The Leader News
BREAKING
Top Ad
Opinion

ජනාධිපති අනුර උර දී තිබෙන විප්ලවය කුමක්ද? | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

April 6, 2025 • 5:13 PM

ජනාධිපති අනුර උර දී තිබෙන විප්ලවය කුමක්ද? | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවට ඉදිරියට යන්නට සිදුවන්නේ එක පැත්තකින් නව ලිබරල් ප්‍රතිසංස්කරණ සමගය.
  • දී ශ්‍රී ලංකාවට හා 2024දී බංග්ලාදේශයට කළ අන්දමේ දෙයක් මෝදිගේ නායකත්වයෙන් යුත් ඉන්දියාවට කිරීමට ජාත්‍යන්තර හා දේශීය බලවේග අසමත් වුවහොත් ඉන්දියාව ලොව ප්‍රමුඛ බලවතකු බවට පත්වීම වැළැක්විය නොහැකිය.
  • මෙම සංදර්භය තුළ ලංකාවට තිබෙන්නේ සිංහල-බෞද්ධ ජාතිකවාදය රැකගෙන ආර්ථික වශයෙන් ඉන්දියාවේ අනුබද්ධයක් බවට පත්වීමේ අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමයි.
  • එහෙත්, ලංකාව ඉතා ඉක්මනින් පුළුල් සංදර්භයක ස්ථානගත වී දෙරට අතර වින්-වින් තත්වයක් නිර්මාණය වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

නැත.

ලංකාවට ඉදිරියට යන්නට සිදුවන්නේ එක පැත්තකින් නව ලිබරල් ප්‍රතිසංස්කරණ සමගය. අනෙක් පැත්තෙන් ඉන්දියාවත් සමගය. දකුණතින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අත අල්ලා ගන්නා අතර වම් අතින් අල්ලාගන්නට සිදුවන්නේ ඉන්දියාවේ සුළැඟිල්ලය.

2022දී ශ්‍රී ලංකාවට හා 2024දී බංග්ලාදේශයට කළ අන්දමේ දෙයක් මෝදිගේ නායකත්වයෙන් යුත් ඉන්දියාවට කිරීමට ජාත්‍යන්තර හා දේශීය බලවේග අසමත් වුවහොත් ඉන්දියාව ලොව ප්‍රමුඛ බලවතකු බවට පත්වීම වැළැක්විය නොහැකිය.


මෙම සංදර්භය තුළ ලංකාවට තිබෙන්නේ සිංහල-බෞද්ධ ජාතිකවාදය රැකගෙන ආර්ථික වශයෙන් ඉන්දියාවේ අනුබද්ධයක් බවට පත්වීමේ අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමයි. ලංකාව හා ඉන්දියාවත්, තවත් රාජ්‍යයනුත් අතර දකුණු ආසියාතික සහසන්ධීය රාජ්‍යයක මාවතකට පිවිසීම සඳහා ප්‍රතිසංස්කරණ අවශ්‍යය. එහිදී ඉන්දීය දේශපාලන, ආර්ථික, සමාජ ආධිපත්‍යය පිළිගැනීම අනිවාර්ය සාධකයකි.


මුලදී මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ ඉන්දියාවට වාසිදායක වීම වැළැක්විය නොහැකිය. එහෙත්, ලංකාව ඉතා ඉක්මනින් පුළුල් සංදර්භයක ස්ථානගත වී දෙරට අතර වින්-වින් තත්වයක් නිර්මාණය වනු ඇත.

එවැනි විප්ලවීය ක්‍රියාමාර්ගයකදී ජනවාර්ගික වශයෙන් ගත් කල දෙමළ, මුස්ලිම් කොටස් එයට පහසුවෙන් අනුගත වනු ඇත. ශ්‍රී ලංකාව ජාතික වශයෙන් ආරක්ෂා කරගැනීම අනිවාර්යයෙන්ම පැවරෙන්නේ සිංහල බෞද්ධයන්ටය.

රටට මේ මොහොතේ අවශ්‍ය ප්‍රතිසංස්කරණය අතීතය පිළිබඳ හෘදය සාක්ෂියකින් තොරව රනිල්ටත් වඩා හොඳින් කළ හැකි නායකත්වයක් ලැබී ඇත.

 

එවැනි ප්‍රතිසංස්කරණයක් ජවිපෙ වැනි පක්ෂයකට සිදුකළ හැකි යයි මම නොසිතුවෙමි. එයට මූලික හේතුව වන්නේ අතීතයේ ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහිව යයි කියමින් ලංකාවේ ජීවිත දහස් ගණනක් බිලිගැනීමට මග සැකසීමේ හෘදය සාක්ෂිය ජවිපෙ නායකත්වයට බලපානු ඇතැයි මා සිතූ බැවිනි. එහෙත්, මෙම ප්‍රතිසංස්කරණය නොමැතිව ලංකාවට ඉදිරියට යාමට නොහැකිය.

 

අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වත්මන් ජවිපෙ නායකත්වයත්, ඔවුන් විසින් අලුතින් කරලියට ගෙනැවිත් තිබෙන ලිබරල් බලවේගයත් මෙම ප්‍රතිසංස්කරණය තමනට සිදුකළ හැකි බව ප්‍රබලව පෙන්නුම් කරමින් සිටිති.  

මෙම ප්‍රතිසංස්කරණයත් සමග දශක ගණන් බලය රැකගැනීමේ සිහිනය සමපාත කරගැනීමට දුෂ්කර වුවත්, ආක්‍රමණශීලී ලෙස මෙම මාවතේ ගියහොත් ඇතැම් විට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට දෙවන වරටත් පත්වීමට පවා හැකි වන්නට පුළුවන.

සිංහල ජාතිකවාදී බලවේගයෙන් අභියෝගයක් එල්ල වුවත්, දෙමළ, මුස්ලිම් හා ඉන්දීය සහයෝගය ඔහුට ශක්තිමත් පදනමක් සපයන්නට ඉඩ තිබේ.

එදා ජවිපෙ දිවි හිමියෙන් විරුද්ධ වූ ඇතැම් දේ මෙතරම් පහසු වෙන් සිදු කරනු ඇතැයි අප සිහිනෙකින්වත් සිතුවේ නැත.


මෙය මේ මොහොතේ අනිවාර්යයෙන් කළ යුතුය. එහෙත්, අනාගතයේදී සිංහල-බෞද්ධ දේශපාලනයේ පදනම වන්නේ මෙම ප්‍රතිසංස්කරණයට විරුද්ධ වීමයි. එය ද වැළැක්විය නොහැකිය. එහෙත්, ආපසු හැරවිය නොහැකිය.


Ajith parakum jaya(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(උපුටා ගැනීම - praja)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...