The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

නීතීඥයන්ට ගරහමින් ඉෂාරා සෙව්වන්දි උඩ දැමීමේ දේශපාලනය | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

October 17, 2025 • 8:17 AM

නීතීඥයන්ට ගරහමින් ඉෂාරා සෙව්වන්දි උඩ දැමීමේ දේශපාලනය | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉෂාරා සෙව්වන්දි තව කොච්චර දේ කියන්නට ඇද්ද? ඒ අතරින්, ගනේමුල්ල සංජීව ඝාතනය කරපු දවසෙ උසාවියෙ වෙච්ච මේ දේ පිළිබඳ කියන කතාව කිසිම වැදගැම්මකට නැති එකක්.
  • ජවිපෙ මේ පසුකරමින් ඉන්නෙ සංක්‍රාන්තික අවධියක්.
  • ඒ වුණාට පොලිසිය ඒක තමයි මාධ්‍යවලට ඉදිරිපත් කරන්නෙ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ වුණාට පොලිසිය ඒක තමයි මාධ්‍යවලට ඉදිරිපත් කරන්නෙ.

 

565135341 10163115141994326 7564298888398578939 n564608496 10163115142324326 1023266461066871013 n565134560 10163115143024326 5273015518356399387 n565123741 10163115143459326 6450732749828024863 n562368282 10163115143864326 345607473460238375 n561415314 10163115144224326 7032258835960479788 n

මේ කරන්නෙ වන්නිනායක වලියෙ ඇරියස් එකක් පියවාගන්න නීතීඥවරුන්ට එරෙහිව සමාජයේ පිළිකුලක් නිර්මාණය කරන එක. හැබැයි, හිතන්න එපා ඒක වන්නිනායක වලියට සීමාවෙනවා කියලා.

නිර්ප්‍රභූ ජවිපෙ පොලිස්පතිත් නීතීඥවරයෙක්නෙ. ඇයි ඔහු මෙවැනි දේ කරන්නෙ? අන්න ඒක තේරුම් ගැනීම ඉතාම වැදගත්.

මේක ජවිපෙ පොලිස්පතිගෙ විතරක් නෙමෙයි ආණ්ඩු කරන ජනතා විමුක්ති පෙරමුණ නම් පක්ෂෙම මතවාදය. ඒ මතවාදය තුළ ඔවුන් එක පැත්තකින් නීතීඥවරුන් වගේ ප්‍රභූ වෘත්තිකයන් බලු කරනවා. අනෙක් පැත්තෙන් ටී.බී. සරත් වගේ ඇමතිවරුන් ඉෂාරා සෙව්වන්දි, මාකඳුරේ මධූෂ් වගේ පාතාල අපරාධකාරයන් වීරයන් කරනවා. ඇයි ඒ? ඔවුන් සමාජ වැරදි නිසා නොමග ගිය දක්ෂ මිනිසුන් යයි හුවා දක්වනවා. මාර දක්ෂකම් ඒවා නම්! ජවිපෙ ඉන්නෙත් එවැනි දක්ෂයන් තමයි.



ජවිපෙ මේ පසුකරමින් ඉන්නෙ සංක්‍රාන්තික අවධියක්. ඔවුන් කරමින් ඉන්නෙ නව ප්‍රභූ තන්ත්‍රයක් නිර්මාණය කරන එක. පීසී පොලිස්පතිගෙ සිට ඉටිරෙදි කුස්සියෙන් ආපු හෑවගේලා දක්වා ආපු දුක දිනා ජයගත් නව ප්‍රභූ තන්ත්‍රයක් මතුව එනවා. බලාපොරොත්තුවෙන් ඉන්න. ඔවුන් ස්ථාපිත වෙනකල් ඔවුන් පැරණි ස්ථාපිතයන්ට කුළුගෙඩි පහර දෙන එක නවත්තන්නෙ නැහැ.

රූබිකොන් නදී තරණයේ කතාව මතක් කළේ නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස්. සාලියලා තමයි, ප්‍රභූ නීතීඥ වෘත්තිය කැරැලිකරුවන් වෙනුවෙන් උසාවියේ නීතීඥයන් අත්පොළසන් දෙන මට්ටම දක්වා පිරිහෙළුවෙ. බල්ලොත් එක්ක ලැග්ගොත් නැගිටින්න වෙන්නෙ මැක්කොත් එක්ක තමයි නීතීඥ මහත්වරුනි.

පැරණී ප්‍රභූන් වෙනුවට නැගිටින අලුත් ප්‍රභූන්ගේ සංස්කෘතිය ගොඩක් වෙනස් වෙයි. තිබුණු එක රීසෙට් කරගන්න ඕනැ නම් තවමත් යම් අවස්ථාවක් තියෙනවා. හැබැයි තිබුණු විදියටම නම් බැහැ.

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(උපුටා ගැනීම - අජිත් පැරකුම් ජයසිංහ ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නීතීඥයන්ට ගරහමින් ඉෂාරා සෙව්වන්දි උඩ දැමීමේ දේශපාලනය | අජිත් පැරකුම් ජයසිංහ | The Leader