The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

දේශපාලනය රාජ්‍ය පාලනය පටලවා ගත්තොත් නම් වැඩ වරදීවි

T

The Leader Desk

December 7, 2025 • 11:23 AM

දේශපාලනය රාජ්‍ය පාලනය පටලවා ගත්තොත් නම් වැඩ වරදීවි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේශපාලනය යනු බලය ලබා ගැනීම, භාවිත කිරීම සහ බෙදා හැරීම සම්බන්ධ ක්‍රියාවලීන් සහ න්‍යායන් හා සම්බන්ධ පාර්ශවීය යාන්ත්‍රණයකි.
  •   පසුගිය දෙසැම්බර් 02 වන දා මහනුවරට ගිය විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමට ඉහත සඳහන් සංසිද්ධිය හා සම්බන්ධ ඉතා වැදගත් සාක්ෂියක් හමුවී තිබේ.
  • ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මෙම සිදුවීම දැඩි ලෙස විවේචනය කරන රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජිනසිරි දඩල්ලගේ පවසා ඇත්තේ මෙය ‘නිර්ලජ්ජිත ක්‍රියාවක්’ බවකි.
  • දිසාපති කාර්යාලයේ කුඩා රැස්වීම් මේසය භාවිත කරන විට, දිසාපතිගේ පුටුව අනෙකුත් පුටුවලින් වර්ණයෙන් හා ප්‍රමාණයෙන් වෙනස් කර තිබෙන්නේ, කාමරයට පැමිණෙන ඕනෑම අයෙකුට පුටුවේ නිල අයිතිකරු හඳුනා ගැනීමට බව ඔහු එහි දී අවධාරණය කොට තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් රාජ්‍ය පාලනය යනු රටක පාලනය සඳහා අවශ්‍ය නීති සහ ප්‍රතිපත්ති සම්පාදනය කරන සහ ක්‍රියාත්මක කරන ව්‍යුහයන් හා සම්බන්ධ පොදු යාන්ත්‍රණය හෙවත් ක්‍රියාකාරීත්වයයි.

නමුත් වත්මන් ආණ්ඩුවේ බහුතරය තුළ දේශපාලනික වශයෙන් පවත්නා පාර්ශවීය දැනීම්, අවබෝධයන් හා අත්දැකීම් හැරුණු කොට, රාජ්‍ය පාලනය හා සම්බන්ධ මුහුකුරා ගිය අත්දැකීම් නොමැති බව සනාථ කෙරෙන සිදුවීම් එකිනෙක පෙළ ගැසෙමින් පවතින බව මේ වන විට මනාව නිරීක්ෂණය වෙමින් පවතී. මෙය සබුද්ධික සමාජයේ සූක්ෂම අවධානයට යොමු විය යුතු ඉතා බරපතල සමාජමය සංසිද්ධියකි.

593937055 10163213643364818 2371907174569298572 n

 

පසුගිය දෙසැම්බර් 02 වන දා මහනුවරට ගිය විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමට ඉහත සඳහන් සංසිද්ධිය හා සම්බන්ධ ඉතා වැදගත් සාක්ෂියක් හමුවී තිබේ. එනම්, නිල රැස්වීමක් අතරතුර මහනුවර මහ දිසාපතිවරයාගේ අසුනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අසුන් ගෙන හිඳිනු දැකීම ය. ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මෙම සිදුවීම දැඩි ලෙස විවේචනය කරන රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජිනසිරි දඩල්ලගේ පවසා ඇත්තේ මෙය ‘නිර්ලජ්ජිත ක්‍රියාවක්’ බවකි.

දිසාපති කාර්යාලයේ කුඩා රැස්වීම් මේසය භාවිත කරන විට, දිසාපතිගේ පුටුව අනෙකුත් පුටුවලින් වර්ණයෙන් හා ප්‍රමාණයෙන් වෙනස් කර තිබෙන්නේ, කාමරයට පැමිණෙන ඕනෑම අයෙකුට පුටුවේ නිල අයිතිකරු හඳුනා ගැනීමට බව ඔහු එහි දී අවධාරණය කොට තිබේ.

“මෙතන සමාජවාදයක් හෝ කොමියුනිස්ට් වාදයක් හෝ සමානාත්මතාවාදයක් අදාළ නැත. මෙතන කුල බේදයක්, පංති බේදයක්ද නැත. බුද්ධියක්, සාමාන්‍ය දැනීමක් ඇති ඕනෑම කටුස්සෙක් මෙය තේරුම් ගත යුතුය. එලෙස තේරුම් ගෙන පුටුව හඳුනා ගත යුතු ය.”

enbyi
යනුවෙන් පවසා ඇති ඔහු ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සහ එය දිවයින පුරා ව්‍යාප්ත නොවීමට වග බලා ගැනීම ප්‍රමාණවත් නොවන බව ද අවධාරණය කොට තිබේ. එවැනි අවස්ථාවකදී නිලධාරියෙකු ක්‍රියා කළ යුතු ආකාරය ඔහු එමඟින් විස්තර කොට තිබේ. ඒ රැස්වීමක් ආරම්භ කිරීමට පෙර තම පුටුව අල්ලාගෙන සිටින අයෙකු සිටී නම්, කොන්ද කෙලින් තබාගෙන “ඔය මහත්තයා කරුණාකර අර පුටුවට යන්න” කියා එම පුටුව හිස් කර ගැනීම දිසාපතිගේ වගකීමක් බව සඳහන් කරමිනි. එසේ කළත් පුටු පෙරේතයා ඉවත් කළ නොහැකි නම්, රැස්වීම යකාට ගියත් කාමරයෙන් පිටවීම සුබදායක බවද ඔහු පවසා තිබේ.

මෙවැනි ක්‍රියාමාර්ග මගින් සේවයේ ගරුත්වය ආරක්ෂා වන බවත්, කොඳු නාරටිය ශක්තිමත් කර ගැනීමට එවැනි ක්‍රියාමාර්ගවල ඉමහත් වටිනාකමක් ඇති බවත් ඔහු පෙන්වා දෙයි. එමෙන්ම ප්‍රධාන රැස්වීම් ශාලාවල පුටු සමාන වුවද, එහිදී දිසාපතිවරයා කවුරුන්ද යන්න සෙසු ප්‍රජාව හඳුනා ගන්නේ නිසි දිසාපති හැසිරීම්, හැකියා, කුසලතා හා සන්නිවේදන ශක්තීන් අනුව බවද ඔහු පවසයි. පරිපාලන සේවය නිර්මාණය කළ යුත්තේ එවැනි නිලධාරීන් බවට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා කළ ප්‍රකාශය ඉතා වැදගත් ය.

 

දේශපාලනික වශයෙන් ලකුණු රැස් කර ගත් නුසුදුසු පුද්ගලයන් තනතුරුවල සිටීම නිසා සේවා සැපයීමේ ගුණාත්මකභාවය අඩු වන අතර කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය පහත වැටීම ද ඒකාන්තයෙන්ම සිදු වනු ඇත. ඒ හා සමඟ රාජ්‍ය සේවය පිළිබඳ මහජනතාව තුළ ඇති ගෞරවය හා විශ්වාසය හීන වී යයි. එමෙන්ම තීරණ ගැනීමේ ස්ථාවරත්වයක් හා විශ්වාසනීයත්වයක් නොමැති වීම මත දේශීය හා විදේශීය ආයෝජන පවා අඩු විය හැකිය. ඒ සඳහා රාජ්‍ය සේවා කොමිසම වැනි ආයතනවලට පත්වීම්, උසස්වීම් සහ විනය පවත්වාගෙන යාම සඳහා නියම ස්වාධීනත්වයක් ලබා දීම, සියලුම රාජ්‍ය තීරණ සහ ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් ඉහළ විනිවිදභාවයක් පවත්වාගෙන යාම හා වෘත්තීයභාවය, කාර්ය සාධනය සහ ජ්‍යෙෂ්ඨත්වය මත පදනම් වූ පැහැදිලි සේවා නීති හා නිර්දේශපාලනික රෙගුලාසි ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් වනු ඇත.

gov service

 

එමෙන්ම එවැනි දේශපාලන අතපෙවීම් නිසා දක්ෂ සහ අවංක නිලධාරීන් මඟහැරීම හෝ ඔවුන්ට උසස්වීම් අහිමිවීම ද රාජ්‍ය යාන්ත්‍රණය බිඳ වැටීමට ප්‍රධාන වශයෙන් ඉවහල් වන්නකි. එමෙන්ම මෙම තත්වය තුළ දීර්ඝකාලීන ජාතික අවශ්‍යතා හා විද්‍යාත්මක පදනම වෙනුවට කෙටිකාලීන දේශපාලන වාසි හෝ ඊළඟ මැතිවරණය ඉලක්ක කරගත් තීරණ ගැනීමේ හෙවත් “දේශපාලනමය විළි වසා ගැනීම්” සිදුවීමේ පහසු හැකියාවක් පවතී. එමෙන්ම අතීතයේ සිට නිරන්තරයෙන් සිදු වූ අයුරින්ම නැතහොත් ඊටත් වඩා රාජ්‍ය යාන්ත්‍රණය දේශපාලනික වීම මඟින් රාජ්‍ය නිලධාරීන්ට තම වෘත්තීය නිදහසට එරෙහිව දේශපාලනඥයන්ගෙන් බලපෑම් එල්ල වීම බහුලව සිදුවිය හැක. ඇතැම් නිලධාරීන් සිය කැමැත්තෙන්ම දේශපාලන පක්ෂයක න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්නන් බවට පත්වීම මත “කොන්ද කෙලින් තබා ගෙන වැඩ කරන” නිලධාරී පරපුරේ බලය අවප්‍රමාණ වීමක් ද සිදුවනු ඒකාන්තය.

දේශපාලනික වශයෙන් ලකුණු රැස් කර ගත් නුසුදුසු පුද්ගලයන් තනතුරුවල සිටීම නිසා සේවා සැපයීමේ ගුණාත්මකභාවය අඩු වන අතර කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය පහත වැටීම ද ඒකාන්තයෙන්ම සිදු වනු ඇත. ඒ හා සමඟ රාජ්‍ය සේවය පිළිබඳ මහජනතාව තුළ ඇති ගෞරවය හා විශ්වාසය හීන වී යයි. එමෙන්ම තීරණ ගැනීමේ ස්ථාවරත්වයක් හා විශ්වාසනීයත්වයක් නොමැති වීම මත දේශීය හා විදේශීය ආයෝජන පවා අඩු විය හැකිය. ඒ සඳහා රාජ්‍ය සේවා කොමිසම වැනි ආයතනවලට පත්වීම්, උසස්වීම් සහ විනය පවත්වාගෙන යාම සඳහා නියම ස්වාධීනත්වයක් ලබා දීම, සියලුම රාජ්‍ය තීරණ සහ ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් ඉහළ විනිවිදභාවයක් පවත්වාගෙන යාම හා වෘත්තීයභාවය, කාර්ය සාධනය සහ ජ්‍යෙෂ්ඨත්වය මත පදනම් වූ පැහැදිලි සේවා නීති හා නිර්දේශපාලනික රෙගුලාසි ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් වනු ඇත.

අප එසේ කියන්නේ එසේ නොවුණ හොත් දේශපාලනීකරණය යනු රටක පරිපාලනයේ අත්‍යවශ්‍ය අංගයක් වන නිලධරය (Bureaucracy) සහ රට පාලනය කරන දේශපාලන නායකත්වය (Political Leadership) අතර ඇති විය යුතු සමබරතාව බිඳවැටීමක් මඟින් බරපතල සමාජමය අස්ථාවර බවක් පැනනඟින බැවිනි.

Screenshot 2024 12 25 at 10.13.44 copy(සටහන | රීටා ජෙනට් පෙරේරා)
madampagereetajenet@gmail.com

උපුටා ගැනීම - vinivida

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...