එයට හිනා මූණු දහස් ගණනක් වැටී තිබිණි. ඒවා කීර්ති ශ්‍රී අබේසිංහගේ ෆේස්බුක් බලකායේ මෙන් ඩොලර්වලට වැටෙන හාහා විය නොහැකි ය. ඒ කෙසේ වෙතත් මෙය අතිශය උත්ප්‍රාසජනක කාරණයකි. එයට හේතුව නම් මේ මොහොතේ මාලිමාව විසින් ලංකාවේ කරමින් සිටින සමලිංගික ප්‍රවර්ධනය සමග චේ ගුවාරා ගැන කවි නිසඳැස් ලිවීම හෙන විහිළුවක් වීම ය. චේ ගුවාරා යනු කියුබාවේ සමලිංගිකයන්ට එරෙහිව ක්‍රියා කළ සාහසිකයෙකි.
චේ ගුවාරා කීවේ 21 වන සියවසට ගැලපෙන ‘නව මිනිසා’ (nuevo hombre) නිර්මාණය කළ යුතු ය කියා ය. එහිදී සමලිංගිකයන්, ගණිකාවන්, කලාකරුවන්, පූජකයන් සහ උගතුන් යනු විප්ලවයට අභව්‍ය, නුසුදුසු, දුර්වල මිනිසුන් ලෙස වර්ග කෙරිණි. සමලිංගිකත්වය යනු බටහිර (ඇමරිකානු) පරිභෝජනවාදී සංස්කෘතියේ බූර්ෂුවා පන්ති ලක්ෂණයක් ලෙස වර නැගිණි. චේ ට අවශ්‍ය වූයේ සදාචාරාත්මකව දැඩි, හමුදාමය විනයකින් හෙබි, පරාර්ථකාමී, ප්‍රබල පෞරුෂයක් සහිත මිනිසෙකි. එම අර්ථනය තුළ ලිංගික සාපේක්ෂතාවයන්ට කිසිදු ඉඩක් තිබුණේ නැත. ඔහු සිය දිනපොතේ සමලිංගිකයන් අපහාසයට උපහාසයට ලක් කර තිබේ. ‘ලා කබානා’ නමැති ඔහුගේ හමුදා බලකොටුව තුළ නඩු නොඅසා වෙඩි තබා ඝාතනය කළවුන් අතර සමලිංගිකයන් සහ ගණිකාවන් ද විය. චේ යනු හිම්ලර්ට නොදෙවෙනි සදාචාර පවිත්‍රකාරක පිස්සෙකි.
ස්ටැලින්ගේ සෝවියට් ගුලාග් උත්කර්ෂයට නැංවූ චේ ගේ ප්‍රතිපත්ති මත ෆිදෙල් කැස්ත්‍රෝ විසින් කියුබාවේ ශ්‍රම ‘වධකාගාර’ තනනු ලැබුවේ ය. සමලිංගිකයන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්, ප්‍රතිවිප්ලවකරුවන් දහස් ගණනින් අල්ලා ගෙනවිත් එම ශ්‍රම කඳවුරු තුළට ගාල් කෙරිණි. අරමුණ වූයේ ඔවුන්ට ‘ප්‍රති-අධ්‍යාපනය’ (Re-Education) දීම ය. එනම් ඔවුන්ගේ වැරදි මතවාද සහ ජීවන විලාසයන් දැඩි දඬුවම් තුළින් වෙනස් කර චේ ගුවාරාගේ ‘නව මිනිසා’ ඇඹීම ය. දඬුවම් දීම ගැන සමාජයට ශාන්තිවාදී උපදෙස් දෙන බිමල් රත්නායක චේ ගුවාරා ගැන කවි ලියන්නට ඇරයුම් කිරීම නපුරු සරදමකි.

ජවිපෙ ආත්මය වන්නේ චේ ය. එක්කෝ ටිල්වින් මේ කරන්නේ කූඨ මෙහෙයුමකි. සමාජයේ සිටින සමලිංගිකයන් නිරාවරණය කිරීමකි. මෙහි අවසානයේ එන්නේ මර්දනය විය හැකි ය. බිමල් රත්නායකලා මේ කොමියුනිස්ට් ඉතිහාසය ගැන නොදන්නා ගොබිලන් විය නොහැකි ය. හරිනිලා තරම් මෝඩයන් තවත් නැත. සමලිංගිකත්වයට ඉඳුරා ම විරුද්ධ විප්ලවවාදී ජවිපෙ සමග එක ගෙයි කෑම තරම් දේශපාලන විහිළුවක් තවත් නැත. මර්දනය එන විට මුලින් ම එන්නේ ළඟම අයට බව ඔවුන් මතක තබා ගත යුතු ය. අනුන්ට ලිංගික අධ්‍යාපනය දීමට විශාල ගායක් තිබුණත් තමන්ගේ ලිංගිකත්වය එළි පිට ප්‍රකාශ කිරීමට මාලිමාවේ ලොකු තැන් බිය වන්නේ ඒ බව දන්නා නිසා ද?
මෙහි වඩාත් ම උත්ප්‍රාසය වන්නේ කියුබානු විප්ලවයේ සදාචාරාත්මක න්‍යායාචාර්ය චේ ගුවාරා සැබෑ ජීවිතයේ අන්තිම සවුත්තු මිනිසෙකු වීම ය. ඔහු ස්ත්‍රීත්වයට අපහාස කළේ ය. ‘ඉන්දියානු කාන්තාව කෙතරම් අවලස්සන ද යත් ඇය කාන්තාවක් යැයි සැලකීමටත් අපහසු ය’ කියා චේ සිය මෝටර් සයිකල් චාරිකා දිනපොතේ ලියා තිබේ. ස්ත්‍රිය යනු පිරිමින්ගේ වැඩපළ කිරීමට සිටින, පිරිමින්ගේ අවශ්‍යතාවයන් සැපිරීමට සිටින දුර්වල කොට්ඨාසයක් මිස විප්ලවකාරී සටන්කරුවන් ලෙස ඔහු සැලකුවේ නැත. චේ ගුවාරා සල්ලාලයෙකු බව ඔහුගේ ළඟම මිතුරන් පවා කියා තිබේ. ඔහුගේ කඩවසම් පෙනුම සහ පුරුෂාධිපත්‍ය භාවිතා කර ඔහු බොහෝ ගැහැණුන් රැවට්ටූ බවත් ඒ සෙල්ලක්කාරකම් ගැන ඔහු පුරසාරම් දෙඩවූ බවත් ඔවුන් කියා තිබේ. කාන්තා විමුක්තිය වෙනුවෙන් චේ ගුවාරා එක වචනයක් ලියා නැත. එහෙව් මැන්ටලයකට කවි නිසඳැස් ලියන නංගිලා සහ අක්කලා පව්…
චේ ගුවාරා බියගුළු නිවටයෙකි. ඔහු අල්ලා ගත් අවස්ථාවේ ‘මාව පණපිටින් තැබීම ඔබලාට වැදගත්’ කියා බැගැපත් වූ දුර්වලයෙකි. දිස් ඉස් පොලිටික්ස්.
(සටහන |එරන්ද ගිනිගේ)
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
කර්තෘ - අවතරණය
උපුටා ගැනීම : ගිනිහුළ
2025 ඔක්තෝබර් 7
eranda.ginige@gmail.com




