කුඩු එක්ක යුද්ධයක් කියන්නේ ඒ යුද්ධය ඇත්තටම අනුරට කරන්න වෙන්නේ පාතාලය එක්ක. ඉතිං මෙරටට කුඩු ගෙන්වන ඉහළම ජාලේ හඳුනගෙන තියෙන්නේ කියලත් කියවෙනවා. ඒ කියන්නේ දැන් තියෙන්නේ යුද්ධය පටන්ගන්න විතරයි.
ඒ යුද්ධයට අවශ්‍ය මාධ්‍ය භාවිතාවනම් දැන් ආණ්ඩුව හොඳටම කරන බව පේනවා. ඕලුගල සර් එද ශවේන්ද්‍ර වගේ නැඟලා යමින් තිබෙනවා. මිනිස්සු දැන් කෝච්චියෙ කතාකරන්නේ සෙව්වන්දි ගැන මිසක් මෙගා ගැන නෙවෙයි. පියුමිගෙන් ක්‍රීම් අරං පාතාලේ අයියලා සුදු උන විදිහ තමයි අද මිනිස්සු උදේට රස්සාවට යනගමන් කතාකරන්නේ. ඔය වෙඩි තියලා මරපු මිදිගම ලසත් ඉස්සර කට්ට කළු කොල්ලෙක් ලු. හැබැයි ඝාතනය වෙනකොට පට්ට සුදුයි. ඉතිං මේවාගැන මිනිස්සු තලුමරන්නේ එදා මහින්දගේ යුද්ධෙ අස්සේ මිනී ගනන් කළාවගේ සොමියකින්. ඒ අර්ථයෙන් ආණ්ඩුව මතට විරුද්ධ යුද්දෙට හොඳ ආරම්භයක් අරගෙන තියෙනවා.
ගමේ පොඩි එවුන් පවා අයිස්වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. ඛේදනීය තත්ත්වයක්. මේ තත්ත්වය අස්සේ පාතාලයෝ එකා දෙන්නා මැරුවත් ගමේ මිනිස්සුනම් ආණ්ඩුවට විරුද්ධව පාරට බහින එකක් නෑ. මොකද ජනමතය තියෙන්නේ අයිස් අතුගාලා දාන්න ඕනෑ කියන තැන. ඒත් ඉතිං පිලිපීනයේ කළාවගේ ඉබාගාතේ වෙඩි තිය තියා මර මරා මේක කරන්න බෑ ලංකාවේ. ඒක ආණ්ඩුව වගේම පොලීසියත් දන්නවා.
ඒ නිසා මටනම් තාම හිතෙන්නේ නෑ ආණ්ඩුව පාතාලේ ලේබලේ විරුද්ධවාදීන්ට අලෝලා මේ මතට එරෙහි යුද්ධය අස්සේ දේශපාලන විරුද්ධවාදීන් ඉවර කරලා දායි කියලා. එච්චර දෙයක් කරන්න මේ ආණ්ඩුවට ශක්තියක් නෑ. අනික පොලීසිය උනත් එහෙම දේකට යන්න තියෙන ඉඩ සීමිතයි.
මහින්ද රාජපක්ෂනම් ඒක හොඳටම කළා. යුද්දේ අවසන් කාලේ කාටහරි විරුද්ධව ත්‍රස්තවාදී ලේබලය ඇලෙව්වා කියන්නේ උන්දැට බඩු බනිස්. ඒ ලේබල් එක එදා ගැහුවෙ විමල් වීරවංශ වගේ අය. ලසන්ත මරන්න කලින් ත්‍රස්තයෙක් කළා. ප්‍රගීත්ටත් කළා. හැබැයි මේ ආණ්ඩුව ඒ මාර්ගය තෝරාගනීවි කියලා හිතන්න තියෙන ඉඩ සීමිතයි.

ඒනිසා මිදිගම ලසා මැරුවා කියලා මෙහෙම නටන එක යුක්ති යුක්ත නෑ. තේරුමකුත් නෑ. ඊළඟට එහෙම මර්දනයක් ආවොත් ඔය විපක්ෂයේ ගොඩාක් එවුන් දැන් මේ අපිටත් කඩේ යනවා හෝදනවා කියලා කෑගහන එවුන් වැඩි දෙනෙක් ගමේ තමන්ගේ ළඟම ජේවීපීකාරයාට හරි පස්ස දීලා බේරෙනවා කට ෆුක අකුලගන්නවා ආයේ දෙකක් නෑ. රාජපක්ෂගේ කාලේ ඔය අයියලා ගොඩාක් හිටිය විදිහ දන්න හින්දා තමයි අපේ මේ කියන්නේ. ඔය විපක්ෂයේ ගෑහන අයියලා ගොඩාක් එවුන් හිත යටින් හිතන්නේ මේ ආණ්ඩුවට මහින්දලා වගේ මිනී මරන්න ආත්ම ශක්තියක් නෑ කියලා. ඒ නිසා බය නෑ.
දෙරණේ රොටියා උනත් හිතනවා ආණ්ඩුවට එහෙම ගටක් නෑ කියලා. ඒනිසා තමයි ඔහොම ඒවා කියන්නේ. ඇත්තටම මර්දනය ආවොත් මිනිහා ඔය ටිරාන් වගේ කෙනෙක් අල්ලගෙන අනුර ලොක්කා හම්බවෙන්න යනවා බුදු සුවර්.. ඒනිසා ඕවා පස්සේ දුවන එවුන් පරිස්සමෙන්..
ඉතිං දෙරණේ රොටියා වගේ නෙවෙයි මම නම් මේ ආණ්ඩුව වැටෙනවට කැමති නෑ. මොකද මේක මෙදා පාර වැටුණොත්, දුෂණය වංචාව වගේ දේවල්වලට විරුද්ධව දැනට තිබෙන ජනතා මතය සම්පූර්ණයෙන්ම අනෙක් පැත්තට හැරෙනවා. ඊටපස්සේ ඉතිං 2014 මහින්දගේ යුගේ ආයේ කන්ටිනිව් කරන්නයි තියෙන්නේ..
ඒ නිසා මේ දූෂිතයෝ වංචාකාරයෝ මිනීමරුවෝ හෙළිදරව් වෙනකම් හරි මේ ආණ්ඩුව ඉස්සරහට යන්න ඕනෑ. ඒනිසා මම නම් දැන්ම කොරැහේ කිඹුල්ලු දකින්නේ නෑ. එහෙම දකින්න ඕනෑත් නෑ.
ඒ නිසා දෙරණේ රොටියට උනත් කියන්න තියෙන්නේ ඉස්සරහට එහෙම මර්දනයක් ආවොත් දුවන්නේ නැතුව යටින් ගිහිල්ලා ඩීල් දාන්නේ නැතුව විපක්ෂයේ ඉදලා නිර්භීතව ෆයිට් කරන්න ශක්තිය ඉතුරු කරගන්න කියලා.
මෙහෙම බොරුවට කෑගහලා ශක්තිය හීන කරගන්න හදන්න එපා. අඩුම විපක්ෂ නායකයා වෙන්නවත් පොඩි ට්‍රයි එකක් දෙන්න. ඔය අතේ තියෙන සල්ලි උනත් මේ වෙලාවේ ඒකට භාවිතා කරන්න. 2028-29 වෙනකොට තේරෙයි තමන් හොඳ ආයෝජනයක් කළා කියලා.(සටහන | කේ. සංජීව )
මාධ්‍යවේදී හා දේශපාලන ක්‍රියාකාරික
(උපුටා ගැනීම - කේ සංජීව ගේ ෆේස්බුක් පිටුවෙන්..)




