The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

නාමල් පිපෙනවා ලංකා දෙරණ පුරා.... |අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

November 22, 2025 • 2:49 PM

නාමල් පිපෙනවා ලංකා දෙරණ පුරා.... |අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාතෘකාවට යොදා ඇති කවි පදය වැනි කවි පද ලියන කවියන් ඉදිරි අවුරුදු කීපය තුළදී මතු වන්නේ වෙන කොහෙන්වත් නොව,
  • 2022දී පෙරටුගාමීන් රට ගොඩනැගීමට කළ යෝජනා අතර පොදු කුස්සිවල උයන එක පවා තිබිණි.
  • එය සිහිනයක්ම බවට පත් කළ යුතුය.
  • නොවැම්බර් 21දා නුගේගොඩ රැලිය ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී අමනකමට එරෙහිව නැගී සිටීමට ජනතාව අවදි කරන වෙඩිමුරයක් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ජවිපෙ ආණ්ඩුවේම ඔඩොක්කුවෙනි. බලා ඉන්න. ඊළඟ කෑල්ල වඩා රසවත්ය.

ජවිපෙ අප ද කලක් සම්බන්ධව සිටි පක්ෂයකි. අප ජවිපෙ දේශපාලනය ප්‍රතික්ෂේප කර එයින් අයින් වූවා මිස ඔවුන් සමග බලයට හෝ සම්පත්වලට පොරකා නැත. එහෙයින්, ටිල්වින් සිල්වා සතුරන්ට සමාව නොදෙන කාලයක් එළඹුණත් අපට නම් ප්‍රශ්නයක් ද නැත. අප සතුරුකම් කර ද නැත. ජවිපෙ හිටපු නායක රෝහණ විජේවීර ඝාතනය කළ අයගේ පටන් මිතුරන් සිටින ජවිපෙට සතුරන් වන්නේ කවුරුද යන්න තේරුම් ගැනීමට න්‍යායක් අවශ්‍ය නැත. ජවිපෙ විවේචකයන් ඔවුන්ගේ සතුරන්ය. සතුරන් වුවත්, නැතත්, අප නම් ජවිපෙ විවේචනය කළ යුතු තැනදී විවේචනය කරන්නෙමු.

බලය නොගත යුතු වෙලාවක, බොරු කියා, ජනතාව මහා පරිමාණෙන් රවටා, තමන්ට කළ නොහැකි දෙයක් කරන්නට ජවිපෙ ගත් බලලෝභී තීරණය අපි එදා සිටම විවේචනය කරන්නෙමු. 2022දී පෙරටුගාමීන් රට ගොඩනැගීමට කළ යෝජනා අතර පොදු කුස්සිවල උයන එක පවා තිබිණි. චම්පික රණවක පවා යෝජනා කළේ සියලු වාහන රජයට ගෙන පොදු ප්‍රවාහනයට හා අත්‍යවශ්‍ය පෞද්ගලික ගමන්වලට පමණක් ඉන්ධන වෙන් කරන ආකාරයේ අති දීර්ඝකාලීන විසඳුම්ය. ජවිපෙට කිසිම අදහසක් තිබුණේ නැත.

දිගු කාලීනව ලංකාව ගැන ධනේශ්වර දැක්මක් තිබුණු රනිල් වික්‍රමසිංහ බොරු බයිලා නොකියා, අවස්ථානුකූල තීරණ ගනිමින් අවුරුදු දෙක තුනකින් ලංකාව අර්බුදයෙන් ගොඩගැනීමට අවශ්‍ය නායකත්වය දුන්නේය. ජවිපෙ පල් කෙබර කෙළ, බොරු සිහින මවා, ජනතාව නොමග යවා, ඉතා දුෂ්කර වකවානුවක රටට වැදගත් නායකත්වයක් නෙරපා දමමින් බලය පැහැර ගත්තේය. එතැනින් නොනැවතී රනිල් වික්‍රමසිංහ සිරගත කිරීමට පවා උත්සාහ කළේය. මහින්ද රාජපක්ෂ යුද්ධය ජයගත් සිංහල නායකයා වීම නම් ඔවුන්ට අදාළම නැත. ඔවුන්ගේ සමස්ත අරමුණම පැරණි ප්‍රභූන් සිරගත කර මර්දනය කිරීමයි. රුසියානු විප්ලවය කාලේ වගේ වුණා නම් ඔවුන්ට ෂෝක්ය. හැබැයි දැන් ඒවා කරන්නට පුළුවන් ඇෆ්ගනිස්තානයේ විතරය.

අප ජවිපෙ විවේචනය කරන්නේ, පරම්පරා දෙකක තරුණයන් දහස් ගණනක් සමාජවාදී සිහිනයක් වෙනුවෙන් ටයර් උඩ යවා, හැට වසක් තිස්සේ මෙරට ආර්ථික-දේශපාලන ක්‍රමය කඩාකප්පල් කිරීමට හැම දෙයක්ම කර, අවසානයේදී බලය අරගෙන ඒ දේ ඒ අන්මිදන්ම විලි ලැජ්ජාවක් නැතුව කරන නිසාය. තමන්ට අවශ්‍ය වුණේ රාජ්‍ය බලය පමණක් නම් ඔවුන් තරුණ පරම්පරා දෙකක් ඒ වෙනුවෙන් බිලි නොදී වෙනත් මාර්ගයකින් යා යුතුව තිබිණි.

ජවිපෙ ධනවාදයේ මුර දේවතාවුන් වී සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය ද ප්‍රතික්ෂේප කරමිනි. පැලවත්තේ සිට ගමේ මරණාධාර සමිතිය දක්වා බලය විහිදුවාගෙන, හෙට අනිද්දා ආනයනය කර පක්ෂයේ නායකයන් අතර බෙදා හැරීමට නියමිත රතු කැබ් එක ගම හරහා පාරේ යන විට මිනිසුන් කාණුවට බහින, පණ බයේ දුවන තත්වයක් නිර්මාණය කරගැනීම ඔවුන්ගේ සිහිනයකි. එය සිහිනයක්ම බවට පත් කළ යුතුය.

නොවැම්බර් 21දා නුගේගොඩ රැලිය ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී අමනකමට එරෙහිව නැගී සිටීමට ජනතාව අවදි කරන වෙඩිමුරයක් විය. එබැවින් එය අති සාර්ථක රැලියකි. එහි නායකත්වය ගත්තේ නාමල්ද කියන එක අපට අදාළ නැත. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ඉතිහාසයක් රාජපක්ෂලාට පවා තිබිණි. ඔවුහු බලය හැර යාමට සිදු වූ අවස්ථා දෙකකදීම බලය හැර ගියහ. එක් අවස්ථාවක ඔවුන් බලය අත්හැරියේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බලහත්කාරයක් හමුවේය. ගහන කයිවාරුවල හැටියට නම් ජවිපෙ බලය ගෙන ඇත්තේ ආපසු දෙන්නට නොවේ. නුගේගොඩ රැලිය ඒ කයිවාරුවලට දුන් පිළිතුරකි.

නුගේගොඩ රැලියෙන් පැනනැගුණු මේ උද්‍යෝගය වේගයෙන් ගම් මට්ටම බිම් මට්ටම දක්වාම ගමන් කරනු ඇත. ටිල්වින් සිල්වාගේ පැලවතු විකාර සිතුවිලි ගම්වල මාලිමා හෝ ජවිපෙ ක්‍රියාකාරිකයන්ට කවදාවත් තිබුණේ නැති බව අපි ගෞරවයෙන් සඳහන් කළ යුතුය. මරණාධාර සමිතිය සඳහා තමන්ගේ එවුන් රිංගවා ගත්තාට මාලිමාවුන් ගම්වල මිනිසුන්ට බලය පෙන්නන්නට යන්නට තරම් මෝඩයන් වී නැත. ජවිපෙ සීයට තුනේ ගම් මට්ටමේ අය පවා ගමේ දේශපාලනය දන්නා නිසාත්, ඔවුන්ට පක්ෂයෙන් ආරක්ෂාවක් නැති බව ඉතා හොඳින් දන්නා නිසාත්, ඔවුන් නැගී එන ප්‍රජාතන්ත්‍රවාදී උද්‍යෝගයට අකුල් හෙළන්නට එන්නේ නැත. මේ ඇරඹුණේ පැලවතු ඒකාධිපතිවාදයේ මළගමයි.

අනුරට ඕනෑ නම්, ටිල්වින්වාදය පසෙක ලා, තවමත් වෙනස් ගමනක් යන්නට උත්සාහ කළ හැකිය. පළිගැනීම, වෛරය අතහැර සතුටින් දේශපාලනය කරන ලංකාවේ මිනිසුන් සමග එක්වී වැඩ කළ හැකිය. එහෙම නම්, අපට පවා සහයෝගයක් දිය හැකිය.

ජවිපෙ ක්ලීන් ශ්‍රී ලංකා ගෙන ආ වෙලාවේ, එයින් වැඩක් කරනු ඇතැයි අපි සිතුවෙමු. එය මෙහෙයවන්නට දාගත් පිරිස අතර, ස්විට්සර්ලන්ත රජය පවා අමාරුවේ දමමින්, ශ්‍රී ලංකාවට කුණු නාමයක් හැදීම සඳහා ගානියා බැනිස්ටර් සිද්ධිය නිර්මාණය කරන්නට සම්බන්ධ බවට චෝදනා ලැබ කලක් රටින්ද පළාගොස් සිටි ක්‍රිශාන්ත කුරේ පවා සිටියේය. ඉතින් මොන ක්ලීන් ශ්‍රී ලංකාද?

මත්ද්‍රව්‍යවලට එරෙහි මෙහෙයුම ආරම්භ වී ටික කලකින්ම එය දේශපාලන මෙහෙයුමක් බව රටටම පැහැදිලි විය. මාලිමාවට ඔල්වරසන් දුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ කිසිදු බාධාවකින් තොරව යහතින් සිටිති. පොලිස් පොඩ්ඩන් නිසා ඉඳහිට අහුවන දේශපාලක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර මාලිමාවේ අයම සිටිති. ඇතැමෙකු විදුහල්පති වැනි තනතුරුවලින් ආවරණය සලස්වාගත් අයයි.

පොලිසිය ඉතා නින්දිත ලෙස දේශපාලනීකරණය කරගෙන ඇත. මේ දේශපාලනීකරණ බූවල්ලා අඬු බඬු විහිදුවන්නට පුළුවන් හැම තැනකටම දිග ඇදී ඇත. එහෙත්, රටේ කිසිවක් කෙරෙන්නේ නැති තරම්ය. රාජ්‍ය සේවයම පාහේ එක තැන පල්වෙමින් ඇත. සංවර්ධනය ඇණහිටලාය. මහා පරිමාණෙන් බදු සූරාකෑවාට භාණ්ඩාගාරයේ මුදල් ගොඩගැසීම පමණි. අයවැයෙන් වෙන් කරන මුදල් වියදම් කරගන්නට රජයට බැරිය.

මේ අස්සේ අගමැතිනි හරිනි අමරසූරිය වැනි අය අධ්‍යාපනයේ දහසකුත් එකක් ප්‍රශ්න කිසිවක් නොවිසඳතා තමන්ගේ අභිරුචීන්ට පමණක් අතගසා ඇත. සෙසු බොහෝ ඇමතිවරුන් ද ඓතිහාසික විකාරකාරයෝය. දේශපාලනයෙන් පත් කරගත් නිලධාරීන් ද එසේමය.

මේ විරෝධය එම තත්වයටය

ජනාධිපති අනුර පමණක් කටෙන් රට පාලනය කරමින් ජාමෙ බේරාගෙන සිටිනු පෙනේ. 2029 ජනාධිපතිවරණය වන විට සජිත්, රනිල් වැනි දුර්වල තරගකරුවකු අපේක්ෂාවෙන් ඔහු බැට් කරගෙන යයි. එහෙත්, හිට් විකට් වන තත්වයක් පැනනැගී ඇත්තේ තරුණ නායකයකු ලෙස නාමල් රාජපක්ෂගේ නැගී ඒමයි. එයට හේතු වූයේ ද ජවිපෙ සජිත් ප්‍රේමදාස ඕනෑවට වඩා බය කරගන්නට යාමයි. ඔවුන් කළ යුතුව තිබුණේ සජිත්ට පිටිය සකසා දීමයි. ඒ වෙනුවට ඔවුන් කළේ සජිත් බියවද්දා පිටියෙන් බැහැර කර නාමල්ට අවස්ථාව ලබාදීමයි. එය ඓතිහාසික ගොන්කමකි. නාමල්ට ඇති ජාතිකවාදයේ සම්බන්ධය ද අනුරට අවාසිදායකය.

නාමල්ගේ ඉතිහාසය හොඳ නැත. ඉතින් අනුරගේ ඉතිහාසය හොඳද? ඒත් නැත. මේ ලියන මගේ ඉතිහාසය ද හොඳ නැත. ඒ නිසා මට නම් නාමල්ගේ ඉතිහාසය ප්‍රශ්නයක් නැත. අපට නිවැරදි වෙන්නට පුළුවන් නම්, අනුර කුමාර දිසානායකට නිවැරදි වෙන්නට පුළුවන් නම් නාමල්ට නිවැරදි වෙන්නට බැරි ඇයි? ඔහුගේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළ මා දුටු දෙය වන්නේ ඔහු තාත්තලාගේ ගොන්කම් අතහරිමින් නායකත්වයක් ගොඩනගාගත හැකි ආකර්ශනීය, දක්ෂ පුද්ගලයකු බවයි. අනුරට 2029දී තරගයක් දිය හැකි හොඳම තරගකරුවා නාමල්ය.

පැලවත්තේ මානසිකත්වයෙන් නාමල් හිරේ දැමිය යුත්තේ කෙසේදැයි කල්පනා කරනවා වෙනුවට, ජනාධිපති අනුරට කළ හැකි දෙය වන්නේ රටේ සංවර්ධනය වෙත අවධානය යොමු කිරීමයි. එක තැන පල්වන මෙම රාජ්‍ය යන්ත්‍රය යළි පණගන්වා ගන්නට උත්සාහ කිරීමයි. රාජ්‍ය නිලධාරීන් බියවද්දා, හැම රෙද්දක් අස්සටම පක්ෂෙ ඔත්තුකරුවන් බස්සා කළ හැකි මළදානයක් නැත. මෙය ප්‍රජාතන්ත්‍රවාදී රටකි. ප්‍රජාතන්ත්‍රවාදයට හා සම්ප්‍රදායන්ට ගරු කරමින් කටයුතු කරන්න. එසේ කරනවා නම් අපි ද ඔබට සහාය දීමට කැමැත්තෙමු. පැලවත්තෙන් මෙහෙයවන කාබයිඩ් ගසා ජවිපෙට ඉදවා ගත් කුරුවලු බයියන් ලවා අපට අවමන් කිරීම නවතා දමන්න.

නාමල් එන එකට සහාය වන්නට හෝ විරුද්ධ වන්නට මට නම් කිසිම අවශ්‍යතාවක් නැත. මා නිරීක්ෂකයෙකු පමණි. සහභාගී වීමක් නැත. අප ප්‍රතිචාර දක්වන ආකාරය තීරණය වනු ඇත්තේ කුරුවලු කාබයිඩ් ජෙප්පන් දමා අපට පහර දෙන ආකාරය අනුවය.

Ajith parakum J(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...