The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

දිත්වා මම සහ මගේ පොල්ගහ... | මහේෂ් හපුගොඩ

T

The Leader Desk

December 8, 2025 • 8:28 AM

දිත්වා මම සහ මගේ පොල්ගහ... | මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  •   මම මේ දිත්වා ආපදාවට දින කිහිපයකට කලින් පෝස්ට් එකක් ලිව්වට පස්සේ (දේශපාලනය ගැන එකක් මිසක් පූර්ව සුදානම් මඟුලක් ගැන නෙවෙයි) මේ අද වෙනකල් කිසිම දෙයක් ලිව්වේ නැහැ.
  • ආණ්ඩුවේ පූර්ව සූදානම ගැනවත් විපක්ෂයේ පූර්ව සූදානම ගැනවත් BBC එකේ පුරෝකථන ගැනවත් ඉන්දියාවේ මිලිමීටර් 500 පුරෝකතන ගැනවත් හිතන්නේ නැතුව අපි බලමු පුද්ගලයින් හැටියට අපි අපිගැනම කටයුතු කලේ කොහොමද කියල.
  • අපිත් එපා මම මමගැන කටයුතු කළේ කොහොමද   ඇත්ත.
  • වලක්වා ගන්න කිසිම දෙයක් කවුරුත් කරන්නේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
මම මේ දිත්වා ආපදාවට දින කිහිපයකට කලින් පෝස්ට් එකක් ලිව්වට පස්සේ (දේශපාලනය ගැන එකක් මිසක් පූර්ව සුදානම් මඟුලක් ගැන නෙවෙයි) මේ අද වෙනකල් කිසිම දෙයක් ලිව්වේ නැහැ. මොකද මේ හැම දෙයක් එක්කම බැඳුණු ලාංකික පරිකල්පනයක් සහ එහි සීමාවන් තියෙන නිසා.
 
හරි. ආණ්ඩුවේ පූර්ව සූදානම ගැනවත් විපක්ෂයේ පූර්ව සූදානම ගැනවත් BBC එකේ පුරෝකථන ගැනවත් ඉන්දියාවේ මිලිමීටර් 500 පුරෝකතන ගැනවත් හිතන්නේ නැතුව අපි බලමු පුද්ගලයින් හැටියට අපි අපිගැනම කටයුතු කලේ කොහොමද කියල. අපිත් එපා මම මමගැන කටයුතු කළේ කොහොමද
 
ඇත්ත. දින කීපයක් තිස්සේ පෝස්ට් කීපයක් ශෙයා උනා සුළි කුණාටුවක් ගැන. ඒවා උඩින් පල්ලෙන් කියෙව්වා. මට ඔය එක එක කාලගුණික තත්වයන් ගැන ෆේස්බුක් සහ ගූගල් අප්ඩෙට් එන නිසා (විශේෂයක් නැහැ) ඒවා දිහාත් බැලුව. BBC එක හෝ ඉන්දියන් කාලගුණ එකේ දේවල් කියවන්න තරම් ගැඹුරට ගියේ නැහැ. මම අවධානෙන් හිටියේ එකම දෙයක් ගැන. ඒ සුළි කුණාටුව ගැන.
ඒ ඇයි? ඒ තමයි තද සුළං එක්ක කුණාටුවක් ආවොත් මගේ ගෙට උඩින් තියෙන උස පොල්ගහ දෙරි ඇනෙන්න පුළුවන් නිසා. එහෙම උනොත් මට සොරි... ඒ නිසා ටිකක් අවධානෙන් හිටිය. හැබැයි මම පොල්ගහ කපල ඒ අවදානමෙන් මිදෙන්න තරම් ඉස්සර උනේ නැහැ. පොල් ගෙඩි දහයක් පහළොවක් ඒ පරණ පොල්ගහ මට තවමත් දෙන නිසා අවදානම අරන් හිටිය. නැත්නම් ගස් කපන එකෙක් හොයල ඒක ඉවත්කරන්න බැරුව නෙවෙයි.
මම කියන්නේ අපි ජපන්නු නෙවෙයි. අපි එහෙම හිතන්නේ නැහැ. එහෙම හිතන්න පුරුදුවෙලත් නැහැ.
 
jwf
 
පරමාණු බෝම්බ දෙකක් ඔළුවට වැටිලා, ජාතියක් හැටියට එකම රිද්මයකට නැගිටලා, ඒ රිද්මයට තමන්ගේ පැවැත්ම සුසර කරගෙන ඉන්න ජපනෙක් එහෙම අවදානමක් ගන්නේ නැහැ. ඊටත් අමතරව ස්වභාවික ව්‍යසන වලට කොහොමත් හුරුවෙලා ඉන්න උන් ඉතාම පොඩි දෙයකදී (දැනුම් දීමකදී) ඇලට් වෙනවා. සහ ඒ අනුව හැසිරෙනවා. අවම වශයෙන් වාහනයක් එළවද්දී පවා උන් පරිස්සම්. බය නිසාම නෙවෙයි. අර අනතුරක් වලක්වා ගැනීම නම් සුසරවීම උන්ගේ ආත්මයට රිංගල තියෙන නිසා.
නමුත් ඇල්ල අනතුර ගන්න. වලක්වා ගන්න කිසිම දෙයක් කවුරුත් කරන්නේ නැහැ. උනාට පස්සේ හතර අතේ බණිනවා. ඔය තමයි ලාංකික ආතල් ආත්මය.
 
අපි ඉතිහාසය පුරාමත් කොච්චර අවදානමක් තිබ්බත් ස්වභාවධර්මය එක්ක පොරබදමින් ජීවත්වෙනවා. කඳු උඩ, නාය කටවල් වල, ගංගා ඉවුරු වල අපේ උන් වගේ වගක් නැතුව ඉන්නවා. හරියට මම සහ මගේ පොල්ගහ වගේ.
 

කෑගල්ල මාවනැල්ල අතර ප්‍රසිද්ධ වලකඩයාව නායගිය එකේ එක ගෙදරක ඉස්සරහ බැම්ම පුපුරලා ගෙදරට යටින් දැවැන්ත දිය පරහක් එද්දී පවා ඔය මුකුත් වෙන්නේ නැහැ කියල ගෙදර ඇතුලේ නිදාගත්ත පවුලක් ගැන මම දන්නවා (පස්සේ අල්ලපු ගෙදර මිනිස්සු කුණුහරපෙන් බැන්නට පස්සේ තමයි ගෙදරින් අයින් වෙලා තියෙන්නේ). අන්න ඒක තමයි ලාංකික බව. මම සහ මගේ පොල්ගහ වගේමයි.
 
අනතුර ගැන දන්නේ නැතුව නෙවෙයි. නරුම බවකුත් නෙවෙයි. නමුත් එහෙම රිස්ක් එකක් ඇතුලේ අපි ඉන්නවා. හැම ආසියාතිකයෙක් තුලම මේක පොඩ්ඩක් තියනවා කියල මම හිතනවා. ඒකට පොඩි කම්මැලි බවක්, සෝමාරි බවක්, කුසීතකමක් කියල කියන්න පුළුවන්. නොසැලකිල්ල පවා වචනයක් තමයි. ඒ ආසියාතික බවින් මිඳුණ එකම ජාතිය ජපන්නු වෙන්න පුළුවන්.
ඔය අනතුරු ඇගෙව්වා කිව්වට කාලගුණේ ඉන්න එකා උනත් හිතන්නේ මම හිතන ලාංකික විදියට (එයාට එහෙම හිතන්න බැහැ තමයි). ඇමතිවරයා හිතන්නෙත් එහෙම. ජනාධිපතිතුමා උනත් ඉතිං ලාංකිකයි නේ. විපක්ෂය උනත් එහෙමයි. දෙරණ හිරුත් එහෙමයි. අපි ඔක්කොම එක වල්ලේ...
හැබැයි ඉතිං අනතුරෙන් පස්සේ ඔක්කොම එකතු වෙනවා. ඒකත් ලාංකිකයි.
 
dit65
අපේ අවුල තමයි එහෙම පොඩ්ඩක් නොසැලකිල්ලෙන් ඉඳල මහා ව්‍යසයනක් අත්වින්දට පස්සේ එකිනෙකාට බැණ අඬ ගහගන්න එක. එහෙම ආතල් එකේ ඉන්න අපි ව්‍යසනයෙන් පස්සේ කාලගුණේ එකාට නඩුදාන එක. ආණ්ඩුවට ගෙදරයන්න කියන එක....ජනාධිපතිතුමාට සමූල ඝාතන චෝදනා කරන එක. අපි අපේම නොසැලකිල්ලෙන් බේරෙන්න නැත්නම් ගැලවෙන්න කාටහරි බණින්න ගන්නවා.
 
මම හිතන්නේ වෙනස්වෙනවා නම් වෙනස් වෙන්න ඕනි ඒ නොසැලකිලිමත් ලාංකික බව.
හැබැයි එතකොට අපි අපිම නෙවෙයි.
 
Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...