සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ, අදාල ඇමතිවරයාගේ දියණිය පාසල් යාමට අකමැති බව සඳහන් කර ඇති බවයි.
එනිසා එම දැරිවියට කවුන්සලින් දීමටත් සිදුවන බවද ඔහු තවදුරටත් එහි සඳහන් කර ඇත.
දුවගේ කොටහළු මගුලට ලැබුනු සල්ලි හේවගේ බැංකු පොතේ දාලා... ඒක වත්කමක් විදිහට දන්වලා!
තම බැංකු ගිණුම් සහ ඉඩම්වලට අදාළ වත්කම් පිළිබඳව පළවූ වාර්තා සම්බන්ධයෙන් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදු කර ඇත.
තම බැංකු ගිණුම්වල ඇති රුපියල් ලක්ෂ 22ක මුදල, අවුරුදු 9 ක් වයසැති ඔහුගේ දරුවා වෙනුවෙන් පැවැත්වූ උත්සවයකට පැමිණි ජනතාව ලබා දුන් මුදල් බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ එහිදී කියා සිටියේය.
එම උත්සවයට ජනතාව ලබාදුන් මුදල් ප්‍රමාණය පිළිබඳ වාර්තා තමා සතුව ඇති බව පෙන්වාදුන් නලින් හේවගේ පවසන්නේ, අවශ්‍ය ඕනෑම අයෙකුට පැමිණ මේ පිළිබඳව විමසා බැලිය හැකි බවත්, එම මුදල් තිබූ ලියුම් කවර පවා තවමත් නිවසේ ඇති බවත් ය.
දේශපාලනයට පිවිසීමට පෙර තමන් සිය වත්කම් අත්පත් කරගත් බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.
“අපි හිඟන මිනිස්සු නෙවෙයි” යනුවෙන් පැවසූ නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා, තමන් දේශපාලනයට පිවිසීමට පෙර උපාධියක් සම්පූර්ණ කර රජයේ ගුරුවරයකු ලෙස සේවය කළ බවත් එම කාලය තුළ මෙම පර්චස් 10ක ඉඩම මිලදී ගත් බවත් එහිදී කියා සිටියේය.
ඒ පිළිබඳව අදහස් දැක්වු නලීන් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා,
“ මමත් දැක්කා මගේ වත්කම් සම්බන්ධයෙන් සඳහන් වෙනවා බැංකු ගිණුම්වල ලක්ෂ 22ක් තියෙනවා. ඉඩමට ලක්ෂ 24ක් තියෙනවා කියලා. මගේ ඒ ලක්ෂ ගාණ හම්බුණේ කොහොමද කියලා මම ගෙනාවා.
මේ ජනවාරි 01 වැනිදා එයා ඉන්නේ 09 වසරේ පොඩි උත්සවයක් තිබුණා. ඒ උත්සවයට ජනතාව දීපු මුදල් ප්‍රමාණය මේ පිටුවල මම ඔක්කොම සඳහන් කරලා තියෙනවා. ලක්ෂ ගාණක් හම්බෙච්ච ටික තියෙන්නෙ ඒ මුදල් ටික. ඕනේ කෙනෙක්ට ඇවිත් බලන්න පුළුවන්. ඒ දරුවගේ මුදල් ටික තමයි මම මේ බැංකුවේ දාලා තියෙන්නේ. මේවයින් හම්බවෙච්ච ලියුම් කවර ටිකත් තාම ගෙදර තියෙනවා.
අනිත් පැත්තෙන් අපි කියන්නේත් මේ හිඟන මිනිස්සු නෙවෙයි. මම මේ ව්‍යාපාරයට එන්න කලින් උපාධියක් අරගෙන රජයේ ගුරු පත්වීමක් කළා. ඒ ගුරු පත්වීම් කරන කාලේ තමයි ඇත්තටම මගෙ මේ තියෙන පර්චස් 10 ඉඩම ගන්නේ. ඒ කාලේ පර්චස් එකක් රුපියල් 25,000ට ගත්තේ. එතකොට ඇත්තටම ප්‍රශ්නයක් එනවා මොකද ඉටිකොළ ගහගෙන හිටියේ ඇයි කියලා. නිවස හදාගත්තු එක ගත්තොත් ඔය නිවසට සිමෙන්ති කොට්ට එකක් දෙකක් හැර ඉතුරු සියලු සිමෙන්ති කොට්ට ඇනුවේ මේ මගේ අත් දෙකෙන්”




