The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

ලක්මාලි හේමචන්ද්‍රගේ අධිකරණ අපහාස ප්‍රශ්නය දුරදිග නොගෙනියමු | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

October 22, 2025 • 8:16 AM

ලක්මාලි හේමචන්ද්‍රගේ අධිකරණ අපහාස ප්‍රශ්නය දුරදිග නොගෙනියමු | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධ නඩුවක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙහි විභාග වෙමින් තිබියදී අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බව ඔප්පු වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට 2018 අගෝස්තු 8දා වසර 19ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් වසර හයකින් ගෙවී යන පරිදි නියම කරන ලදී. (පසුව ඔහුට ජනාධිපති සමාවක් යටතේ නිදහස ලැබිණි.)
  • හේතුව, එවැනි පිරිමින් සමග එකට ගැටෙමින් කටයුතු කිරීමේ හැකියාව ඇත්තේ ඇය වැනි අයටය.
  • අනෙක් පැත්තෙන්, ඇය එම ප්‍රකාශය කළේ සිතාමතාම අධිකරණයට අපහාස කිරීම සඳහා යයි කිව නොහැකිය.
  • එය මහජන ප්‍රශ්නයක් විසඳීම සඳහා මැදිහත් වූ අවස්ථාවක ඇගේ කටින් පිට වූ තවත් එක් අමනෝඥ ප්‍රකාශයක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):


අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා හතරක් ගොනු කර තිබිණි. එම චෝදනා හතර අතරින් දෙවන චෝදනාව මෙසේය:

galaboda aththe gnanasara thero 1
''අධිකරණය විසින් දෙනු ලබන නියෝගය පිළිනොගන්නා බව සහ රටේ පවතින නීතිය අනුගමනය නොකළ යුතු බව නීත්‍යානුකූල අවසරයකින් තොරව හිතාමතාම සහ ඕනෑකමින්ම ප්‍රසිද්ධියේ විවෘත අධිකරණයේ පැවැසීම''

එම චෝදනාවට පමණක් එහිමියන්ට වසර හතරක සිර දඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලදී.

මේ වනාහි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ එක් උදාහරණයක් පමණි. දැන්, තිඹිරිගස්යාය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය විසින් කරන ලද ඒ හා සමාන ප්‍රකාශයකින් ද අධිකරණයට අපහාස කිරීම සිදු කර ඇති බැවින් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස නව ජනතා පෙරමුණේ නියෝජිතයින් පිරිසක් අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

 



ඥානසාර හිමි මොබ් චර්යාවන් ප්‍රකට කළ මොබ් නායකයෙකි. ඔහු අධිකරණයට අපහාස කිරීම සිදු කරන්නේ ද, සිංහල ජාතිකවාදී මොබ් ක්‍රියාකාරීත්වයක් අතරතුරදීය.

ලක්මාලි හේමචන්ද්‍ර මොබ් චර්යා ප්‍රකට කරන අයෙකු නොවුණත්, ඇය අපරිණතකම නිසා නිරතුරු අවධානයට ලක්වන අයෙකි. ඇය මගේ කොණ්ඩය සුදු නිසා මට නාකියා කියා ෆේස්බුක්හි අවමන් කළේ ඇය නීති ශිෂ්‍යාවකව සිටියදීය. ඒ කාලයේ සිටම ඇගේ සමාජ දැක්ම මෙන්ම චර්යාව පිළිබඳව ද බරපතළ ගැටලු තිබිණි.

එහෙත්, ලංකාවේ දේශපාලනයේ පවතින තත්වය තුළ මහජන නියෝජනයට ගැලපෙන්නේ එවැනි කාන්තාවන්ය. හේතුව, එවැනි පිරිමින් සමග එකට ගැටෙමින් කටයුතු කිරීමේ හැකියාව ඇත්තේ ඇය වැනි අයටය. ඇය වැනි අය පාගා දමා ලංකාවේ දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කළ නොහැකිය.

එම නිසා ඇගේ දේශපාලන අනාගතය අඳුරු නොකළ යුතු යයි අපි සිතන්නෙමු. අනෙක් පැත්තෙන්, ඇය එම ප්‍රකාශය කළේ සිතාමතාම අධිකරණයට අපහාස කිරීම සඳහා යයි කිව නොහැකිය. එය මහජන ප්‍රශ්නයක් විසඳීම සඳහා මැදිහත් වූ අවස්ථාවක ඇගේ කටින් පිට වූ තවත් එක් අමනෝඥ ප්‍රකාශයක් පමණි.

ඇය සිය ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටිය යුතුය. තමන් අධිකරණයට අපහාස කිරීමේ චේතනාවකින් කටයුතු නොකළ බව ද වරදක් සිදු වී ඇති බව ද ඇයට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ හැකිය.

අධිකරණ සේවා කොමිෂන් සභාව උපරිම වශයෙන් ඇයට අවවාදයක් කරනවා නම් හොඳය. එය ඇයට හැදෙන්නට හොඳය. දේශපාලන නායකත්වය සඳහා හැදිච්චකම ඉතා වැදගත්ය.

මේවා මහ ලොකු ප්‍රශ්න බවට පත් කරගත යුතු නැත. ප්‍රධාන විරුද්ධ පක්ෂවල කිසිවෙකු ඇයට එරෙහිව පැමිණිලි කරන්නට ඉදිරිපත් වී නැත. එයින්ම ප්‍රකාශයට පත්වන්නේ ඔවුන්ගේ හැදිච්චකමයි. පැමිණිලි කළ පාර්ශ්වය පවා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කර නැත. ජාතික ජන බලවේගය ද එයින් යමක් ඉගෙනගන්නවා නම් ඔවුන්ට ද හැදෙන්නට පුළුවන.

වෛරයෙන් වෛරය නොසන්සිඳේ. වෛරී දේශපාලනය අවසන් කරමු.

 

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලක්මාලි හේමචන්ද්‍රගේ අධිකරණ අපහාස ප්‍රශ්නය දුරදිග නොගෙනියමු | අජිත් පැරකුම් ජයසිංහ | The Leader