මෙතෙක් කාලයක් මේ ක්‍රියාවලිය වුණේ කට වචනෙට.
ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් සම්බන්ධ කර ගන්නවා.
දිස්ත්‍රික් ලේකම්, ආපදා කළමණාකරණ අමාත්‍යංශ ලේකම් සම්බන්ධ කරගන්නවා.

කට වචනෙට අනුමැතියන් ලබා දෙනවා.
මුලින් සල්ලි හොයාගෙන මිනිස්සුන්ට අත්‍යවශ්‍ය ආහාර, තාවකාලික නවාතැන් ලබා දෙනවා.
සියල්ල ඉවර වුණාම ලිපි ලේඛන වල වැඩ කරනවා.
අවසානෙට ඇමතිතුමාත් අත්සන් කරනවා. ප්‍රශ්න කරන්නේ නෑ. වැඩේ ඉවරයි.
හැබැයි මාලිමාව කැඩුවේ ඒ සංස්කෘතිය.

අද කිසිම ප්‍රාදේශීය ලේකම්වරයෙක් ඉහළින් ලිපි ලේඛන අනුමත වී පහලට එනතුරු, එක රුපියලක් හොල්ලන්නේ නැහැ.
ඔවුන් හිරේ යන්න බයයි.
මිනිස්සු බඩගින්නේ. අවතැන් වූවන්ට කඳවුරු නැහැ.
හැබැයි මේ තමයි මිනිස්සුම සිස්ටම් වෙනස.
දැන් චක්‍රලේඛ වෙනස් කළාට, කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නැහැ.
(දර්ශන චතුරංග)




