මෙහෙමෙ අහන්නෙ ජනත් පෙරේරා. කාට හරි හිතෙන්න පුළුවන් මේක මහා මෝඩ ප්‍රශ්නයක් කියල. හැබැයි ඔහු නගන තර්කයේ සැලකිය යුතු පාර්ශ්වයකුත් තියෙනවා. ඒ නිසා අපි ඔහු කියන්නෙ මොනව ද, ඔහු එහෙම කියන්නෙ ඇයි කියල ටිකක් විමසා බලමු.
මතු පළවෙන්නෙ ජනත් පෙරේරා ඔහුගේ Facebook පිටුවෙ ලියල තිබුණ සටහනේ උපුටා ගැනීම.
ආණඩුවක් ඇත්තටම පොල්තෙල් බිස්නස් කරන්න ඕනෙ ද ?
අමාත්‍ය චතුරංග අබේසිංහ මැතිතුමා එතුමාගේ FB පිටුවේ සදහන් කරපු සදහනක් තමා BCC Lanka ආයතනයේ Sales වැඩිවෙමින් පවතිනවා ඒක රාජ්‍ය ආයතනයක් විදියට ඉතා හොඳ තත්වයක් කියන එක.
ඔව් රාජ්‍ය ආයතනයක පාඩු නොලබනව නම් ඒක ඉතා හොඳ තත්ත්වයක් Sri Lankan එක වගේ වෙන්නෙ නැතුව.
නමුත් ඇත්තට ම කජු විකුණන්න, පොල්තෙල් විකුණන්න, බත් විකුණන්න, යෝගට් විකුණන්න ඇත්තට ම රජයක් විසින් කරන්න ඔනේද ?
මතු පිටින් බැලුවම අපිට පේන කාරණයක් තමා මේ විකුණුම් ඉහළ යෑම ඉතා හොඳ තත්ත්වයක් කියලා නමුත් අපිට කියන්න පුළුවන්ද මේ උපරිම කාර්යක්ශමතාවයකින් වෙන වැඩක්ද කියලා.

*භූමියත් රජයට අයිතියි; ඒ කියන්නේ ඔයාගෙයි මගෙයි රටේ හැමෝගෙම,
*ශ්‍රමයටත් පඩි ගෙවන්නේ ඔයාගෙන් මගෙන් එකතු කරන බදු සල්ලිවලින්
*ඒ වගේම ඔය නිෂ්පාදනවලට ගහන බද්දත් නැවත ගෙවලා මිලදී ගන්නත් ඔනේ අපිමයි .
*අන්තිමට මේවගේ බිස්නස් පාඩු උනාට පස්සෙත් ඒ පාඩු පියවන්නත් ඔනෙ අපිමයි. මට නං ඒකේ බර අවුලක් පේනවා. පොල්තෙල් හදනවා වගේ සිල්ලර වැඩ රජයක් කරන්න ඔනෙද ?
මේවා හරියට මහාචාර්යවරයෙන් පහ වසරෙ ශිෂ්‍යත්වය ලියනවා වගේ වැඩ.

වෙළදපළ තුළ තියන තරගකාරීත්වය බිඳ වැටෙනවා නිෂ්පාදකයින් අධෛර්මත් වෙනවා. ඒකාධිකාරි ගොඩ නැගෙන්නෙ වෙළදපළ මාෆියාවන් බිහිවෙන්නේ තරගකාරීත්වයක් නැති තැන යි. ක්‍රමෙයන් කුඩා ව්‍යාපාර වැහෙන්න වැහෙන්න මහා පරිමාණ ව්‍යාපාර වෙළදපල ආක්‍රමණය කරනවා කාලයක් යනකොට අර රාජ්‍ය බිස්නස් එකත් බංකොලොත් වෙනවා සම්පුර්ණයෙන් ම වෙළදපළ ඊට පස්සේ ඒකාධිකාරියක් වෙනවා.

අනික තමා වක්‍ර බදු අඩු කරනවා සහ භාණ්ඩාගාරෙට ලාබාංශ දෙනවා කියන එක බදු හරා තමා භාණ්ඩාගාරෙට මූලික වශයෙන් මුදල් ලැබෙන්නේ බදු නැතුව ලාබාංශ දෙනවා කාරණය එච්චරම පැහැදිලි නෑ. ඒ කෙසේ වෙතත් රටේ පවතින සෑම ව්‍යාපාරක් ම රටේ භාණ්ඩාගාරයට 30% සෘජු ලෙස ලාභාංශ ගෙනවනවා. බදු වශයෙන් තවත් විවිධ බදු මගින් තවත් ගෙවනවා. බොහොම පහසුවෙන් අය කරගන්න පුළුවන්කම තියෙද්දි පොල්තෙල් විකුණ විකුණ, කජු කඩ දාගෙන ඉන්න එක හරිම අපූරු ආර්ථික මොඩල තමා.
මතක ද පසුගිය රජය (ගෝඨාභය රජය) දුර දිග නොබලා ගත්තු ආර්ථික තීන්දු තීරණ...? අපි ඒ තීරණ එළියෙ මහත් උත්කර්ශයට නංවපු, ඒවා ක්‍රියාත්මක කරපු පාලකයන්ට පලු යනකං බැන්නා ඔවුන්ව දේශපාලනයෙන් අයින් කරා. නමුත් ඒ තීන්දු තීරණ ගන්න මුල බීජ සපයපු ඒවා කරන්න කියලා අනුබල දීපු අය අදටත් කිසි ප්‍රශ්නයක් නැතුව ඒයාලගෙ වැඩ ටික කරගෙන යහතින් ඉන්නවා .
ආණ්ඩුවක් බිස්නස් නොකළ යුතුයි; කලයුත්තේ බිස්නස් කරන අයට බිස්නස් ලේසියෙන් කරන්න වට පිටාවක් හදන එක. ඒකට අවශ්‍ය යටිතල පහසුකම්, නීති රාමුව, ප්‍රාග්ධනය, භූමිය සහ තාක්ෂණය නිදහසේ බාධාවලින් තොරව ලබාගැනීමට අවශ්‍ය ව්‍යුහ හදන්න එක.
ආණ්ඩුවේ ප්‍රධාන රාජකාරීය ක්‍රීඩකයා වීම නොව විනිසුරු හෝ තීරකයා වීමයි. එමෙන්ම අපක්ෂපාතී, විනිවිධභාවයෙන් යුක්ත ගෞරවාන්විත සෘජු තීරණ ලබා දිය යුතුයි . ඒකට තමන් බිස්නස් කර කර අනුන්ගෙ බිස්නස් තමන්ට පාලනය කරන්න යන්න බෑ. ඒකෙන් අයින් වෙලා හැමෝට ම තරග කරන්න පුළුවන් සම භූමියක් දෙන්න ඕනේ.

බිස්නස් එකක් කරලා ලාබ ලබන එක හොඳ වැඩක්. ඒක ගැන අපි සතුටු වෙන්න ඔනේ. නමුත් රටක සංවර්ධනය හා ආර්ථිකය කියන අතිවිශාල පින්තූරය දිහා බැලුවොත් ඒක එක පුංචි පින්සල් පාරක් පමණයි.
ආණ්ඩුවකට බෑ පටු සිල්ලර වෙන්න; ඔවුන් දැවැන්ත මහා රූපය දෙස බැලිය යුතුයි . නැතහොත් අනාගත සැලසුම් කියන්නේ ඡන්දෙ කාලෙට තැන තැන බෙදන වචන අච්චු ගහපු නිකම්ම නිකං කොළකෑල්ලක් විතරක් වෙනවා.
Assistant Manager (Communication) - Advocata Institute
janath@advocata.org
සබැඳි ලිපි :
ආණ්ඩුවේ කෑම කඩ : මේ බෙදන්න හදන්නේ අපේ බදු සල්ලි නේද ?



