ඔහු මෙම අදහස් පළ කළේ Kaarige Channel Eka | Dharmasri Kariyawasam youtube නාලිකාවෙහි කළ අදහස් දැක්වීමක දී ය.
එම අදහස් දැක්වීමේ දී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ධර්ම ශ්‍රී පවසා සිටියේ චතුරංග අබේසිංහ හොඳ පියකු වුව ද හොඳ දේශපාලනඥයකු නොවන බවයි. ඒ මන්ද යත් ඔහු හොඳ දේශපාලනඥයෙක් නම් ඉතිහාසයේ ජනතා විමුක්ති පෙරමුණ වෙනවෙන් කැපවූ සහෝදර සහෝදරියන්ගේ චරිත පවා ඝාතනය වන ආකාරයේ ප්‍රකාශ නොකරන බවයි.
එමෙන් ම ඔහුගේ වත්කම් ප්‍රකාශ පිළිබඳව ද ගැටලු සහගත තැන් ඇතැයි ධර්ම ශ්‍රී කාරියවසම් පැවසී ය.




