The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

කුඩ්ඩො එළවන වැඩේට දැන් උඩින් ම සපෝර්ට් කරන්නේ කවුද දන්නවද? | එරන්ද ගිනිගේ

T

The Leader Desk

November 1, 2025 • 8:31 AM

කුඩ්ඩො එළවන වැඩේට දැන් උඩින් ම සපෝර්ට් කරන්නේ කවුද දන්නවද? | එරන්ද ගිනිගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුඩ්ඩො එළවන වැඩේට දැන් උඩින් ම සපෝර්ට් කරන්නේ කවුද දන්නවද? ඒ තමයි ලංකාවේ ඉන්න බේබද්දෝ ටික. තමන්ම පත් කර ගත් ජනාධිපති ‘ඉවත් වෙනු’ කිව්වම උන් ටිකට හෙන existential crisis එකක් උද්ගත වෙලා.
  • දරුණු ම වර්ගයේ පිළිකාකාරකයක් වන මද්‍යසාර නිසා පිළිකා වර්ග 7 ක් හැදෙනවා.
  • මද්‍යසාර නිසා රෝග 200 කට වඩා හැදෙනවා.
  • රිය අනතුරුවලින් 40% ක් වෙන්නේ මද්‍යසාර නිසා.
අකුරු ප්‍රමාණය (Font Size):

ෆේස්බුක් එකේ මාර ගේමක් දෙනවා අරක්කු බිව්වට කමක් නැහැ – කුඩු බොන එක විතරයි නරක කියලා කියන්න. උඹලට මද්‍යසාර බොන්න ඕන නම් බීපල්ලා. හැබැයි උඹලා කුඩ්ඩන්ට වඩා හොඳයි කියා ගෙන නම් එන්න එපා. දෙගොල්ලොම එකයි.

මද්‍යසාර (Alcohol) කියන්නේ වඩාත් ම අන්තරායකර මත්ද්‍රව්‍ය ය. අඩුම ගානේ Google Search එකක් කළා නම් පර්යේෂණ සාක්ෂි තිබෙනවා ඕන තරම්. කොච්චර අන්තරායකර ද කිව්වොත් හෙරොයින් සහ කොකේන් වලටත් වැඩිය මද්‍යසාර හානිකරයි. මද්‍යසාර නිසා ලෝකයේ වසරකට මිය යන සංඛ්‍යාව අනෙකුත් සියලුම මත්ද්‍රව්‍ය නිසා මිය යන සංඛ්‍යාවට වඩා හතර ගුණයක් වැඩියි. දරුණු ම වර්ගයේ පිළිකාකාරකයක් වන මද්‍යසාර නිසා පිළිකා වර්ග 7 ක් හැදෙනවා. මද්‍යසාර නිසා රෝග 200 කට වඩා හැදෙනවා. රිය අනතුරුවලින් 40% ක් වෙන්නේ මද්‍යසාර නිසා. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, කාන්තා හිංසනය, ළමා හිංසනය ආදියට ප්‍රධාන හේතුව මද්‍යසාර. මද්‍යසාර බොන උන්ට ඩිප්රෙෂන්. WHO කියන්නේ මද්‍යසාර ටිකක් බිව්වත් ගොඩක් බිව්වත් එය අන්තරායකර කියලයි. There is no safe level. තමාටත් සමාජයටත් වැඩි ම හානියක් කරන මත්ද්‍රව්‍ය වන්නේ මද්‍යසාර. කුඩ්ඩට වැඩිය බේබද්දා රටක ආර්ථිකයට බරක්. ඒ තමයි විද්‍යාත්මක සත්‍ය ය.

alcohol
කුඩු ගහන එකා නහින්නේ තනියම. ඌ ඉක්මණට මැරිලා යනවා. ඔය අරක්කු බොන බේබද්දෝ සෑහෙන්න කාලයක් තමන්ගේ පවුලටත් සමාජයටත් හෙන වාතයක් වෙනවා. උන් බීලා මත් වෙලා ගුටි ගහ ගන්නවා. මහා රෑ පාරවල් දිගේ කුණුහරුප කිය කිය ඇවිදිනවා. අසල්වැසියන්ට කරදර කරනවා. අනාචාරයේ යෙදෙනවා. බේබදු ස්වාමියා බිරිඳට තඩි බානවා. බේබදු බිරිඳ ස්වාමියාට තඩි බානවා. උන් දෙන්න ම දරුවන්ට තඩි බානවා. ඔය බේබද්දන්ගේ භාර්යාවන් සහ දරුවන් ඉන්නේ අපායක. උන් හැමදාම කඳුළු බිබී විඳවනවා.

බේබද්දෝ ඉක්මණට මැරෙන්නෙත් නැහැ. ටික ටික මැරෙන්නේ. ඒ වෙනකොට තමන්ගේ සේසත ම නාස්ති කරලා නැත්නම් කුණු වෙච්ච අක්මා වකුගඩු බද්ධ කරන්න ඉතුරු ටික වියදම් කරනවා. ලෝකෙට ණය වෙලා රටට බරක් වෙලා අප්‍රාණික වඳ නිකමෙක් වගේ මැරිලා යනවා. කුඩ්ඩා වුණත් බේබද්දා වුණත් උන් අතර තියෙන්නේ උන් ම පනවා ගත් නාමික වෙනසක් පමණයි. උන් දෙගොල්ලො ම ලෙඩ්ඩු. මත් ලෝලී, මතට ඇබ්බැහි වුණ, සිතින් කයින් දුර්වල ලෙඩ්ඩු. අර බේබදු සංගක්කාරයා අනුරගේ මත්ද්‍රව්‍ය නිවාරණ රැස්වීමට ගිහිල්ලා සමාජයට උපදෙස් දෙන කොට අපිට දෙකොණින් හිනා යන්නේ ඒකයි.

 

sanga

කථාව මෙච්චරයි. මත්ද්‍රව්‍යට එරෙහිව කථා කරන්න සදාචාරාත්මක අයිතියක් තිබෙන්නේ කිසිම මත්ද්‍රව්‍යයක් භාවිතා නොකරන අයෙකුට පමණයි. අනුර කුමාර දිසානායක බොන්නේ නැහැ. ඔහුට තිබෙනවා ඒ විනය. අඩුම ගානේ අනුරට ස්වයං පාලනයක් තිබෙනවා තමන්ගේ සිහිය පවත්වා ගැනීමට. ඒ අතින් මා ඔහුට ගරු කරනවා. ඒ අනුව ඔහුට අයිතිය තිබෙනවා මතට එරෙහිව කථා කරන්න. නාමල් රාජපක්ෂත් අනුර කුමාර වගේ ම සපුරා මතින් තොරයි. මමත් එහෙමයි. අනුර, නාමල් සහ මා අතර තිබෙන පොදු ගුණයක් එය. බොන උන්ට ඒ ආත්ම සංයමය නැහැ. උන් සමාජ දූෂක ඇබ්බැහියෝ.

ඒ වගේ ම ආගමික ජාතියක් හැටියට මුසල්මානුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොරයි. ඒ අතින් මා ඔවුන්ටත් ගරු කරනවා. ඔවුන්ට තිබෙනවා සමාජ ප්‍රතිපත්තියක් රැකීමේ පෞද්ගලික ශක්තියක්. බොහෝ බෞද්ධයන්ට ඒ ශක්තිය නැහැ. උන් ‘සුරා පානයෙන් වළකිමි’ කියලා බුදුන් ඉදිරියේ වැඳලා දිවුරලා ඊළඟ මොහොතේ ඒ දිවුරුම කඩනවා. ඊනියා සිංහල බෞද්ධයා කියන්නේ මුසල්මානුවාට සාපේක්ෂව ස්වයං පාලනයේ ලා අනුකම්පා සහගත දුර්වලයෙක්.

 

logo mathdrawya
නමුත් මේ ‘ඉවත් වෙනු’ කැම්පේන් එක මා දකින්නේ අනුරගේ වැඩක් ලෙස නොවෙයි. එය අනුරව රවටා ගැසූ වෙන දේශපාලන සෙල්ලමක්. ඒ කැම්පේන් එක ම හෙන ප්‍රෝඩාවක්. එහි සිංහල වචන භාවිතය පවා වැරදියි. හාස්‍යජනකයි. මා හිතන්නේ ඔය කුප්ප වැඩේ කළේ ලයිකාවෙන් ජනපති ළඟට දාපු තක්කඩියා. මේක අනුරව කිච කරන ව්‍යාපෘතියක්. මේකෙන් ඇත්තට ම වෙන්නේ රටේ තිබුණාටත් වඩා සියලු ම ආකාරයේ මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වීම පමණයි. ඉස්සරින් දවසේ ගන්දස්කාරයා අඩි ගහන පින්තූර එළියට දාලා, පහුවදා ජනපති ඉස්සරහින් ම වාඩි කළෙත් සැලසුමකට. මේ රටේ ඉන්න අවිද්‍යාත්මක මිනිස්සුන්ට මේවා තේරුම් ගන්න බැහැ. මෙහෙම නොවෙයි කොහොම කිව්වත් බේබද්දට උගේ ඇබ්බැහිය ඇර ගන්න බැහැ. මේක කියවලා ඉවර වුණ ගමන් ඌ බොනවා. ධර්මය ඔබට මග වේවා!


eranda. ginige
(සටහන |එරන්ද ගිනිගේ)
eranda.ginige@gmail.com

කර්තෘ - අවතරණය
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.

(උපුටා ගැනීම : ගිනිහුළ)
2025 නොවැම්බර් 1

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...