ඔවුන් කියන්නේ ඔහු 'නාමල්ගේ ඡන්ද කඩන' බව ය. ප්‍රසාද්ගේ කථාවෙන් සජිත්ගේ ඡන්ද කැඩෙනවා වැනි දෝෂාරෝපණයක් මම නොදුටුවෙමි. මා දුටුවේ ඔහුගේ ප්‍රකාශය උත්කර්ෂයට නැංවීම් පමණී. ඇතැම් විට සජබ නායකත්වයෙන් ඔහුට දොස් කියන්නට ඇත. ප්‍රසාද් පසුව ලක්මාලිගෙන් සමාව ගත්තේ ය.
කුට්ටි යනු ගමේ ගොඩේ කොල්ලෙකි. ඔහු කථා කරන්නේ ගමේ බසිනි. දේශපාලන නියෝජිතයෙකුට තිබිය යුතු වචී සංවරය ඔහුට නොමැත. කථා කරන්නට පෙර ඔහු කෙතරම් සූදානම් වුවත් කථා කරන්නට ගත් විට ඔහුට සිහියක් නැත. කටට එන ඕනෑම දෙයක් කියයි. කුට්ටි තේරුම් ගත යුත්තේ එවැනි අවදානමක් ගැනීමට හැක්කේ ප්‍රසාද් හෝ රනිල් හෝ ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ වැන්නවුන්ට පමණක් බව ය. කුට්ටි වැන්නවුන්ට මිනිස්සු හැමදාම සලකන්නේ අවතක්සේරුවෙනි. එය හරියට නිර්මාල් දේවසිරිගේ කථාවට හුරේ දමන්නන් මහින්ද පතිරණගේ කථාවට කෝචෝක් කරන්නා වැනි ය. එය පුද්ගලික ය. එය වෙනස් කළ නොහැකි ය.
නාමල්ගේ ඡන්ද ගැන දැන් අඩුම ගානේ කියවන්නවත් හැකි ය. නමුත් නාමල්ට ඡන්ද තියා පක්ෂය පවා නැති වීමට නියමිත කාලයක් තිබිණි. ඒ කාලයේ නාමල් සමග ගමින් ගමට ගොස් උගුර කඩා ගෙන කථා කළේ ඔය කුට්ටි සහ තවත් අතළොස්සක් දෙනා පමණී. මම එය දෑසින් දුටු නිසා දනිමි. නාමල් එය කිසි දවසක අමතක නොකරන බවත් මට විශ්වාස ය.
නාගරික බයියන්ට, ඊනියා ජාතිකවාදීන්ට, ටොයි ප්‍රජාවට කුට්ටිලා රුස්සන්නේ නැත. කුට්ටිව එජාපයෙන් කැපෙන්නේත් ඒ නිසා ය. එය පන්ති ප්‍රශ්නයකි. කුට්ටි කෙතරම් ව්‍යවසායික වුවත් ඔහු කිසි දවසක දේශපාලන ප්‍රභූ තන්ත්‍රයට පිළිගන්නේ නැත. නමුත් ප්‍රසාද්ලා මොන අලුකුත්තේරු කථා කීවත් ඔහුට ඇති පිළිගැනීම නැති වන්නේ ද නැත. මේකට තමයි කියන්නේ ලබා උපන් හැටි කියලා.
කුට්ටිගේ කථාවේ මහාලොකු වරදක් මට නම් නොපෙනේ. ඔහු එය කියන්නේ ඔහු ඉදිරියේ සිටින පිරිස පිනවීම පිණිස බව sense of humour ඇත්තෙකුට පෙනේ. නමුත් කුට්ටිට ඔය වැඩේ තවත් වැඩි කල් කළ නොහැකි ය. නාගරික ටොබයි සමාජය නාමල්ව උපාදාන කර ගන්නා තරමට කුට්ටිලා ප්‍රතික්ෂේප වේ. කුට්ටි කළ යුත්තේ නාමල් කරන දෙයයි. එනම් සමාජයට අවශ්‍ය විදිහට තමාව වෙනස් කර ගැනීමයි. දේශපාලනයේ අව්‍යාජ හැසිරීම් නැත. දේශපාලනය යනු කාලයට ගැලපෙන ලෙස වෙනස් වීමයි. දැන් නාමල් දුවන පනින ඇට බෝල ගහන පොටෝ කවුරුවත් දමන්නේ නැත. දිස් ඉස් පොලිටික්ස්.
(සටහන |එරන්ද ගිනිගේ)
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
උපුටා ගැනීම : ගිනිහුළ
2025 සැප්තැම්බර් 24
eranda.ginige@gmail.com




