The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

ලොක්කන් ගේ මාධ්‍ය සංදර්ශනවලින් ගැලවෙන ස්වාධීන කොමිෂන් සභා පිරුවටය | සුනිල් කන්නන්ගර

T

The Leader Desk

October 10, 2025 • 7:27 AM

ලොක්කන් ගේ මාධ්‍ය සංදර්ශනවලින් ගැලවෙන ස්වාධීන කොමිෂන් සභා පිරුවටය | සුනිල් කන්නන්ගර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්වාධීන කොමිෂන් සභා පිළිබඳ මාතෘකාව මේ වන විට කොතෙක් ජන ගත වී තිබේ ද?යත් එය ගම්බද කඩ පිල් තෙක් පවා ව්‍යාප්තව ඇති බවක් පෙනේ. එය ඉතා යහපත් දෙයක් වනුයේ මෙවැනි කරුණු සම්බධයෙන් රටේ පොදු මහජනතාව දැනුවත් වීම අතිශයින් වැදගත් බැවිනි.
  • මෙම රාජ්‍ය සේවා කොමිෂන් සභා ක්‍රමය සංශෝධනය කරමින් රාජ්‍ය සේවයේ පත්වීම්, මාරුවීම්, උසස්වීම් හා විනය පාලනය 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් අමාත්‍ය මණ්ඩලය සතු කරනු ලැබිණි.
  • මේ සියල්ල කණපිට පෙරළුණේ 1978 ව්‍යවස්ථාවෙනි...
  • එහෙත් ,මේ සියල්ල කණපිට පෙරළුණේ 1978 ව්‍යවස්ථාවෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):


ස්වාධීන කොමිෂන් සභා යනුවෙන් ආයතන වර්ගයක් මෙරට රාජ්‍ය තන්ත්‍රය තුළ බලාත්මක කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දාහත් වැනි සංශෝධනයෙනි. ඊට පෙර රජයට අයත් නීතිගත කොමිෂන් සභා ලෙස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම, මහජන උපයෝගිතා කොමිසම, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැනි ආයතන තිබුණත් ඒවා රාජ්‍ය සංස්ථා ලෙස නීතිගතව පවතින රාජ්‍ය ආයතන මිස අපගේ මාතෘකාවට අදාළ ස්වාධීන කොමිෂන් සභා ලෙස සැලකිය නොහැක. එමෙන්ම එම කොමිෂන් සභා අමාත්‍යංශයක පාලනය යටතට පත්වන සංස්ථාගත ආයතන මිස අප අදහස් කරන ස්වාධීන කොමිෂන් සභා ගණයට අයත් නොවේ.

b5u6567iu7i78iuy

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දාහත් වැනි සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා හඳුන්වා දීමට පෙර සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව නම් පාලන ව්‍යුහයක් රාජ්‍ය සේවයේ පත්වීම්, මාරුවීම්, උසස් වීම් හා විනය පාලනය පිළිබඳව කටයුතු කිරීම සඳහා ස්ථාපිත කර තිබුණි.

මෙම රාජ්‍ය සේවා කොමිෂන් සභා ක්‍රමය සංශෝධනය කරමින් රාජ්‍ය සේවයේ පත්වීම්, මාරුවීම්, උසස්වීම් හා විනය පාලනය 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් අමාත්‍ය මණ්ඩලය සතු කරනු ලැබිණි. එසේ වුවත් ආණ්ඩුකාරවරයා වෙනුවට ජනරජ ව්‍යවස්ථාවෙන් පත් කළ ජනාධිපති වරයා විසින් පත් කරනු ලැබූ රාජ්‍ය සේවා උපදේශක මණ්ඩලය නම් වූ ස්වාධීන මණ්ඩලයක නිර්දේශ නොමැතිව රාජ්‍ය නිලධාරීන් පත්කිරීම්, මාරුකිරීම් හා උසස්වීම් කළ නොහැකි බවටත් විනය කටයුතු වලදී රාජ්‍ය සේවා විනය මණ්ඩලය නම් වූ එබඳුම ස්වාධීන මණ්ඩලයක නිර්දේශ නොමැතිව විනය තීරණ අමාත්‍ය මණ්ඩලයට ගත නොහැකි බවටත් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කෙරිණ. ඒනිසා රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට වැඩි බලපෑමක් වූයේ නැත.

මේ සියල්ල කණපිට පෙරළුණේ 1978 ව්‍යවස්ථාවෙනි...

anduwiyawassin1 fcover sri lanka
එහෙත් ,මේ සියල්ල කණපිට පෙරළුණේ 1978 ව්‍යවස්ථාවෙනි. එමගින් රාජ්‍ය සේවා උපදේශක මණ්ඩලය හා විනය මණ්ඩලය ඉවත් කර කෙළින්ම අමාත්‍ය මණ්ඩලයට රාජ්‍ය සේවයට අදාළ තීරණ ගැනීම පැවරුණි. යළිත් රාජ්‍ය සේවා කොමිසම ස්ථාපිත කළත් එම කොමිසම අමාත්‍ය මණ්ඩලයෙන් පැවරෙන රාජකාරි පමණක් කළ හැකි දුර්වල, බෙලහීන එකක් බවට පත් කෙරිණි. ඒ අනුව රාජ්‍ය සේවයේ දේශපාලන බලපෑම මත පත්වීම්, උසස්වීම්, ස්ථාන මාරුකිරීම් සිදු කිරීමත්, සේවයෙන් ඉවත් කිරීමත් අමාත්‍ය මණ්ඩල තීරණ මත සිදු කෙරිණි.

1980 ජූලි වර්ජකයන් රාජ්‍ය සේවයෙන් නෙරපා දමා ඒ වෙනුවට දේශපාලන ලැයිස්තුවලින් අලුත් අය බඳවා ගත්තේ අමාත්‍ය මණ්ඩල තීරණ වලිනි. දේශපාලන පළිගැනීම් සහන ලෙස උසස්වීම් ප්‍රදානය කිරීම ද අමාත්‍ය මණ්ඩල තීරණ මත සිදුවුණි. මේ අන්දමින් රාජ්‍ය සේවයේ කටයුතු බලවත් සේ දේශපාලනීකරණය සිදුවුණේ 1978 ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමඟ ය. ඒ ක්‍රියාදාමය 1994 ආණ්ඩු වෙනස සිදුවුවත් නැවතුණේ නැත. ඒ වනවිට බඳවා ගැනීම් තරඟ විභාග මත සිදුකිරීමටත් තීරණය කර තිබුණත් රාජ්‍ය සේවයේ තනතුරුවලට පත්වීම ඇතුළු බොහෝ දේ ආණ්ඩුවේ අවශ්‍යතාව අනුව සිදුවන බව රහසක් නොවීය. 1994 ආණ්ඩුවත් දේශපාලන පළිගැනීම් සහන උසස්වීම් ලබාදීම ආදී දේ අමාත්‍ය මණ්ඩල බලය යටතේ සිදු කළ අතර සමෘද්ධි නියාමක පත්වීම් හරහා ග්‍රාම නිලධාරි පත්වීම් ලබාදීම ආදිය ද අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් සිදු කරන ලදී.

 

big 302476 1387827334
1994 ආණ්ඩුව බලයට ඒමට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සිදුකරන බව පොරොන්දු වී තිබිණි. මේ සඳහා තේරීම් කාරක සභාවක් ද පත් කර දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන වලින් විවිධ යෝජනා ලබා ගෙන තිබුණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස කෙටුම්පත් කළ ව්‍යවස්ථාවට කොමිෂන් සභා කීපයක් පත්කිරීමේ විධිවිධාන ඇතුළත් කර තිබුණි. ඒවා නම් ජාතික රාජ්‍ය සේවා කොමිසම, අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිසම, රාජ්‍ය භාෂා කොමිෂම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, මැතිවරණ කොමිසම, මුදල් කොමිසම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම යන කොමිෂන් සභා වේ.

මේ කොමිෂන් සභා පත් කිරීමට අදාළ නිර්දේශ ලබා ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් ද පත් කිරීමට එම කෙටුම්පත් ව්‍යවස්ථාවෙන් යෝජනා කර තිබුණි. එම ව්‍යවස්ථා සභාවට උප ජනාධිපතිවරුන් දෙදෙනෙක්, අගමැති, කථානායක, විපක්ෂ නායක, ආණ්ඩුක්‍රම විෂය භාර ඇමති, පළාත් ප්‍රධාන අමාත්‍ය සම්මේලනයේ සභාපති හා අගවිනිසුරු විසින් නිර්දේශිත විශ්‍රාමලත් විනිසුරන් දෙදෙනෙක් යන අය ඇතුළත් කිරීමට යෝජනා කර තිබුණි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරම්භ කළ විධායක ජනාධිපති ක්‍රමය අවසන් කර අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවක් හා අමාත්‍ය මණ්ඩලයක් මගින් රට පාලනය කිරීම සඳහා යෝජනා කළ මෙම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාද කළත් ඡන්ද විමසීමට ඉදිරිපත් නොකළේ විපක්ෂය ඊට සහය නොදෙන බව ප්‍රකාශ කළ නිසා ය. ඒ නිසා එම කෙටුම්පත් ව්‍යවස්ථාවෙන් යෝජිත කොමිෂන් සභා වලංගු වූයේ නැත.

1753441897 gov L

අනතුරුව 2001 වර්ෂයේදී පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ලෙසින් මේ කොමිෂන් සභා රාජ්‍ය පාලන තන්ත්‍රයට හඳුන්වාදීම සිදු කෙරිණි. මෙහිදී නව දෙනෙකුගෙන් යුත් ව්‍යවස්ථා සභාවක් පත් කිරීමටත් ඉන් බහුතරය සිවිල් සමාජයෙන් පත් කිරීමට යෝජනා කර තිබීමත් සුවිශේෂී වේ. මේ ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශයෙන් පත් කළ යුතු කොමිෂන් සභා වූයේ රාජ්‍ය සේවා කොමිසම, මැතිවරණ කොමිසම, ජාතික පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, මුදල් කොමිසම හා සීමා නිර්ණය කොමිසමයි.

දාහත් වැනි සංශෝධනය සම්මත වුණත් එහි සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවා ගත නොහැකිව අර්බුදයක් හට ගැනීම 

දාහත් වැනි සංශෝධනය සම්මත වුණත් එහි සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවා ගත නොහැකිව අර්බුදයක් හට ගැනීම නිසා අනිකුත් කොමිෂන් සභා ස්ථාපනය කළ නොහැකි විය. මේ නිසා තවත් අර්බුද ගණනාවක් මතුවිය. ඒ වනවිට මැතිවරණ කොමසාරිස් ලෙස ක්‍රියා කළ දයානන්ද දිශානායකට වයස හැට පිරී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත යුතු වුණත් මැතිවරණ කොමිසම පත් කර නොමැති නිසා ඔහුට විශ්‍රාම යාමට නොහැකි විය. පැවති රාජ්‍ය සේවා කොමිසමේ ධුර කාලය නිමවූ පසු නව සාමාජිකයින් පත් කිරීමට නොහැකි නිසා එය අකර්මණ්‍ය වී ගියේය. මේ නිසා දහඅට වැනි සංශෝධනය ගෙනැවිත් මේ ගැටලු විසඳා ගන්නා ලදී. මෙයින් දාහත් වැනි සංශෝධනයෙන් යෝජිත ක්‍රමය ආපසු හැරවීමක් වූ බවට මතයක්ද පැතිරුණි. අනතුරුව 2019 වැනි සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ යහපාලන ආණ්ඩුව පැවති දාහත් වැනි සංශෝධනයේ සඳහන්ව තිබූ ව්‍යවස්ථාදායක සභාව සංශෝධනය කර කොමිෂන් සභා පත් කර රාජ්‍ය පාලන තන්ත්‍රයේ කොටසක් ආණ්ඩුවේ බල පෑමෙන් බාහිරව ක්‍රියාත්මක වන තැනට පත් කළේ ය.

යළිත් විසි වෙනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර පාර්ලිමේන්තු නියෝජිතයින් පමණක් සිටින පාර්ලිමේන්තු සභාවක අදහස් විමසීමෙන් පසු කොමිෂන් සභා සාමාජිකයින් පත් කිරීමේ බලය ජනාධිපති වෙත ලබා දෙන ලදී. පෙර පැවති නිර්දේශ ලබා ගැනීමේ අවශ්‍යතාව ඉවත් කිරීමෙන් ජනාධිපතිවරයාගේ බලතල වැඩි කරන ලදී.

 

n56un5uw56

ඊළඟ ව්‍යවස්ථා සංශෝධනය වූ විසි එක් වන සංශෝධනයෙන් යළිත් ජනාධිපති බලතල සීමා කළ අතර ව්‍යවස්ථා සභාව බලාත්මක කර සිවිල් නියෝජිතයින්ද ඇතුළත් කර කොමිෂන් සඳහා පත් කිරීම් කිරීමට සභාවේ නිර්දේශය ලබා ගැනීම අත්‍යාවශ්‍ය බවට පත් කරන ලදී. වර්තමානයේ බල පැවැත්වෙන්නේ මේ විසි එක්වන සංශෝධනයයි. දැනට පවතින කොමිෂන් සභා ඒ යටතේ ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත සාමාජිකයින් පත් කරනු ලැබූ ඒවා ය.

දැන් පවතින මේ කොමිෂන් සභා ක්‍රියාකාරිත්වයේදී සිය ස්වාධීනත්වය ජනතාවට ප්‍රදර්ශනය කරන්නේ කෙසේද? මේ කොමිෂන් සභාවල සාමාජිකයින් කවුරුන්දැයි සාමාන්‍ය මහජනතාව දන්නේ නැත. ඔවුන් මේ කොමිෂන් සභා ලෙස දකින්නේ මාධ්‍ය ඔස්සේ කතා කරන නිලධාරීන් ව ය. කොමිෂන් සභාවල පූර්ණ බලතල ඇත්තේ කොමිසමේ සාමාජිකයින්ට වුවත් ඔවුන් කොතරම් ප්‍රවේශම් සහගතව සිය කාර්යයන් කළ ද මාධ්‍ය ඉදිරියේ කතා කරන නිලධාරියෙකුගේ එක් ප්‍රකාශයකින් වුවත් කොමිසමේ ප්‍රතිරූපයට හානිවීමට ඉඩකඩ පවතී.

මින් අධිකරණ සේවා කොමිසම කවදත් වෙනම අධිකරණය යටතේ පැවතුණ එකක් බැවින් එහි කටයුතු පිළිබඳව ජනතාවට ගැටලුවක් නැත. රාජ්‍ය සේවා කොමිෂන් සභාව පිළිබඳ බරපතල ගැටලු පැන නැගී ඇත්තේ ඉන් සිදුවන අධික ප්‍රමාදය නිසා බව රාජ්‍ය සේවකයෝ පවසති. රාජ්‍ය නිලධාරීන්ගේ විනය කටයුතුවල දී මූලික විමර්ශණය පවත්වා වසර හතරක් පහක් යනතුරු චෝදනා පත්‍ර ලබා නොදීම, චෝදනා පත්‍ර නිකුත් කළ පසු ඊට පිළිතුරු දී ඒ ගැන ගත් තීරණය දැන ගැනීමට තවත් වසරක්වත් ගතවන බව රාජ්‍ය සේවකයින්ගෙන් එල්ලවන චෝදනාවකි. මේ කොමිසම ද රාජ්‍ය සේවකයින්ට පමණක් බල පවත්වන බැවින් පොදු ජනයාගේ අවධානය ඊට ලක් නොවේ.

 

national elections commission sri lanka

මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරීන් මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල වැඩ සටහන්වලට නිරන්තරයෙන් සහභාගී වනු ජනතාව නිරීක්ෂණය කරති. ඉතාමත් මෑතදී බලයේ සිටින රජය මැතිවරණ පොරොන්දු ඉටුකිරීම පිළිබඳ සමාලෝචනයක් සඳහා මැතිවරණ කොමිසමේ නිලධාරීන්ටත් ආරාධනා කරමින් නිරීක්ෂණ සංවිධානයක් සූදානම් කළ සාකච්ඡාවක් ගැනද දැන ගන්නට ලැබුණි. එම ආරාධනාව කළ නිරීක්ෂණ සංවිධානයට මැතිවරණ කොමිසමේ විෂය පථයට එබඳු කරුණු අයත් නොවන බව තේරී නැත.

මේ නිරීක්ෂණ සංවිධානවලට අරමුදල් සම්පාදනය වන මූලයන් බොහෝ කොට විදේශීය සංවිධානයන් ය.. ස්වාධීන මැතිවරණ කොමිසමක නිලධාරීන් සම්බන්ධ කර ගෙන මූල්‍ය අනුග්‍රාහකත්වය ප්‍රසිද්ධ කර නැති වැඩ සටහන් සිදු කිරීමෙන් කොමිසමේ ස්වාධීනත්වයට බල පෑමක් වන බව ඒ සංවිධාන තේරුම් ගෙන නැත. මැතිවරණ කටයුතු වලදී දේශපාලන පක්ෂ හෝ තරඟ කරන්නන්ට විදේශ ප්‍රභවයන්ගෙන් මුදල් ආධාර ගැනීම නීතියෙන්ම තහනම් කර ඇත. එම මැතිවරණ නිරීක්ෂණයට විදේශ ප්‍රභවයන්ගෙන් ආධාර ගැනීම ගැටලුවක් කිසිවෙක් මතු නොකරති.

එසේම මේ නිරීක්ෂණ සංවිධාන සංවිධානය කරන දැනුවත් කිරීම්, සම්මන්ත්‍රණ ආදියට සහභාගීවන ස්වාධීන මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට ඒ නිරීක්ෂණ සංවිධානවල අරමුදල්වලින් මුදල් ගෙවීමක් කරන්නේ ද? එසේ මුදල් ගෙවීමක් සිදුවන්නේ නම් ඉන් කොමිසමේ ස්වාධීනත්වයට බල පෑමක් ඇති නොවීමට එසේ ගෙවන මුදල කොමිෂන් සභාවට ගෙවිය යුතු ය. සිය නිලධාරියා කොමිසම වෙනුවෙන් නිරීක්ෂණ සංවිධානයට සැපයූ සේවාව වෙනුවෙන් ගෙවීම් කිරීම කොමිසම විසින් කළ යුතු ය. නමුත් කොමිෂන් සභාව විසින් කළ යුතුව තිබුණු නිලධාරී දැනුවත් කිරීම් ආදියත් නිරීක්ෂණ සංවිධාන මගින් කරවා කොමිසම නිරීක්ෂණ සංවිධානවලට ගෙවීම මීට කලින් ක්‍රියාත්මක වුණු කොමිසමේ පාලන සමයේදී සිදුවූ බව ආරංචි ය. මේවා ස්වාධීන කොමිසම් සභාවලින් සිදුවීම ප්‍රශ්නගත ය. ස්වාධීන ආයතන දේශපාලනයෙන් පමණක් අත් මිදීම ප්‍රමාණවත් යැයි ඒවායේ සාමාජිකයින් හිතා ඉන්නවාදැයි දන්නේ නැත.

 

new dg ciaboc
මේ අතර මෙම කොමිෂන් සභාවල ප්‍රධාන නිලධාරීන් පත් කිරීම පිළිබඳව ද ඒකමතික ප්‍රතිපත්තියක් නැතිවීම විශේෂයකි. බොහෝ කොමිෂන් සභාවල ප්‍රධාන නිලධාරි පත් කර ගැනීමේ බලය අදාළ කොමිෂන් සභාවට ලබා දී ඇත. අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රධාන නිලධාරි පත්වීම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත සිදු කරන්නේ ජනාධිපතිවරයා ය. මේ නිසාම එම ධුරය දරන්නා යම් වරදක් කළත් ඉවත් කිරීම දුෂ්කර නිසාවෙන් බරපතල ගැටලු ඇතිවිය හැකි ය. මෙම කොමිෂන් සභා ස්ථාපිත කිරීමේදී සලකා බැලිය යුතුව තිබුණු කරුණකි.

අල්ලස් දූෂණ මර්දන කොමිෂන් සභාවට අධ්‍යක්ෂ ජනරාල් පත් කිරීම සඳහා නමක් නිර්දේශ කිරීමට ව්‍යවස්ථාදායක සභාව අනුගමනය කළ ක්‍රියා පිළිවෙල ද මේ වන විට සමාජයේ දැඩි විවේචනයකට ලක්ව ඇත. ඉන් පෙනෙන්නේ ව්‍යවස්ථාදායක සභාව තුළින් අපේක්ෂා කළ ගුණාත්මක දායකත්වය ස්වාධීන කොමිෂන් සභාවලට නොලැබෙන බව ය. ව්‍යවස්ථාදායක සභාවේ ස්වාධීනත්වය පවත්වා ගැනීම කළ හැක්කේ සිවිල් නියෝජිතයන් තිදෙනාට ය. අනිකුත් සාමාජිකයින් හත් දෙනාම දේශපාලන නියෝජිතයින් ය. එසේ වුවද දැන ගන්නට ඇති පරිදි ඉවත් කරනු ලැබූනු පොලිස්පතිවරයා පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටීම මත අර්බුදයක් ගොඩ නැඟුණි. ඒමත එම පත්වීම අධිකරණය දක්වා ගිය පැටලිල්ලක් වූ බව අමතක නොකළ යුතුය. වර්තමානයේ දී ද එබඳුම වගකීම් විරහිත අන්දමින් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු ක්‍රියා කරමින් ඡන්දය ලබා දීමෙන් පසු එය ඉල්ලා අස්කර ගැනීමට ගත් උත්සාහයක් ගැන කතාවක් සමාජගත වෙමින් පවතී.

වැරදි තොරතුරක් ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කර එම සභාව නොමඟ යැවූ බවට තවත් සාමාජිකයෙකුට එරෙහිව චෝදනාවක් 

එසේම කිසියම් කරුණක් පිළිබඳව වැරදි තොරතුරක් ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කර එම සභාව නොමඟ යැවූ බවට තවත් සාමාජිකයෙකුට එරෙහිව චෝදනාවක් ද නැගෙයි. මේ තුළින් පෙන්වන්නේ ව්‍යවස්ථාදායක සභාවට පත්වී ඇති සාමාජිකයින් විචක්ෂණශීලී ලෙස තීරණ ගැනීමට අසමත් බවද? එය එසේ නම් එබඳු සාමාජිකයින් විසින් නිර්දේශ කරන නම් සහිත සාමාජිකත්වයක් ඇති කොමිෂන් සභා වලින් අපේක්ෂිත සේවාවන් ඉටු කළ හැකි වේද? මේවා ජනතාවට අද ඇති ප්‍රශ්න ය. මේ බොහෝ ප්‍රශ්න වල ආරම්භ වුණේ කොමිෂන් සභාවල නිලධාරීන් මාධ්‍ය මගින් කරන අදහස් දැක්වීම් හා කියන කතා වලිනි.

small Office 06 25 22 31 52 126 1fac0b0899
සිය නිලධාරීන්ට ඕනෑවට වඩා මාධ්‍ය සංදර්ශන පවත්වන්නට ඉඩ දීම කොමිෂන් සභාවල පැවැත්මට බලපාන කරුණක් බව ඒ සාමාජිකයින් වටහා ගත යුතුව තිබුණි. රාජ්‍ය ආයතන ලෙස සේවකයින් බඳවා ගැනීම, වැටුප් තල නියම කිරීම, තනතුරු ස්ථාපිත කිරීම ආදී දේවල් රජයට මූල්‍ය බලපෑමක් ඇති කරන ඒවා නිසා ඒ සඳහා පවතින රාජ්‍ය නියාමන ක්‍රමවේදයට මේ කොමිෂන් සභා අනුගත විය යුතු ය. එසේ වුවද මේ කොමිෂන් සභාවල ප්‍රධාන නිලධාරීන් ඒ තත්වය දකින්නේ කොමිසමේ ස්වාධීනත්වය හීන කරන සාධකයක් ලෙසය. මේ නිසාම කොමිෂන් සභාවලට මූල්‍ය ස්වාධීනත්වය දිය යුතුයැයි මතයක් ඔවුන් විසින් නිර්මාණය කරමින් සිටින බවද නිරීක්ෂණය වේ.

එසේම රජයේ මුදල් නැත්නම් විදේශ ආධාර ලබා ගැනීමට හැකි බවක් එක් කොමිසමක ලොක්කෙක් මාධ්‍යයෙන් කියනු ද දැක ගත හැකි විය. මේ කතාවලින් පෙනෙන්නේ රාජ්‍ය පාලනයේ බල මූලය වන මහජන පරමාධිපත්‍ය බලය ඉක්මවා ක්‍රියා කළ හැකි ආයතන ශ්‍රී ලංකා ජනරජයේ භූමි සීමාව තුළ පිහිටුවිය නොහැකි බවවත් නොදන්නා පුද්ගලයන් මේ කොමිෂන් සභා වෙනුවෙන් අදහස් දැක්වීම භයානක බව මිස අන් දෙයක් නොවේ.

sunil kannangara(සටහන | සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලොක්කන් ගේ මාධ්‍ය සංදර්ශනවලින් ගැලවෙන ස්වාධීන කොමිෂන් සභා පිරුවටය | සුනිල් කන්නන්ගර | The Leader