වර්තමාන ආණ්ඩුව විදුලිබල පනත සංශෝධනය කිරීමට පෙර සාකච්ඡා කළේ කංචන විජේසේකර ඇමතිවරයාගේ සමයේ ඉදිරිපත් කළ පණත ම යළි ඉදිරිපත් කරනවා ද නැද්ද යන්න පිළිබඳව වුව ද පසුව එය නැවත සංශෝධනය කළ නොහැකි බැවින් තිබූ පනත ම ඉදිරියට රැගෙන යන්නට තීරණය කළා යැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ඉසුරු කස්තුරිරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Advocata Plus YouTube නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඉසුරු කස්තුරිරත්න පැවසුවේ තම සංගමය නව ආණ්ඩුවට ද අදහස් යෝජනා ඉදිරිපත් කළ පසු ඒ ඇතැම් යෝජනා පිළිගත් බවයි. ඒ හා සමානව ම ඝට්ඨන ඇති වූ බවත්, අවසන අධිකරණයට ගොස් යම් යම් ජයග්‍රහණ අත්පත් කරගත් බවයි.
එසේ වුව ද පනත ක්‍රියාත්මක කිරීමේ දී: එහි විනිවිද භාවයක් නොමැතිකම, ඉහළින් පහළට නිවැරැදිව තොරතුරු ගලා නොඑන බැවින් යළි ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ඉසුරු කස්තුරිරත්න Advocata Plus YouTube නාලිකාව සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු විසිනි.




