The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

වෙඩිල්ල වගේ වැලිගම යන්න බයික් එක හැදීමේ නීතිමය හා සමාජමය ගැටලු | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

October 29, 2025 • 8:46 AM

වෙඩිල්ල වගේ වැලිගම යන්න බයික් එක හැදීමේ නීතිමය හා සමාජමය ගැටලු | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයට යොදාගත් යතුරු පැදිය වේගයෙන් යා හැකි අන්දමට සැකසූ බව කියන කාර්මිකයකු ද මිනීමැරුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම පොලිසිය කටයුතු කරන ආකාරය පිළිබඳ හොඳම නිදසුනකි.
  • යතුරුපැදි අලුත්වැඩියා කරන්නකු ලෙස එම යතුරුපැදිය අලුත්වැඩියා කිරීම හෝ වෙඩික්කරු දැන සිටීම චෝදනාවකට හේතුවක් විය නොහැකිය.
  • මේ අන්දමින් සාක්ෂි නොමැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හා අධිකරණයට ඉදිරිපත් කිරීම ලංකාවේ පොලිසියේ සාමාන්‍ය භාවිතාවක් බවට පත්ව ඇත.
  • පවුල් හා විශේෂයෙන් ළමයින් දරිද්‍රතාවට ගොදුරු වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


යතුරු පැදියකින් යා හැකි වේගය තීරණය වන ප්‍රධාන සාධක වන්නේ එහි එන්ජින් ධාරිතාව, බර හා එහි ගමන් කරන්නන්ගේ බරයි. කාබියුරේටරයේ යම් වෙනස්කම් කිරීමෙන් වේගය සුළු වශයෙන් වැඩි කළ හැකි වුව ද, එය එතරම් වැදගත් නැත.

එසේම, මෙවැනි අලුත්වැඩියාවන් ඕනෑම වැඩ දන්නා කාර්මිකයකු ලවා, ඕනෑම කෙනෙකුට කරවාගත හැකිය.

image 02b3920dfb
යතුරුපැදි අලුත්වැඩියා කරන්නකු ලෙස එම යතුරුපැදිය අලුත්වැඩියා කිරීම හෝ වෙඩික්කරු දැන සිටීම චෝදනාවකට හේතුවක් විය නොහැකිය. වෙඩික්කරු හෝ වෙනත් අය සමග ඝාතනයට කුමන්ත්‍රණය කළා නම් හෝ ඝාතනය පිළිබඳ තොරතුරු දැනගෙන වසන් කළා නම්, මෙම ඝාතනය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත යුතුය.

එහෙත්, පොලිසිය කියන දේ මාධ්‍ය විසින් වාර්තා කරන ආකාරයට ඔහු කර තිබෙන්නේ වෙඩිල්ල වගේ යන්නට බයික් එක හැදීමයි. එහෙම හදන්නට බැරිය. හැදුවත් එය නීතිමය වරදක් වන සංදර්භය අදාළ වෙනවා නම් අදාළ වන්නේ මෝටර් වාහන ආඥාපනතටයි.

මේ අන්දමින් සාක්ෂි නොමැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හා අධිකරණයට ඉදිරිපත් කිරීම ලංකාවේ පොලිසියේ සාමාන්‍ය භාවිතාවක් බවට පත්ව ඇත. මෙම පුද්ගලයන්ට එරෙහි චෝදනා ඔප්පු කළ නොහැකි නිසා ඔවුන් බොහෝ විට නිදොස් කොට නිදහස් වේ.

 

125
බොරු නඩු පැවරීම සම්බන්ධයෙන් නඩු පවරන්නන් වගවිය යුතු තත්වයක් ලංකාවේ නැත. එහෙත්, ඒ වෙනුවෙන් වගවීමට ජනතාවට සිදු වේ. ඒ අධිකරණ ක්‍රියාවලි, රිමාන්ඩ්ගත වන පුද්ගලයන් නඩත්තු කිරීම, ඔවුන් දීර්ඝ කාලයක් රිමාන්ඩ්ගතව සිටියදී උසාවි වෙත ප්‍රවාහනය, ඒ වෙනුවෙන් ආරක්ෂාව සඳහා කරන වියදම් ආදිය දරන්නේ ජනතාවගෙන් අයකරගන්නා බදු මුදලින් නිසාය.

එපමණක් නොව, පුද්ගලයන් බොරු නඩු පවරා නිකරුණේ සිර කර තැබීමෙන් ඔවුන්ගේ ජීවනෝපායන් බිඳ වැටේ. පවුල් හා විශේෂයෙන් ළමයින් දරිද්‍රතාවට ගොදුරු වේ. ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වේ. වැඩ කළ හැකි පුද්ගලයන් නිකරුණේ සිරගත කර මහජන මුදලින් කන්නට බොන්නට දී නඩත්තු කිරීම නාස්තියකි. නිකරුණේ පුද්ගලයන් සිරගත කිරීම ශ්‍රම බලකායට ද කරන හානියකි. නිකරුණේ නඩුවලට පැටලෙන පුද්ගලයන්ට විදේශ රැකියාවලට යාමට නොහැකිය. රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන විදේශ ශ්‍රමික ප්‍රේෂණවලට ද එය බලපායි.

ඒ මදිවාට අධිකරණයේ නඩු ගොඩගැසෙයි. බන්ධනාගාර තදබදය ඉහවහා යයි. නීතිපති දෙපාර්තමේන්තුව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැනි රජයේ ආයතනවල වැඩ ගොඩගැසෙයි.

මෙයට විසඳුම වන්නේ බොරු නඩු පැවරීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන් වගවන ක්‍රමවේදයක් නිර්මාණය කිරීමයි. ස්වාධීන අභිචෝදක සේවාවක අවශ්‍යතාව පිළිබඳව ද රටේ සංවාදයක් තිබේ. එය කරන ආකාරය පිළිබඳ සංවාදය තවදුරටත් පුළුල් විය යුතුය.

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...