The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

අනාගතයේ දී පක්ෂ දේශපාලනය අහෝසි වෙනවා - රනිල් වික්‍රමසිංහ

T

The Leader Desk

October 14, 2025 • 6:32 AM

අනාගතයේ දී පක්ෂ දේශපාලනය අහෝසි වෙනවා - රනිල් වික්‍රමසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනාගතයේ දී පක්ෂ දේශපාලනය අසාර්ථක වන බවත් පුද්ගල චරිත මත දේශපාලනය තීන්දුවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
  • අභාවප්‍රාප්ත මනෝජා මධුවන්ති කරුණාරත්නගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙරේදා (12) පස්වරුවේ බොරැල්ල ජයරත්න මල් ශාලාව වෙත පැමිණියේය.
  •   ඔහු ඉහත කාරණය සඳහන් කර ඇත්තේ එම අවස්ථාවට සහභාගි වූ මොහොතේ මාධ්‍යවේදීන් හා දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් සමග ආ ගිය තොරතුරු පවසමින් සිටි මොහොතක ය.
  • ''විපක්ෂයේ කටයුතු වෙනුවට “චරිත” ලෙස හැඳින්විය හැකි පුද්ගලයො කිහිපයක් පමණක් දේශපාලන කටයුතු කරමින් ඉන්න බව පෙනෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


විපක්ෂයේ පාර්ලිමේන්තු දේශපාලන කටයුත්ත තුළ විපක්ෂයේ කාර්යභාරය ඉතා වැදගත් වුව ද අද වන විට විපක්ෂයේ කටයුතු දැඩිව දුර්වල වී ඇතැයි ද ඔහු කියා සිටියි.

අභාවප්‍රාප්ත මනෝජා මධුවන්ති කරුණාරත්නගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙරේදා (12) පස්වරුවේ බොරැල්ල ජයරත්න මල් ශාලාව වෙත පැමිණියේය.

 

WhatsApp Image 2025 10 13 at 11.24.18 AM

ඔහු ඉහත කාරණය සඳහන් කර ඇත්තේ එම අවස්ථාවට සහභාගි වූ මොහොතේ මාධ්‍යවේදීන් හා දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් සමග ආ ගිය තොරතුරු පවසමින් සිටි මොහොතක ය.

''විපක්ෂයේ කටයුතු වෙනුවට “චරිත” ලෙස හැඳින්විය හැකි පුද්ගලයො කිහිපයක් පමණක් දේශපාලන කටයුතු කරමින් ඉන්න බව පෙනෙනවා. උදාහරණයක් විදියට: චාමර සම්පත් දසනායක, දයාසිරි ජයසේකර යන අයගේ දේශපාලන කටයුතු දකින්න පුළුවන්.'' යයි හිටපු ජනාධිපතිවරයා පවසා ඇත.

 

WhatsApp Image 2025 10 13 at 11.27.17 AM

එම අවස්ථාවේ එහි සිටි රනිල් වික්‍රමසිංහගේ පෙර අනුගාමිකයන් වන වත්මන් සමගි ජන බලවේගය නියෝජනය කරන වරුණ රාජපක්ෂ සහ මහේෂ් සේනනායක යන අය විපක්ෂ සන්ධානය සම්බන්ධයෙන් විමසා ඇති අතර එහිදී රනිල් වික්‍රමසිංහ ක්ෂණිකව මෙසේ සඳහන් කර ඇත.

 

WhatsApp Image 2025 10 13 at 11.27.19 AM

“සන්ධානයට සජබ නායකත්වය ගන්න දඟලන්නෙ මම ඒකට එකඟ නොවෙයි කියල හිතලනේ...  ඔය කියන විදිහට සමගි ජන බලවේගය සන්ධානයට නායකත්වය දරන එකට මම එකඟ වුණොත්, ඒ සන්ධානයේ ඊළඟ ගමන පිළිබඳව ඔයලට යම් යෝජනා/පිළියමක් තියනවද ?”

WhatsApp Image 2025 10 13 at 11.27.22 AM 1

එම ප්‍රශ්න කිරීම හමුවේ වරුණ හා මහේෂ් දෙදෙනාම නිහඬ වී ඇත.

එසේම, දෙකට බෙදී තිබෙන එජාපය එකතු කර ශක්තිමත් කලයුතු යැයි යන අදහස මතු වූ විට, ඊට ප්‍රතිචාර දක්වා ඇති රනිල් වික්‍රමසිංහ “අනාගතයේ දී සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය දෙක ම දේශපාලන භුමිය තුළ අහෝසි වෙනවා. අද ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි. ලොව පුරාම Character-based politics මතු වෙලා තියෙනවා. ඒ නිසා පක්ෂ දේශපාලනය අසාර්ථක වෙලා යනවා.” යයි අවධාරණය කර ඇත.

 

WhatsApp Image 2025 10 13 at 11.27.22 AM

 “ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂය දුර්වල වී තිබුණ ද ඩොනල්ඩ් ට්‍රම්ප් මගින් පක්ෂයේ බලය අල්ලාගත්තා. එසේම බ්‍රිතාන්‍යයත් එහෙමයි. ප්‍රංශ ජනාධිපතිගෙන් පවා යන අත දෙස අදහස් කළ නොහැකි යි” යයි ද රනිල් වික්‍රමසිංහ එහිදී වැඩි දුරටත් පවසා තිබේ.

 



( newstube.lk)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අනාගතයේ දී පක්ෂ දේශපාලනය අහෝසි වෙනවා - රනිල් වික්‍රමසිංහ | The Leader