ඉන් සිදුවන්නේ සමස්ථ පද්ධතියම අපකීර්තියට පත් වන බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරයි.
ඔහුගේ ෆේස්බුක් සටහනේ මෙසේ සඳහන් වේ.
අත්අඩංගුවට ගැනීම් සහ අපරාධ පරීක්ෂණ නීතියෙන් ස්ථාපිත ක්‍රියා පටිපාටියට අනුව සිදු කළ යුතුය. සැකකරුවන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්නය කිරීම, ඔවුන්ගේ වොයිස් කට් ලබා දීම සහ එම ක්ලිප් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීම මහජනතාවගේ සමහර කොටස් පිනවන නමුත් නඩු විභාගය ආරම්භ වූ පසු ඒවායින් පැමිණිල්ලට වාසියක් නැත. එවැනි බොළඳ ක්‍රියා මගින් පොලිසියේ ප්‍රිද්මයට හානි වේ. එමගින් විමර්ශකයන්ගේ වෘත්තීයභාවය පිලිබඳව ප්‍රශ්න පැන නගින අතර සමස්ත පද්ධතියටම අපකීර්තියක් ගෙන එයි.

සබැඳි ලිපියක් :
ආණ්ඩුව අපරාධකරුවන් ගැන පිළිවෙත විවෘතව කිව යුතුයි | සුනිල් කන්නන්ගර




