The Leader News
BREAKING
Top Ad
Opinion

ලෝකය අනික් පැත්තට හරවා කණපිට ගැසිය යුතුය...

T

The Leader Desk

September 20, 2025 • 5:04 AM

ලෝකය අනික් පැත්තට හරවා කණපිට ගැසිය යුතුය... 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චතුරංග අබේසිංග සහ ජගත් මනුවර්ණ කියන මාලිමාවේ දෙන්න වසන්ත සමරසිංහගේ වත්කම් වෙනුවෙන් පෙනී සිටින්න ගිහිල්ල අමුතු කතාවක් ගොඩනගනවා.
  • මම කිව්වේ ජවිපෙ ඇතුලේ ඉන්නේ සහ ඉන්න ඕනි සල්ලි බාගේ නැති හිඟන්නෝ නෙවෙයි කියල.
  • යම් දේපලක් තිබ්බ මිනිස්සු ඒක ඇතුලේ හිටපු බව මම දන්නා නිසා සහ එහෙම තවත් අය ඉන්න පුළුවන් කියන උපකල්පනය තමයි මම එතන පාවිච්චි කළේ.
  • සහ ධනවාදය ඇතුලේ නොනැසී පවතින්න (survival) මුදල් ඕනි කියන එක තවත් හේතුවක්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

චතුරංග අබේසිංග සහ ජගත් මනුවර්ණ කියන මාලිමාවේ දෙන්න වසන්ත සමරසිංහගේ වත්කම් වෙනුවෙන් පෙනී සිටින්න ගිහිල්ල අමුතු කතාවක් ගොඩනගනවා. ඒක මම කතාකරපු දේට වෙනස් දෙයක්. මම කිව්වේ ජවිපෙ ඇතුලේ ඉන්නේ සහ ඉන්න ඕනි සල්ලි බාගේ නැති හිඟන්නෝ නෙවෙයි කියල. යම් දේපලක් තිබ්බ මිනිස්සු ඒක ඇතුලේ හිටපු බව මම දන්නා නිසා සහ එහෙම තවත් අය ඉන්න පුළුවන් කියන උපකල්පනය තමයි මම එතන පාවිච්චි කළේ. සහ ධනවාදය ඇතුලේ නොනැසී පවතින්න (survival) මුදල් ඕනි කියන එක තවත් හේතුවක්. ඒ සටහන් පහල ඇති. කියවන්න.

 
හැබැයි චතුරංග - මනුවර්ණ තියරිය වෙනස් එකක්. එයාල කියන්නේ අතේ තියෙන තඹ සතයක් පොදු දේශපාලනය වෙනුවෙන් යොදවන්න ඕනි නැහැ කියන එක. එහෙම උනාම ඒවායේ ඇරියස් ඉල්ලනවා කියන එක.
 
jagath chaturangaචතුරංග අබේසිංග සහ ජගත් මනුවර්ණ
හැබැයි තමන්ගේ තිබ්බ සහ තියෙන සත දෙක වියදම් කරලා වමේ හෝ දකුණේ දේශපාලන කරලා සමහර විට බංකොලොත් වෙච්ච දේශපාලනඥයෝ ඉන්නවා. ඉඩම් කඩම් විකුණලා දේපල නැතිකරගත්ත දේශපාලනයට අනුරාගික වෙච්ච මිනිස්සු ඉන්නවා. ඇරියස් ඉල්ලන්නේ නැති. එතකොට එයාල... 

කොතලාවල, ජයවර්ධන වගේ අය ඉන්නවා තිබ්බ දේ සමාජයට දීපු. එයාල...
 
සහ දේපල පැත්තකින් තියන්නකෝ. ජවිපෙ වෙනුවෙන් අනුරාගිකව (සහ වම වෙනුවෙන් අනුරාගිකව) ජීවිතේ දුන්න මිනිස්සු ඉන්නවා. ඇරියස් ඉල්ලුවේ නැති. ජවිපෙ විරුවෝ හැටියට එයාල සමරනවා. අප්‍රේල් විරුවන්. එතකොට එයාල...

ආයේ තවත් සමහරු කියනවා වසන්තට සල්ලි තිබ්බ නිසා එයා තමයි කැම්පස් ඉන්න කාලේ අපිටත් වියදම් කළේ කියල. ඒ පෞද්ගලික ධනය නේ. එතකොට...
 
National People's Power (NPP) party's presidential candidate Anura Kumara Dissanayaka (C) arrives at a polling station to cast his ballot during voting in Sri Lanka's presidential election in Colombo on September 21, 2024. Cash-strapped Sri Lanka began voting for its next president September 21 in an effective referendum on an unpopular International Monetary Fund austerity plan enacted after the island nation's unprecedented financial crisis. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

2024 අනුර දිනපු ජනාධිපතිවරණේ වෙනුවෙන් අපේ කැම්පස් එකේ කට්ටිය තමන්ගේ සතේ වියදම් කරගෙන, වාහන වලට තමන්ගේ අතින් තෙල් ගහගෙන වැඩ කරනවා මම දැකල තියනවා. රත්නපුරේ ඈත ගම්වලට යනවා මම දැකල තියනවා. කිසිම ජයග්‍රහණයක් දකින්න නැතුවත් මිනිස්සු ස්වෙච්චාවෙන් වැඩකලා. සමහර වෙලාවට පක්ෂෙන් සල්ලි දුන්නද දන්නේ නැහැ. නමුත් මම නම් එහෙම අහල නැහැ. අමාරුවෙන් කරනවා කියල තමයි ඇහුවේ. ඒක එයාල දැම්මේ වම වෙනුවෙන් කරන 'උත්තරීතර කැපකිරීමක්' ප්‍රවර්ගයට. 
 
කැපකිරීම කියන්නේ ආදරයේ සංකේතයක්. පරිත්‍යාගය කියන්නේ ශිෂ්ටත්වයේ ක්‍රියාවක්. ඒක දේවත්වය එක්කත් සමකරනවා. මාක්ස්වාදය මේ නිසා 'කැපකිරීමේ ආර්ථිකය' (economy of sacrifice) කියල වචනයකුත් හඳුන්වලා දෙනවා.
marixm
වමේ දේශපාලනයට උත්තරීතර බවක් ආදේශ වෙන්නෙත් මෙන්න මේ කැපකිරීමේ ආර්ථිකය නිසා. ඒක ආගමික දෙයකට සමානයි කියල සමහරු කියනවා.
 
'මිනිස් පැවැත්මේ සත්‍යම සාරය සහ සතුට යනු අප සතුව ඇති සියලු සම්පත් ඔහේ කිසිම වැඩක් නැති දෙයක් වෙත විසිකිරීමය. ඇතුලාන්තයේ ඇති තුවාලයකින් පිටතට ලේ ගලන්නා සේ ලෝකය අනික් පැත්තට හරවා කණපිට ගැසිය යුතුය'.
 
Bataille, Georges. (1986). Erotism: Death and Sensuality. San Francisco: City Light Books.
 
 
Mahesh Hapugoda 
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...