The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

උඹලගේ නොවන දේත් දරාගන්න පුරුදු වෙයල්ලා...!- මහේෂ් හපුගොඩ

T

The Leader Desk

November 24, 2025 • 6:35 AM

උඹලගේ නොවන දේත් දරාගන්න පුරුදු වෙයල්ලා...!- මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පුරාවිද්‍යා ආඥාපණත කියන්නේ යටත්විජිත කාලේ ඉඳන් තියෙන ඉතාම ප්‍රභල පණතක්.
  • ගොඩක් හම්බවෙන්නේ පන්සල් වගේ ඒවා.
  • ඔය පැරණි රජවරු ගොඩක් එහෙම සිද්ධස්ථාන හදල තිබිල තියනවා (ඒවායේ දේශපාලන අරමුණු තියෙන්න ඇති).
  •   හැබැයි මඩකළපුව කල්මුණේ අක්කරපත්තු පොතුවිල් වගේ මුහුදු තීරය මුස්ලිම් දෙමල මිනිස්සු විසින් දැන් ජීවමාන ලෙස අත්පත් කරගෙන ඉන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):
සුද්දගේ ඉඳල අවබෝධයක් තිබ්බ මේ ඓතිහාසික ස්ථානවල තියෙන ගෝලීය වැදගත්කම ගැන. සංවේදීබව ගැන. ඒ කියන්නේ කුමන රටක කුමන ශිෂ්ටාචාරයකට අයිති පුරාවිද්‍යා සාධක ලෝකේ කොයි කොනක හම්බඋනත් ඒවා ගෝලීය මානව ශිෂ්ටාචාරයක සලකුණු හැටියට සලකන්න ලෝකය අද පුරුදු වෙලා තියනවා.
 
අද ඒ ශිෂ්ටාචාර උඩ වෙනත් ශිෂ්ටාචාර මතුවෙලා ජීවමාන වෙලා තියෙන්න පුළුවන්. එහි වරදක් නැහැ. හැබැයි අතීතය අතීතය විදියට ලෝකයට දකින්න අයිතියක් තියනවා. ඒ අයිතිය හැම ආණ්ඩුවක්ම රකින්න ඕනි.
ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල කැණීම් වලින් විතරක් නෙවෙයි ඇහැට පෙනෙන්න පොළොව මතුපිට පවා තියෙන සාධක ගොඩක්දුරට බෞද්ධ පුරාවස්තු පැත්තට වැටෙනවා. ගොඩක් හම්බවෙන්නේ පන්සල් වගේ ඒවා. ඔය පැරණි රජවරු ගොඩක් එහෙම සිද්ධස්ථාන හදල තිබිල තියනවා (ඒවායේ දේශපාලන අරමුණු තියෙන්න ඇති). ඒ වගේම සිංහල බෞද්ධ සංස්කෘතියක් තිබිල තියනවා. ඔය දැන් තියෙන දෙමල වගේ ඇහෙන නම් වල පවා සිංහල ගතියක් තවම තියනවා. ඒක හරි.
 
bur6

හැබැයි මඩකළපුව කල්මුණේ අක්කරපත්තු පොතුවිල් වගේ මුහුදු තීරය මුස්ලිම් දෙමල මිනිස්සු විසින් දැන් ජීවමාන ලෙස අත්පත් කරගෙන ඉන්නවා. එහෙ හිටිය සිංහල මිනිස්සු ගොඩක් සිංහල මිනිස්සු ඉන්න තැන්වලට - විශේෂයෙන් රට මැදට - ඇවිල්ල තියෙනවා. මට මතකයි යුද්දේ වෙලාවේ පවා අක්කරපත්තුවේ සිංහල මිනිස්සු යම් ප්‍රමාණයක් ඉඳල පස්සේ එයාලත් පසුබැස්ස. විශේෂයෙන් පහසුකම් තියෙන ආරක්ෂාව තියෙන පැතිවලට ආව.
දැන් ඒ පළාත් වල ඉන්නේ දෙමළ මුස්ලිම් මිනිස්සු. ඒක ඇත්ත. දැන් එසේ උනාවේ. හැබැයි ඊට පෙර අපේ අයත් හිටිය. අපි හිටපු සලකුණු ඇති. ඒවා එසේ තිබුණාවේ. ඒවාට අත තියන්න ඕනි නැහැ. ඒක තමයි ඇත්ත යථාව. ඒක දරාගෙන ඉඳපල්ලා. නැත්නම් හිරේ පලයල්ලා.
 
අර ශිරාන් දැරණියගල කියනවා වගේ තවත් යටට කැණීම් කලොත් තවත් ශිෂ්ටාචාර හමුවෙන්න පුළුවන්. ඉතින් කමක් නැහැ. එසේ හමුඋනාවේ. අපේ අනන්‍යතාවට හසු නොවන දේ පවා අපි දරාගන්න ඕනි. ඒ නිසා උඹලගේ නොවන දේ දරාගන්න පුරුදු වෙයල්ලා.. සංවේදී වෙනවා කියන්නේ ඒකට.  
දැන් ඉන්න දමළුයි මුස්ලිම් එවුනුයි පොළොව යටින් සහ උඩින් හම්බවෙන දේවල් ගැන කරදර වෙලා කලින් තිබ්බ ඉතිහාසයක් වහන්න දඟලන්න ඕනි නැහැ. වෙනත් ඉතිහාසයක් තිබ්බ කියල දැන් ඉන්න එවුන් ඒවායින් යන්න ඕනිත් නැහැ.
 
උඹලගේ නොවන ඉතිහාසයක් තියනවා උඹල පය ගහගෙන ඉන්න පොලොව යට. ඒවා තියෙන්න ඇරපල්ලා. මකන්න වලිකන්න එපා. සිංහල බෞද්ධ එකට යටිනුත් එක එක ඒවා හම්බවෙයි. ඒ නිසා අපි මේක දාල යන්න ඕනිත් නැහැ. යන්නෙත් නැහැ.
 
 Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

උඹලගේ නොවන දේත් දරාගන්න පුරුදු වෙයල්ලා...!- මහේෂ් හපුගොඩ | The Leader