති අඩුපාඩු හඳුනාගෙන අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්.

මේ සාකච්ඡා සඳහා ප්‍රදේශයේ ගොවි ජනතාව සම්බන්ධ කරගත්තා. ඒ අය කියපු දෙයක් තමයි මේ රිලවුන් දූපත්වලට ගිහිල්ලා දැම්මත් ආහාර හිඟවන විට නැවතත් පිහිනා ගොඩබිමට පැමිණෙන බව. මේ පාර එහෙම වෙන්නේ නෑ. අපි අනිවාර්යයෙන්ම මෙයාලට පිටතට එන්න බැරි වෙන්න දූපත වටා විදුලි වැටක් ස්ථාපිත කරනවා. මේක ලංකාවටම හරියන උත්තරයක් නෙවෙයි.

නමුත් මේ ව්‍යාපෘතිය හරහා ඒ ඒ පළාත්වලට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරලා මේක දිගටම කරනවා. ප්‍රථම වශයෙන් රිලවුන්ගෙන් වන හානි අවම කරන්න තමයි අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ. ඊට පස්සේ මොණරුන්, වල් ඌරන්, දඬු ලේනන්, ඉත්තෑවුන් වැනි සතුන් පිළිබඳ අවධානය යොමු කරනවා. ඒ ඒ සතුන් සඳහා වෙන් වෙන් වශයෙන් ක්‍රමවේද යොදා ගන්න වෙනවා. අපි මෙහිදී කිසිම ආකාරයකින් සතුන්ට හානියක් කරන්නේ නෑ”



පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයක් මතුවෙමින් තිබේ.

ඒ අතර Don Supz ෆේස්බුක් පිටුවේ පළවූ සටහනක් මතු පළවේ.


486951018 10162338718041327 4615596589054050621 n

බෙහෙත් දෙන්න ඕන තත්වයක්....

නිව්ස් එක තිබුනෙ ජගත් මනුවර්ණ නුවර රිලවුන්ට වෙන් කරපු දුපත බලන්න යන ගමන් කියලා. සිරාවටම කියන්නෙ, මේ රිලවුන්ට දුපතක් වෙන්කරනවා කිව්වම මුලින් හිතුවේ නිකන් කටට ආපු පලියට කිව්ව ජෙප්පන්ගෙ ග්‍රාම්‍ය ලෙවල් එකේ ගැලරි ආතල් එකක් කියලා. දැන් මේ දුපත් නිරීක්ෂන චාරිකා යන ලෙවල් එකට ඇවිත් කියන්නෙ බෙහෙත් දෙන්න ඕන තත්වයක්. මට තේරෙන්නෙ නෑ කවුද මුන්ට උපදෙස් දෙන්නෙ, කාගෙන්ද උපදෙස් ගන්නෙ කියන එක.

රිලවු කියලා ව්‍යවහාරයේදි කියන්නෙ මැකාකා ගනයේ වානරයන්ට. ලෝකයේ ඔය මැකාකා විශේෂ 25 කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙනවා. ආසියාව, උතුරු අප්‍රිකාවේ ඉඳන් යුරෝපයට අයත් ජිබ්රල්ටාව දක්වාම ව්‍යප්තියක් පෙන්වන සත්තු. එහෙම දැවැන්ත ව්‍යප්තියක් පවතිනවා කියන්නෙ එක්තරා ආකාරයකින් ඉන්ඩිකේටර් එකක්. ඒ තමයි මුන් පරිණාමයේ සුපිරි මොඩ්ල් එකක් කියන එක. සුපිරි මොඩ්ල් එකක් කියන්නෙ ඇයි ? ඕනෑම තත්වයකට, ඕනෑම පාරිසරික නිකේතනයකට කඩිනම් අනුවර්තන දැක්වීමේ හැකියාව පවතින සත්තු කියන එක. තවත් විදිහකින් කිව්වොත් දමලා ගහන ඕනම දෙයක් තමන්ගෙ වාසියට හරවගන්න පුළුවන් කම.

190425141407 16 jigokundani snow monkey park

දැන් මේ මැකාකා විශේෂ ගත්තම වතුර එක්ක නටන විශේෂ ගනනාවක් ඉන්නවා. සාමාන්‍යයෙන් වානරයො වතුර මඟ හරිනවා. ප්‍රොබොසිස් වඳුරන්ට ඇරෙන්න ලොකුවටම කිමිදීමේ හැකියාව තියෙන ප්‍රිමාටාවා වෙන්නෙ මනුෂ්‍යන්. පොතේ එහෙම තිබුනට හැබැයි මැකාකා විශේෂ ගනනාවක් ඉන්නවා වතුර එක්ක ගනුදෙනු කරන. ජපානේ හොට් ස්ප්‍රින්ග්ස්වල බැහැලා ඉන්න ජපන් රිලවු, නැගෙනහිර ආසියාවේ ව්‍යප්තියක් තියෙන කකුලුවො කන රිලවු ගත්තම නම ගිය පිහිනුම්කාරයො. ඒ ඇරුනම රිලවු පවුලේ වතුර එක්ක හොඳටම සෙල්ලන් කරන්නෙ ලංකාවේ රිලවු.  

ජපන් එකාටයි තායිලන්තෙ පැත්තෙ ඉන්න එකාටයි ඇත්තටම වතුරට බහින්න වෙන්නෙ අවශ්‍යතාව නිසා. ජපන් එකා බහින්නෙ උණුදිය උල්පත් වලින් ශරීරය උණුසුම් කරගන්න. තායිලන්ත පැත්තෙ එකා ආහාර හොයාගන්න වතුරට හුරුවෙලා තියෙනවා.

little monkeys wallpaper preview

හැබැයි... ලංකාවෙ එකා ගන්නෙ තනිකරම ආතල් එකක්. මේක ලොකුවට ඩොකියුමන්ට් නොවුනට දන්න අය දන්නවා ලංකාවේ රිලවු වතුරෙ ගන්න ආතල්.
දැන් ඒක එහෙම තියෙද්දි දුපතක් හදලා රිලවු ඒකට පැටෙව්වම උන්ට එන පලවෙනි ප්‍රශ්නෙ තමයි කෑම සහ ටෲප් අතර වෙන්කරගන්න ඉඩ ප්‍රමාණය. ⁣කොහෙත්‍ම මදි වුන ගමන් විසඳුම වෙන්නෙ අහල ගොඩබිමකට පීනන එක. ඉතින් ආතල් එකට පීනන එකා අවශ්‍යතාවට නොපිහිනා ඉඳීද.

ද්වීතික ප්‍රශ්නෙ එන්නෙ එතනින්. ඔය දුපතෙන් ඕකුන් පිනුවම යන්න වෙන්නෙ අහල ගම්මාන නගර වලට. එතකොට වෙන්නෙ එක තැනක තිබ්බ ප්‍රශ්නයක් විසඳනවා වෙනුවට ඒක විතැන් කිරීම.

හැබැයි මේක විසඳන්න කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ඔය වගේ ලබ්බෙ විසඳුම් යෝජනා කරන එවුන්වත් මනුවර්ණ එක්කම බොට්ටුවේ ගිහින් දුපතට දාලා ආවානන් පාර්ලිමේන්තුවට අඩු තරමේ පක්ෂෙ වැදගත් එකෙක්ව ගන්නත් පුළුවන් වෙනවා වගේම තවදුරටත් ඔය වගේ විසඳුම් යෝජනා වීමත් වැලකෙනවා.


මොනාද ඕයි මේ විකාර ?

(උපුටා ගැනීම අවසන් )
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...