The Leader News
BREAKING
Top Ad
Opinion

කේමදාස මාස්ටර් සමග ඇතිවූන ගැටුම්කාරි තත්වයක් විසදා ගත්තු හැටි ..| සංගීතවේදී දිනේෂ් සුබසිංහ

T

The Leader Desk

April 7, 2025 • 7:38 AM

කේමදාස මාස්ටර් සමග ඇතිවූන ගැටුම්කාරි තත්වයක් විසදා ගත්තු හැටි ..| සංගීතවේදී දිනේෂ් සුබසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාලේ වෙද්දී මම මෙහෙයවපු Dee R Cee මෙම්බර්ස් කණ්ඩායම ලංකාවේ ප්‍රසිද්ධ වෙද්දී, සංගීත කටයුතු අධික වෙද්දී, ජනප්‍රිය කම ටිකක් එද්දි තරමක් මට අපහසු වෙනවා බස් රථ වල කොලඹ යන්න.
  • ඒ කාලේ එතුමා දෛනිකව පටිගත කිරීමකට ගෙවන්නේ රුපියල් 4500 පමණ, එය ලංකාවේ වාදක සංගමයේ ඇස්තමේන්තු ගනන.
  • මම van රථයක කොලඹ යන්න, ගිහින් හවස එන්න ඒ කාලේ මට වියදම් වෙනවා රුපියල් 4500, හරියටම පටිගත කිරීමට ලැබෙන මුළු මුදල Transport වලට ගෙවලා මම ගෙදරින් බහිනවා.
  • ඒ සනත් ගුණතිලක මහත්තයාව - එකමත් එක රටක චිත්‍රපටයේ පසුබිම් සංගීතය සමහර කොටස් වගයක් මට කියලා කර ගන්න කියලා එතුමා සනත් අයියට කියලා, මේක කර ගන්න ඔහු ආවා මීගමුවට.
අකුරු ප්‍රමාණය (Font Size):

2005-2006 කාලේ වෙද්දී මම මෙහෙයවපු Dee R Cee මෙම්බර්ස් කණ්ඩායම ලංකාවේ ප්‍රසිද්ධ වෙද්දී, සංගීත කටයුතු අධික වෙද්දී, ජනප්‍රිය කම ටිකක් එද්දි තරමක් මට අපහසු වෙනවා බස් රථ වල කොලඹ යන්න.

ඒ කාලේ එතුමා දෛනිකව පටිගත කිරීමකට ගෙවන්නේ රුපියල් 4500 පමණ, එය ලංකාවේ වාදක සංගමයේ ඇස්තමේන්තු ගනන.

මම van රථයක කොලඹ යන්න, ගිහින් හවස එන්න ඒ කාලේ මට වියදම් වෙනවා රුපියල් 4500, හරියටම පටිගත කිරීමට ලැබෙන මුළු මුදල Transport වලට ගෙවලා මම ගෙදරින් බහිනවා.

දවස් කීපයක් මාස්ටර්ගෙ හිත රිද්දන්න බැරි නිසා කරලා මම මාස්ටර් ට කිව්වා ප්‍රශ්නෙ.

 

samantha perera amarasiri peiris

මම ඇහුවා මට දෙන මුදල වැඩි කරන්න පුළුවන් ද කියලා.

මාස්ටර් කියනවා අනේ දිනේෂ්, අමරසිරි පිරිස්, සමන්ත පෙරේරා වගේ අයට ගෙවන්නේ ඔය ගනන, ඊට වඩා සත්‍යයක් වත් වැඩි කලොත් මට ඔක්කෝටම උත්තර දෙන්න වෙනවා, ඒක නිසා බැ කියලා කිව්වා.

මට ඒ වෙලාවේ හිතට අවුල් වුණත් ටික වෙලාවක් ගිහින් අපි තුල ඉන්න කලකිරීම් ගෙනෙන මිනිහා නැති වෙද්දී ප්‍රඥාව උත්තරයක් ගෙනාවා මගෙ මනසට.

මට මතක් වෙන්නේ කේමදාස මාස්ටර් ගෙන් මට අදුන ගන්න ලැබුණු යුග පුරුෂයින්.

 

ජීවිතයේ අනියත බව පිළිබඳ ගීත සහ පණ්ඩිත් අමරදේව...!!
විශේෂයෙන්ම අමරදේව මාස්ටර් වගේ අයට අපි මචන් ' වගේ වෙලා අපිට එතුමන්ලා විහිළු තහළු කරන ඇසුර ලැබෙන්න ගත් විඳිය.

රටේ ඉන්න ඉහල පෙලේ මහා නිලධාරීන් බොහෝ අය හිතවත් වුණ විඳිය.

මට බොහෝ උසස් අයගේ විශ්වාසයක් දිනා ගැනීමට හැකි වුන විඳිය.

ඔවුන් කාලයක් යද්දී කියන්න ගත්තා මම මාස්ටර් එක්ක ඉන්න හොඳම සංගීත වේදියකු කියලා.

මම හිතුවා මුදල් පාඩුවට වඩා අර වාසිය මට හොඳයි, මාස්ටර්ගෙ හිත රිදෙන්නේ ත් නැහැ, මම දිගටම මාස්ටර් ට සහාය දෙනව කියලා.

කේමදාස මාස්ටර්ට එක කාලයක් එනවා මාව අත්‍යවශ්‍ය වෙන. එතුමා මාගෙන් අහනවා Call කරලා දිනේශ් ඔයා ඉන්න දවස කියන්න, මට Recording එක දා ගන්න කියලා.

එහෙම කාලෙකදි මම කවමදාවත් එතුමාට Demand කලේ නැහැ.

මම හදවතින්ම උපරිම සහය දුන්නා.

 

කේමදාස නම් ඔහු ...( ඇටමැස්සා 102)
මෙහෙම ඉද්දි මාස්ටර් අසනීප වෙලා, එතුමා මට project එකක් එව්වා.

ඒ සනත් ගුණතිලක මහත්තයාව - එකමත් එක රටක චිත්‍රපටයේ පසුබිම් සංගීතය සමහර කොටස් වගයක් මට කියලා කර ගන්න කියලා එතුමා සනත් අයියට කියලා, මේක කර ගන්න ඔහු ආවා මීගමුවට. මම job එක කෙරුවා උපරිම.

එතැන ඉඳලා සිනමා කරුවන් අතර සහ මාධ්‍ය නිලධාරීන් අතර මම ගැන මහා වටිනා කමක් ගොඩ නැගෙන්න ගත්තා.

ඔය වෙද්දී මම කේමදාසයින්ගෙ පටිගත කිරීම 100 විතර ගිහින් මම සේරම සල්ලි කුලී රථ වලට ගෙවලා, රුපියල් ලක්ෂ 4 කට වැඩියි.

 

ඔහොම යද්දී දවසක් නිශ්පාදක වරයෙක් මට ගෙනාවා වැඩ 3 ක්. ඔහු කියනවා ඔයාව මට recommend කලේ අහවල් නාලිකාව, එයාල කෙලින්ම කිව්වා ඔයා ප්‍රේමසිරි කේමදාස මාස්ටර් එක්ක හිටියා කියලා. කියන්න තියෙන්නෙ එහි මට ලැබුණු ශුද්ධ ලාභය ලක්ෂ 5 පමණ.

අර වාහන වලට ගිය මුළු මුදලම මාස්ටර් නිසාම ආපහු ලැබුණේ දවස් කීපයක් ඇතුලත project 3 කින්, මහා ගෞරවයක් සමග.

කියන්න තියෙන්නෙ දවසට ලැබෙන සල්ලි ගැන හිතුවොත් අවුරුදු ගාණක් සල්ලි ලැබෙන Brand flew එක නැති වෙනවා.

නැති වෙන්නේ මිලියන ගණනක්.

බුදු දහමේ එන රත්තරං කිකිළි ගෙ කතාව කියවන්න, මිනිස්සු දන්නේ flew එක හදන්න නෙමෙයි, කිකිළිව මරාගෙන කන්න.

 

blessing

ශාස්තෘවරු වගේ උතුම් අය ආපු දවසට එයාලගෙන් මොනාහරි ගලවලා ගන්න එපා. ආශිර්වාදය සහ reccomandation එක නොහොත් නියත විවරණය ගන්න, මම ගත්තෙ ඔහු මට දුන් තක්සේරුව විතරයි.

මට අමාරු වෙලාවේ තිබුනේ ප්‍රඥාව, මිස මෝඩ attitude, රැඟිලි නෙමෙයි.

කාටවත් පාඩම් උගන්නන්න පිස්සු නෙමෙයි.

අදත් හෙටත් ප්‍රඥාවෙන් මම ගත්තු තීරණය නිසා මහා ලාභයක් මටත් ගොඩ දෙනෙක්ටත් එනවා.

සිල්ලර සල්ලි නෙමෙයි සමාජයක් බබලවන්න ඕන, business flew එක, ප්‍රඥාව.

මේවා  බණ පොත් වල විතරක් තියෙන කතන්දර නෙමෙයි.

 

5f368dbbe7440d823fe43a86 5e0eca40df643329791dd1e9 AdobeStock 98806821

මම දන්න එක දෙයක් කියන්නම් අන්තිමට. මහා ලාභයක්, ගෞරවයක් ගන්න අවශ්‍ය එකම ගුණය තමයී 'කෘතගුණ' සලකන ගුණය, Gratitude,

මේ මුළු පෝස්ට් එකේම තියෙන එකම දේ එච්චරයි

dinesh subasinghe(සටහන - සංගීතවේදී දිනේෂ් සුබසිංහ )

Dinesh Subasinghe ගේ ෆේස්බුක් පිටුවෙන්....



 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...