ලොකු ටෝක් දීගෙන ආ කළු ලෝගුවාට හයිරන් දැම්මේ තමා තවමත් ගෝල්ෆේස් අරගල භූමියේ සිටිනවා ය යන ආතල් එකෙන් විය හැකි ය. නොඑසේ නම් තමන්ගේ පන්තියේ එකෙකු දැන් රටේ ජනාධිපති වී ඇත යන චූන් එකෙන් විය හැකි ය. නමුත් අන්තිමට වුණේ එතැන ම කාකි ඇඳුම් ගලවා සරම් කොටයක් අන්දවා බන්ධනාගාර ගත කිරීම ය.
ප්‍රභූ තන්ත්‍රය අවසන් නැත. එය කිසිදා අවසන් වන්නේ ද නැත. මානව ඉතිහාසය පුරාවට ම පැවැති දෙය දෙදාහෙන් පසු උපන් සිඟිත්තන්ට වෙනස් කළ හැකි යැයි සිතීම මුග්ධ උඩඟුකමකි. ප්‍රභූ යනු පන්තියක් නොවේ. එය මනෝභාවයකි. නිර්ධන පන්තියේ අසහාය නායකයා මෙදින ම හාමු ටයිප් ෂෝටක් ගහගෙන කළු මේස් උඩට කළු සපත්තු දාගෙන ආරක්ෂක සේනා පිරිවරා රේල් පාරේ අයිතිකාරයා මෙන් ඇවිද යන විට සුදු ඒජන්තයා දුටු වත්තේ මෙහෙකරුවන් මෙන් සියලු වැඩ තබා පසෙකට වී බලා සිටින ඉරුණු කමිස සහ නග්න පා සහිත නූගත් ගැමියා ‘අනේ අපේ එකෙකු ප්‍රභූ වී ඇතැයි’ සිතා කෝල සිනා පායි. කළු-සුද්දා පිටට තට්ටුවක් දමා පිටව යයි. ප්‍රභූ තන්ත්‍රය යනු එයයි.
ඩොලර් අරගලයේ සාහසිකව හැසිරුණු ගැටයන් ටිකක් අත්අඩංගුවට ගත් විට වහා එහි පැමිණි කළු ලෝගු උත්ත සහ උත්තමාවියන් එදා ඔවුන් බේරා ගත්තේ පොලිසිය තුළ අත්පුඩිත් ගසා ය. ඩොලර් අරගලයේ ප්‍රභූන්ගේ කාමාසාව ඉටු වූ පසු ඒ කොල්ලන් කුණු මාළු කෑලි මෙන් අමතක වී ගියේ ය. දුක් විඳින ජනතාව වෙනුවෙන් රෝස මල් අතින් ගෙන පුද පුදා අරගල කළ ප්‍රභූන් අද නීතියේ භූමිය තුළ ම නිර්ධන සහෝදරයෙකුට ලෝකයක් ඉදිරියේ බැන තර්ජනය කර ඇඳුම් ගලවා රස්සාවත් අහිමි කළේ ය. ඔප්පු වන තුරු නිර්දෝෂී ‘පුරවැසියා’ වෙනුවෙන් පෙනී සිටීමට ප්‍රභූන් දාහක් සිටියදී එකෙකු හෝ ඉදිරියට නොආවේ ය. අර කොළුවා බලාගෙන ඉන්න ඇති සිස්ටම් චේන්ජ් කරපු අයියා කෙනෙක් හරි අක්කි කෙනෙක් හරි තමන් වෙනුවෙන් කථා කරාවි ය කියා.
රජයේ ඉස්පිරිතාලවල බෙහෙත් නැත. ගොවියන්ට අස්වැන්න විකුණා ගන්න බැරි ය. අධ්‍යාපනය සමලිංගික ය. ශාසනය සුන්නත් ය. රට එක තැන ය. එහෙත් ප්‍රභූන් යහතින් වැජඹෙති. අලුත් ම විදුලි කාර් ගෙන එහෙ මෙහෙ යති. මැති ඇමතිලා සහ පිරිවර ලෝක සවාරි ගසති. ජනපතියෝ කොපි කළ බන දෙසති. ලෝකයට ආතල් දෙති. තව තවත් රට ණය කර කර බදු ගස ගස ප්‍රභූන් නටති. ජොලි කරති. ආතල්ලන්තයේ බුකි විරුවෝ කටමැත දොඩවති. අදින් පස්සේ VIP වෙන්නේ ඇම්බියුලන්ස් විතරයි කියලත් කිව්වා…
ප්‍රභූ තන්ත්‍රය වඩාත් ශක්තිමත් වී තිබේ. ප්‍රභූන්ගේ අල්ලේ නැටවෙන වෙන්ට ප්‍රභූ ආණ්ඩුවක් යනු ප්‍රභූ තන්ත්‍රයේ උපරිමය යි. එබැවින් ඔබ ඇඟිල්ලේ තරමට වඩා ඉදිමෙන්න යන්න එපා. ප්‍රභූන්ට අභියෝග කරන්න යන්න එපා. ඔබගේ පිටට තට්ටුවක් දමා සිනා සුණු පළියට ඔබ හිතන්න එපා ඔබ ඔවුන් හා සමානයන් ය කියා. එහෙම හිතුව ම තමයි ඔය වගේ අකරතැබ්බ වෙන්නේ. කමක් නැහැ, සරල ජනපති ගෝඨාභයව ගෙදර යැව්වානේ කියලා හිත හදා ගෙන ඔය චණ්ඩ ප්‍රභූන් කියන දෙයක් කරගෙන දැන් ඉඳපල්ලා.
ධර්මය ඔබට මග වේවා!
(සටහන |එරන්ද ගිනිගේ)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
(උපුටා ගැනීම : ගිනිහුළ)
2025 ඔක්තෝබර් 12




