The Leader News
BREAKING
Top Ad
Opinion

මැති ඇමති වත්කම් ප්‍රකාශ ඔය කියන තරම් ගැටලුවක්ද? | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

September 23, 2025 • 8:31 AM

මැති ඇමති වත්කම් ප්‍රකාශ ඔය කියන තරම් ගැටලුවක්ද? | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත්, ඔවුන් ලබාදී තිබෙන වත්කම් හා බැරකම් ප්‍රකාශ ද ව්‍යාජ හා වංචනික ඒවා බව බැලූ බැල්මට පෙනේ.
  • එසේම, ඇතැම් ආදායම් ජනනය වූ ආකාරය විමර්ශනය කළ යුතු බව ඔවුන්ට පෙනිය යුතුය.
  • ඒ අන්දමින් වැරදි වත්කම් ප්‍රකාශ ලබාදෙන්නේ ජවිපෙ හා ජාතික ජන බලවේග මැති ඇමතිවරුන් පමණක් නොවේ.
  • ඔවුන් හඳුන්වා දෙන බව කියූ අලුත් දේශපාලන සංස්කෘතිය එයද?
අකුරු ප්‍රමාණය (Font Size):


එහෙත්, ඔවුන් ලබාදී තිබෙන වත්කම් හා බැරකම් ප්‍රකාශ ද ව්‍යාජ හා වංචනික ඒවා බව බැලූ බැල්මට පෙනේ. ඒ වංචනික ක්‍රියාවට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ක්‍රියාමාර්ග ගත යුතුය. එසේම, ඇතැම් ආදායම් ජනනය වූ ආකාරය විමර්ශනය කළ යුතු බව ඔවුන්ට පෙනිය යුතුය. එසේ නොපෙනෙන්නේ නම්, එයට ද හේතු පැහැදිලිය.

ඒ අන්දමින් වැරදි වත්කම් ප්‍රකාශ ලබාදෙන්නේ ජවිපෙ හා ජාතික ජන බලවේග මැති ඇමතිවරුන් පමණක් නොවේ. එහෙත්, ප්‍රශ්නය ජවිපෙ හා ජාජබ අය ද එසේ කිරීමයි. ඔවුන් හඳුන්වා දෙන බව කියූ අලුත් දේශපාලන සංස්කෘතිය එයද?

 

චතුරංග හා මනුවර්ණ

මෙහි ඇති ගැටලුව වන්නේ මෙතෙක් කල් ඔවුන් ඉතා තපස් දිවියක් ගත කරන බව ප්‍රසිද්ධියේ කියමින්, තමන් රැකියා හෝ ව්‍යාපාර නොකරන බව අවධාරණය කරමින්, මහජනතාවගෙන් අරමුදල් එක්රැස් කිරීමයි. තමන්ගේ පෞද්ගලික මුදල් හා පවුලේ මුදල් දේශපාලනයට වියදම් නොකරන බව වඩා මුග්ධ ජවිපෙ නායකයන් දෙදෙනෙකු වන චතුරංග හා මනුවර්ණ චන්ඩින් සේ පැවසූහ. එහෙත්, ඔවුන්ට ආධාර කරන ජනතාව එසේ නොවේ. බලයට නොයන ඔවුන් මේ ජවිපෙ/ජාජබ නායකයන් වෙනුවෙන් වියදම් කළේ තමන්ගේ දරුවන්ගේ, පවුලේ හා තමන්ගේ වියදම් සඳහා තිබෙන මුදල්ය.

එපමණක් නොව, ජවිපෙ තම පහළ මට්ටමේ සාමාජිකයන්ගේ ආදායම් පමණක් නොව ජීවිත පිටින්ම සූරාකයි. උදාහරණයක් ලෙස, මෑතදී පත්වූ පළාත් පාලන මන්ත්‍රීන්ගේ රු. 15,000 දීමනාවෙන් පවා රු. 12,500ක් පක්ෂයට ලබාගනියි. පක්ෂ පූර්ණකාලිකයන් යනු කිසිදු වෘත්තීය හෝ මූලික අයිතිවාසිකමක් නොමැති පක්ෂ චංචල දේපළ විශේෂයක් ලෙස ඔවුහු සලකති.  

සාමාජිකයන්ගේ හා හිතවතුන්ගේ ජීවිත ඒ අන්දමින් සූරා කන අතර, පක්ෂ නායකයන් තම ජීවිත, පවුල් ජීවිත හා අනාගතය පවා මනාව සැලසුම් කර තිබීම සදාචාරමය ගැටලුවක් ලෙස පෙන්වා දිය හැකිය.

එහෙත්, එය ද ව්‍යාජයකි. ඔය පක්ෂයේ කරටියේ සිට කේශ මූලය දක්වාම සිටින බහුතරය ඔය ජාතියේ තක්කඩි වේ. එහෙම නොවන බොහෝ දෙනෙකු දැන් ඉවත් වී හමාරය. තවත් ඉතිරි වී ඉන්නවා නම් ඉන්නේ වෙන කරන්නට දෙයක් නැතිකමට හෝ කම්මැලිකමට එයින් අර්ථ නිරූපණයක් හදාගැනීමටය.

 

Vote
ඒ නිසා කීමට ඇත්තේ මෙයයි. ජවිපෙ නායකයන්ගේ ඔය දෙබිඩිකම ජවිපෙ සාමාජිකයන්ට හා හිතවතුන්ට නම් ප්‍රශ්නයක් නොවේ. මන්ද, ඔවුන් ද එවැනිම අයයි.

ඔවුන්ට ඡන්දය දුන් ජනතාව ඒ ගැන නොදැන සිටියා නම්, දැන් ඔවුන්ට එය දැනගත හැකිය. ඇත්තේ එපමණය.

ජනතාව කියන්නේ සාමාන්‍යයෙන් ගත් කල දේශපාලන නායකයන් තරම් දූෂණයට අවස්ථාව නොලද පිරිසක් පමණි.

ජනතාවගෙන් කෙනෙකු නොව, පුරවැසියකු වන්න. අපිත් එක්ක එකට හිතන්න.

AJITH PARAKUM
(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...