එහෙම ජනගහනය අඩුවෙන්න බලපාන හේතු මොනවා ද සහ ජනගහනය අඩුවීම හේතුවෙන් රටක් විදියට අපි මුහුණ පාන ගැටලු මොනව ද යන්න පිළිබඳව ජනනාත් පෙරේරා ඔහුගෙ facebook වෝලයේ සටහනක් තබා තිබුණා.
මතු පළ වන්නේ ඔහු තබා තිබූ සටහනයි.

ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධනය අඩු වෙමින් පවතී. 2024 සංගණන ප්‍රතිඵලය අනුව 0.5% වර්ධනයක් පමණයි එම වර්ෂයේ වාර්තා කරලා තියෙන්නේ. වාර්තාව තුළ මෙයට නිශ්චිත කරුණක් දක්වන්නෑ . නමුත් මේ ආකාරයට රටක ජනගහන වර්ධන වේගය අඩුවීමට කරුණු කීපයක් ම බලපාන්න පුළුවන්.
* අඩු සාඵල්‍යතා තත්ත්ව (low fertility rates)
* අඩු උපත් අනුපාතය (ආර්ථික අර්බුද හේතුවෙන් දරුවන් සෑදීම අඩු වීම)
* වැඩි මරණ අනුපාතය (වසංගත තත්ත්ව)
* සංක්‍රමණ වැඩි වීම

මෙමගින් ඉදිරියට පැමිණීමට නියමිත අර්බුද කීපයකට අපට රටක් විදියට මූණදෙන්න සිද්ධවේවි කියලා පුරෝකතනය කරන්න පුළුවන්. ජනගහන වර්ධනය ක්‍රමයෙන් අඩු වීම සෘජු ලෙසම අපගේ රැකියා වෙළදපලට බලපානවා. අපේ ශ්‍රම බලකාය ක්‍රමයෙන් අඩුවීමට හැකියි කියලා අපිට බැලූ බැල්මටම පෙනෙන කාරණයක්. එමගින් අපි බලාපොරොත්තු වන ආර්ථික වර්ධනය යෑමට හැකි වේවිද කියන එක ප්‍රශ්නාර්ථයක්.
ඒ වගේම රටේ ජනගහනයෙන් වැඩි පිරිසක් වැඩිහිටියන් බවට පත්වීම හා ඔවුන්ව බලාකියා ගැනීමට තරුණ ශ්‍රම බලකායට සිදු වනු ඇත. මේ හේතුවෙන් රටේ ශ්‍රම බලකාය වර්ධනය කිරීමට අවශ්‍ය නීති රීති නැවත සකස්කළ යුතු ය. සමහර විට විදේශ ශ්‍රමය ආකර්ෂණය කරගැනීමට සිදු වනු ඇත. එමෙන් ම අපගේ වැඩිහිටි ජනතාව බලාගැනීමට අවශ්‍ය යටිතල ව්‍යූහයන් වර්ධනය කර ගැනීමට සිදු වනු ඇත.

අප ආර්ථික අර්බුදය ණය අර්බුදය සමග පැමිණෙනු ඇති බව කිව්වේ 2019 දී ය. මෙම අර්බුදය ද ක්‍රමයෙන් පැමිණෙන බවට අපි නිරන්තරව සදහන් කරලා තියනවා . රටක් විදියට අපි මේවාට සූදානම් විය යුතුයි. ආර්ථිකයට පැමිණෙන මෙවැනි කම්පනවලට ඔරොත්තු දීමට හැකි ආර්ථික ප්‍රතිසංස්කරණ ඉතා ඉක්මනින් සිදු කළ යුතු ය.(වචන | ජනත් පෙරේරා)
Assistant Manager (Communication) - Advocata Institute
janath@advocata.org



