The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

එක භාණ්ඩයකට එක කඩයක්; කෙතරම් සාර්ථක ද...?

T

The Leader Desk

November 14, 2025 • 4:16 PM

එක භාණ්ඩයකට එක කඩයක්; කෙතරම් සාර්ථක ද...?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ළඟදි දවසක දුඹුරු සීනී විකිනීමට ඉතිහාසේ පළමු වරට රජයෙන් කඩයක් දාපු විත්තිය ඔයගොල්ලෝ දැක්කා.
  • නමුත් ලෝකය දැන් වෙනස්වී ඇත.
  • ඉතා අඩු මුදලකට ඇති තරම් සීනි ආනයන කර ගැනීමේ හැකියාවක් දැන් වෙළදපළට ඇත.
  • සමස්ත සීනි අවශ්‍යතාවෙන් 10% කටත් වඩා අඩු ප්‍රමාණායක් නිශ්පාදනය කිරීමට 90% කොටසක් මත බදු පනවමින් මිල ඉහළ තබාගෙන සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):

කර්මාන්ත අමාත්‍යාංශය මගින් තමා මෙය සිදුකරන්නේ. අරමුණ විදියට පැහැදිලි වන්නේ දේශීය දුඹුරු සීනි භාවිතය ප්‍රචලිත කිරීමටත් දේශීය උක් ගොවියා නගා සිටුවීමටත් අකාර්යක්ෂමභාවය නිසා වැසීමට යන රජයේ සීනි කර්මාන්තශාලා බේරාගැනීමත් තමයි.

අතීතකාමය අල්ලාගෙන සිටීමේ අනුවණකම

මේ ආකාරයට එක බඩුවකට එක කඩයක් රජය විසින් දාගෙන යෑම පිළිබදව ආණ්ඩුවට හිතවත් බොහෝ දෙනෙක් හොඳ කියන අතර අනිත් අය එය දෝෂාරෝපණ හා විවේචන එල්ල කරනු ලබයි . මේවා රාජ්‍ය සම්පත් දේපළ කියලා දිරාපු යකඩ හා වැසී වල් වැදුණු පැරණි කර්මාන්තශාලා දෙස බලා සිටින අතීතකාමීන්ට සමහර වෙලාවට ඒවා සමග අතීත මතක තියෙන්න පුළුවන්. නමුත් දැන් ඒවා අවසන්වී බොහෝ කාලයක් ගොසිනි.

 AI තාක්ෂණය ඔස්සෙ ලෝකය පිමි පනිමින් දුවද්දි අපි තාමත් අතීතකාමයක් අල්ලාගෙන සිටීම අනුවණකමකි. මීට වසර තිහ හතළිහකට පෙර රජය මැදිහත් වී සීනි කර්මාන්ත ශාලා ආරම්භ කර, මහජනයාට අවශ්‍ය සීනි නිෂ්පාදනය කර, ලබා දීම ඉතා හොඳ දෙයකි. මොකද ඒ දවස්වල ආනයනය හෝ රට තුළ නිෂ්පාදනය කිරීමට පෞද්ගලික අංශයට හැකියාවක් නොවී ය.

නමුත් ලෝකය දැන් වෙනස්වී ඇත. ඉතා අඩු මුදලකට ඇති තරම් සීනි ආනයන කර ගැනීමේ හැකියාවක් දැන් වෙළදපළට ඇත. සමස්ත සීනි අවශ්‍යතාවෙන් 10% කටත් වඩා අඩු ප්‍රමාණායක් නිශ්පාදනය කිරීමට 90% කොටසක් මත බදු පනවමින් මිල ඉහළ තබාගෙන සිටී. එමෙන්ම එම බදු පැනවීම දේශිය ගොවියා ආරක්ෂාකිරීමට කරනවා කීවට අපිට මතකයි  ඔය බදු එහා මෙහාට කරලා සීනි බදු වංචාව කරන්න ඉඩදුන්නා. අවසානේ ඒකෙ වාසිය ගොවියට ගියෙත් නෑ පාරිභෝගිකයට ලැබුණෙත් නෑ .

සීනි චක්‍රය සහ ජනතාව

2024 දත්තවලට අනුව ලංකා සීනි සමාගම අනුබද්දිතව 5501ක සේවකයින් සංඛ්‍යාවක් සිටින අතර උක් පරියේෂණ ආයතනය අනුබද්දිතව 167කි. මෙම ආයතන නඩත්තුවටත් පඩි ගෙවීමටත් අනෙකුත් දීමනා ලබාදීමත් සිදු කරන්නේ අපේ බදු මුදලින් වන අතර එමගින් නිෂ්පාදනය කරන සීනි නැවතත් වැඩි මිලට මිලදී ගැනීමට හා එම සීනි වෙළදාම් කර කඩ නඩත්තු කිරීමටත් පාරිභෝගිකයින් වන අපට සිදු වනු ඇත.

 2026 අයවැය කතාවට අනුව EPF හා ETF නොගෙවු සමාගම් දහයේ ලැයිස්තුවට සීනි සමාගමත් ඇතුළත් ය. මෙය පෞද්ගලික අංශයේ දී සිදුවුවහොත් එම ආයතන ප්‍රධානීන්ට නීතිය ක්‍රියාත්මක වුවත් අද වෙන තුරු මෙම සේවකයින්ට සාධාරණයක් ඉටු වී නොමැත. 2026 දී මෙම ගෙවීම් සිදු කිරීම රු. බිලියන පහක් බදු මුදලින් වැය කිරීමට සිදුවන අතර ඉතිරි බිලියන 6 පසුව ගෙවීමට යෝජනා වී ඇත.

ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් කළ යුතු යි

චෝදනා කළත් මෙවැනි ආයතන එකපාර වසා දැමීමට නොහැකි, මෙම ආයතනවලින් සෘජුව සහ වක්‍රව තම ජීවිකාව සරිකරගන්නා  විශාල පිරිසක් සිටිති. තවදුරටත් මෙවැනි ආයතනවලට සල්ලි පොම්පකිරීම පසෙක දමා මෙම ආයතනවල සිටින සේවකයින් වඩා කාර්යක්ෂමව ආර්ථිකයට දායක විය හැකි ආකාරයට යොදවා ගත යුතුයි. එක බඩුවකට එක කඩයක් හන්දිගානේ දානවා වෙනුවට රටේ නිෂ්පාදන ක්‍රියාවලිට පෞද්ගලික අංශයට පැමිණීම දිරිමත් කළ යුතුය. අනවශ්‍ය නීති හා ක්‍රියාවලි සුමට කර අවශ්‍ය යටතල පහසුකම් ලබාදිය යුතු ය.

ගොවීන්ට ඉඩම් අයිතිය ලබා දෙමින් ඔවුන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ළඟා කර ගැනීමේ ක්‍රියාවලිය බාධාවකින් තොරව පහසු කළහොත් වගා බිමට තාක්ෂණය කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව පැමිනෙනු ඇත. එමගින් ගොවියාට වැඩි ඵලදාවක් සහ ආදායමක ලැබෙන අතර පාරිභෝගිකට අඩු මිලට හොඳ භාණ්ඩයක් ලැබෙනු ඇත. කඩවලට ආයෝජනය කිරීම පසෙකලා කළ යුතු ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් විශාල ප්‍රමාණයක් ඇත. ඒවා දිගුකාලීන සහ සාර්ව ආර්ථික වර්ධනයට උපාකාරී වනු ඇත.

සියලු පුරවැසියන්ට ලස්සන ජීවිතයක් ලබා දීමට නම්...

ආණ්ඩුවේ යෝජිත ඩිජිටල්කරන ක්‍රියාවලියට තව තවත් සාර්ථක කරගැනීමට පෞද්ගලික අංශය පමණක් නොව අන්තර්ජාතික මෙන් බහුජාතික මට්ටමේ ඒකබද්ද වීමක් අවශ්‍යවේ. එමෙන්ම දත්තවල ආරක්ෂණය සහ නියාමය පිළිබදවත්, දත්ත හුවමාරුවට අදාළ නීති සහ ක්‍රියාවලීන්ට අදාළ ප්‍රතිපාදන නැවත සෑදීම හෝ යාවත්කාලීන කිරීම වැඩි කාලයක් ශ්‍රමයක් ආයෝජනයක් සහ බරක් තැබිය යුතු ය. එය රට දැවැන්ත පියවරකින් ආර්ථික සහ සමාජීය වශයෙන් ඉදිරියට යෑමට උපකාරීවනු ඇත.

එක බඩුවකට එක කඩයක් බඳු ව්‍යාපෘතිවලට යොදන කාලය, ශ්‍රමය හා මුදල් සැබෑ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා යෙදවිය යුතු ය. 2028 වන විට නැවතත් අප ණය ගෙවීම ආරම්භ කළ යුතුව ඇත. එයට අවශ්‍ය පදනම අප සකස් කරගත යුතුව ඇත. රටක් ලෙස පුළුල් දැක්මක් සහ ඉලක්ක තබා ගෙන වැඩ කළ යුතු ය. ඒ ආකාරයට ක්‍රියා කළහොත් පොහොසත් රටක් බිහි කර සියලු පුරවැසියන්ට ලස්සන ජීවිතයක් ලබාදිය හැකි ය.

Janath c Perera(වචන | ජනත් පෙරේරා)
Assistant Manager (Communication) - Advocata Institute

janath@advocata.org

(උපුටා ගැනීම - Janath perera ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

එක භාණ්ඩයකට එක කඩයක්; කෙතරම් සාර්ථක ද...? | The Leader