හැම ආන්ඩුවක්ම තඩිබාන්න තෝරගන්න මුවහමක් තමයි මත්ද්‍රව්‍ය කියන්නෙ. කිසි කෙනෙක් විරුද්ධ වෙන්නෙ නැති වැඩක්. හොඳ ප්‍රචාරණ ව්‍යාපෘතියක්. ආන්ඩුවක් එහෙම දෙයක් තෝරාගැනීමේ කිසිම වැරැද්දක් නෑ.
ඒ වගේ ව්‍යාපෘති විශාලව සංදර්ශනාත්මකව පැවැත්වීමත් නරක දෙයක් නෙමෙයි. ආන්ඩුවලින් කරන එහෙම ව්‍යාපෘතිවලින් තමයි ඒ ආන්ඩු ගේන්න වැඩකරපු, ඒ ආන්ඩුවලට කඩේ යන මිනිස්සු කීයක් හරි හම්බුකරගන්නෙ. එතකොට තමයි අපි වගේ ඇඩ්වර්ටයිසින් කරන උන්ට වැඩක් හම්බුවෙන්නෙ. ආන්ඩුවක් තමන්ගේ පාක්ෂිකයන්ට යම් ආදායමක් උපයා ගත හැකි ඒ වගේ වැඩ කරන්න ඕනමයි.
මොනම ආන්ඩුවකට කඩේ ගිහිල්ලා හරි අන්තිමට කීයක් හරි උපයගන්නෙ රටේ ජනතාවගෙන් කොටසක් කියලයි මං හිතන්නෙ. ඒ හින්ද මේ ආන්ඩුව ගැන මට තියෙන ප්‍රධාන චෝදනාවක් වෙන්නෙත් විශාල ව්‍යාපෘති හිගන ගනංවලට කරන එක.
අර තරුණ සේවා සභාවෙ මොකක් හරි වැඩකට ටීෂර්ට් ගහපු කතාවක් දැක්කා. ඒ මිළ ගනං ලැයිස්තුත් සමාජ මාධ්‍යවල දැක්කා. මට ඒ වැඩේ තිබුනු එකම අර්බුදය තරුණ සේවා සභාවෙ වැඩක් සමාජවාදී ශිෂ්‍ය සංගමය නමින් බ්‍රෑන්ඩ් කරපු එක. ආන්ඩුවෙ සල්ලිවලින් පක්ෂෙ ප්‍රචාරණය කරන එක. ඒක නාමල්ලගෙ නිල් බලකාය වගේම වැඩක්.
ඒත් ඒ ටීෂර්ට්වල ගාන දැක්කම මට හිතුනෙ මෙහෙම අඩු ගනංවලට වැඩ කරන්නෙ කවුද කියල. හොඳ කොලිටි ටීෂර්ට් එකක් ප්‍රින්ට් කරලා දෙන්න ඊට වඩා වියදමක් යනවා. මේ ආන්ඩුවෙ හිගන මානසිකත්වය හින්ද අඩු ගනංවලට බාල වැඩ කරනවා. හරි අපි එමුකො මත ගැන කතාවට.
රනිල්ගෙ ආන්ඩුවෙන් කරපු යුක්තිය මෙහෙයුමට වඩා අනුරගෙ 'ඉවත් වෙනු' මෙහෙයුම මානුෂිකයි. රනිල්ගෙ ආන්ඩුවෙ යුක්තිය මෙහෙයවුනෙ අහිංසක මිනිස්සු ඉලක්ක කරගෙනයි. ඒක ආන්ඩුවක් විසින් කරපු පහත්ම ගණයෙ පීඩාකාරී ව්‍යාපෘතියක්.
අනුර ඇත්තට හෝ බොරුවට ඉලක්ක කරගන්නෙ මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය. මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය කියන්නෙ ආන්ඩුවට බදු නොගෙවා කරගෙන යන මහා පරිමාණ ව්‍යාපාරයක් හින්ද ආන්ඩුවක් ඒක කුඩුපට්ටම් කරන්න යනවා කියන්නෙ පිළිගත හැකි ආර්ථික කාරණයක්. නීත්‍යානුකූල මත්ද්‍රව්‍ය තියෙනවා, නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය තියෙනවා. ඔය අතර වෙනස මට අනුව නම් රජයට බදු ගෙවීම සහ නොගෙවීම විතරයි. ඒක ජනතාවගේ නිරෝගීබව හෝ සෞඛ්‍ය ගැන කාරණයක් කියන්නෙ මිත්‍යාවක්.
ලංකාවෙ අපි ඇබ්බැහි වෙලා ඉන්න, ජාතික උවදුරක් බවට පත්වෙලා තියෙන ලොකුම මත්ද්‍රව්‍ය වෙන්නෙ සීනි. ඒත් සීනිවලින් බදු ගෙවනවා. ඒ හින්ද නීත්‍යානුකූලයි. රටෙන් තුනෙන් එකක් දියවැඩියාව, අධික ස්ථුලභාවය, අධි රුධිර පීඩනයට ගොදුරු වෙනවා. හැබැයි සීනිවලට විරුද්ධව ඉවත්වෙනු වගේ කැම්පේන් එන්නෙ නෑ. ඒ හින්ද මත්ද්‍රව්‍ය ගැන සෞඛ්‍ය අධිකාරීන් සහ රජය කියන්නෙ තනිකර බොරු.
මත්ද්‍රව්‍ය කියන්නෙ ප්‍රශ්නය නෙමෙයි. ඇත්ත ප්‍රශ්නය වෙන්නෙ ඇබ්බැහිය කියන කාරණය. ඇබ්බැහියට මත්ද්‍රව්‍ය අදාලම නෑ. ඉස්සර මහා උවදුරක් විදිහට හෙරොයින් ගැන කතා කරපු අපි දැන් 'සීතල' ගැන කතා කරනවා. ඒක නැති වෙද්දි තව ඊට වඩා නරක එකක් එනවා. ඩ්‍රග් එක කියන්නෙ රෝග ලක්ෂණය විතරයි.
ඇයි කවුරු හරි මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙන්නෙ? කිසි කෙනෙක් මත්ද්‍රව්‍යයකින් ඇතිවෙන හානිය ගැන නොදැනුවත් නෑ. ඒක හැමෝම දන්න කාරණයක්. ඒත් නවත්තගන්න බැරි විදිහට මිනිස්සු ඒවාට තල්ලු වෙනවා.
රටක යම් හෙයකින් මත්ද්‍රව්‍ය උවදුරක්- ඒ කියන්නෙ පුද්ගලයාට සමාජයට හානිකර අන්දමෙන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමක් සිද්ද වෙනවා නම් ඒකට හේතුව වෙන්නෙ ඒ සමාජයේ වැඩිවෙන පීඩනය. මිනිස්සුන්ට දරන්න බැරි ජීවිතයක් දරන්න සිද්ද වෙලා තියෙනවා. තමන් හිරිවට්ටන මත්ද්‍රව්‍යයක උදව්වක් නැතුව ජීවිතේ පවත්වාගන්න බැරි තරම් වේදනාවක් උඩුදුවනවා. මත්ද්‍රව්‍ය ඇබ්බැහිය කියන්නෙ ඒ වේදනාවෙ ප්‍රතිඵලයක්.

රටක එහෙම තත්වයක් තියෙනවා නම් ඒ කියන්නෙ විශාල අපේක්ෂාභංගත්වයක් සමාජයේ තියෙනවා කියන එක. මිනිස් සම්බන්ධතාවල ව්‍යසනයක්, දරුණු කඩාවැටීමක් තියෙනවා කියන එක. හුදකලාව, නොතකා හැරීම, පරාරෝපණය සමාජය ඇතුලෙ දරුණු වෙමින් තියෙනවා කියන එක. මත්ද්‍රව්‍ය කියන්නෙ ඒ පණිවිඩකරුවා විතරයි.
ඉතින් මතට ඇති ඉල්ලුම අඩු කරන්න නම් ඒ විශාල සමාජ බිදවැටීමට පිළිතුරු සෙවීම අරමුණු කරගන්න ඕන. මත්ද්‍රව්‍යයට එරෙහි සටන වෙනුවට ඇබ්බැහියට එරෙහි සටනක් එතන තියෙන්නෙ.
ඒ අතර හානිකර බවෙන් අඩු මත්ද්‍රව්‍යය නිදහස් කරන්න ඕන. ඒක ජනප්‍රිය ක්‍රමයක් වෙන්නෙ නෑ. ඒත් ඇත්තටම ඒක උත්තරයක් වෙනවා. එතනදි ගල් අරක්කු වෙනුවෙන් පෙනී හිටපු සංගා අනුරගෙ මත් රැලියෙ ඉස්සරහ පුටුවක දකින්න ලැබීම ගැන මං සතුටු වෙනවා. ඒ කියන්නෙ අනුරගෙ යෝජනාව නිකං අමද්‍යප වර්ගයේ gonපාර්ට් එකක් නෙමෙයි. සංගා වගේ හානිකර නොවන, තමන්ගේ ජීවිතයට බාධාකාරී නොවන, රටටත් වැඩක් ඇති, තමන්ටත් වැඩක් ඇති ආකාරයෙන්, විනෝදයෙන් ආස්වාදයෙන් මත්වීම ප්‍රශ්නයක් නෙමෙයි. ඒක තමයි විය යුත්තෙ. ඒ අර්ථයෙන් සංගා ඉස්සරහින්ම හිටපු එක මං කැමති දෙයක්.
ඇත්තටම මත්ද්‍රව්‍ය ඇබ්බැහිය ලංකාවෙ ඔය කියන තරම් උවදුරක්ද කියන එක සංඛ්‍යා දත්ත අරගෙන බලන්න ඕන දෙයක්. දැනට මං දැකපු කාරණා අනුව නම් ලෝකයේ වෙන රටවලට සාපේක්ෂව අපි ඉන්නෙ සතුටුදායක මට්ටමක. අපරාධ මර්දනය වේවා, මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය මර්දනය කිරීම වේවා, උත්සව පැවැත්වීම, සිංදු හැදීම වගේ ඒවා නම් නරක දේවල් නෙමෙයි.
නමුත් යම් හෙයකින් අපේ රටේ මත්ද්‍රව්‍ය ඇබ්බැහියේ උවදුරුකාරී තත්වයක් තියෙනවා නම් මේ වගේ මතුපිට නර්තනවලට ඔබ්බෙන් මේ සමාජයේ මිනිස් සම්බන්ධතාවලට වෙමින් තියෙන්නෙ මොකක්ද කියන කාරණය ගැන සීරියස් හිතන්න වෙනවා.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)




ඒ අතර හානිකර බවෙන් අඩු මත්ද්‍රව්‍යය නිදහස් කරන්න ඕන. ඒක ජනප්‍රිය ක්‍රමයක් වෙන්නෙ නෑ. ඒත් ඇත්තටම ඒක උත්තරයක් වෙනවා. එතනදි ගල් අරක්කු වෙනුවෙන් පෙනී හිටපු සංගා අනුරගෙ මත් රැලියෙ ඉස්සරහ පුටුවක දකින්න ලැබීම ගැන මං සතුටු වෙනවා. ඒ කියන්නෙ අනුරගෙ යෝජනාව නිකං අමද්‍යප වර්ගයේ gonපාර්ට් එකක් නෙමෙයි. සංගා වගේ හානිකර නොවන, තමන්ගේ ජීවිතයට බාධාකාරී නොවන, රටටත් වැඩක් ඇති, තමන්ටත් වැඩක් ඇති ආකාරයෙන්, විනෝදයෙන් ආස්වාදයෙන් මත්වීම ප්‍රශ්නයක් නෙමෙයි. ඒක තමයි විය යුත්තෙ. ඒ අර්ථයෙන් සංගා ඉස්සරහින්ම හිටපු එක මං කැමති දෙයක්.