The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

නලින්ද සහ කළිඳු: ආණ්ඩුවේ අලුත් සන්නිවේදන ප්‍රවේශය

T

The Leader Desk

December 17, 2025 • 5:02 AM

නලින්ද සහ කළිඳු: ආණ්ඩුවේ අලුත් සන්නිවේදන ප්‍රවේශය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විරුද්ධ පක්ෂයේ ඉන්න කාලේ ජවිපෙ ප්‍රමුඛ ජාජබ නායකයන් බොහොම දක්ෂ සන්නිවේදකයන් වෙලා හිටියත්, ආණ්ඩුවට ආවත් එක්කම ඒ සන්නිවේදන හැකියාව අතුරුදහන් වුණ බව ඒ දවස්වලම බොහෝ දෙනා පුද්ගලිකවත්, ප්‍රසිද්ධියේත් පෙන්නල දීපු දෙයක්.
  • ආණ්ඩුව හිතුවේ ජනතාවට තමන්ගේ මතය ඉදිරිපත් කරන්න එතෙක් ජාජබට කඩේ ගිය යූටියුබ් නාලිකා ටික ඇතුළු සමාජ මාධ්‍යත්, සිරස සහ රජයේ නාලිකා ටිකත් තිබුණම හොඳටම ඇති කියල.
  • විශේෂයෙන්ම ජනාධිපති අනුර මාසික හමුවක් විදියට සිරසට එන්න පටන් ගත්තම, විපක්ෂයෙදි මොනව කළත් රාජ්‍ය නායකයා විදියට එක පුද්ගලික නාලිකාවක් විතරක් තෝරා ගැනීම කිසිසේත්ම සුදුසු නැති බව මම මේ පිටුවේම සටහන් කළ බවත් මතකයි.
  •   ආණ්ඩුව ආපු ගමන්ම වගේ ටිල්වින් සහෝදරයා ඇතුළු ජාජබ නායකයෝ ABBA සංදර්ශනයට ගිය වෙලාවේ මතුවුණ ආන්දෝලනයට හරියට උත්තරයක් දෙන්න බැරුව ආණ්ඩුව පැනල ගියපු හැටි ඔබට මතක ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):


මම හිතන්නෙ ඒකට ප්‍රධානම හේතුව ජාජබ ආණ්ඩුවට හරි communication strategy එකක්‌ නොතිබීම.

ආණ්ඩුව හිතුවේ ජනතාවට තමන්ගේ මතය ඉදිරිපත් කරන්න එතෙක් ජාජබට කඩේ ගිය යූටියුබ් නාලිකා ටික ඇතුළු සමාජ මාධ්‍යත්, සිරස සහ රජයේ නාලිකා ටිකත් තිබුණම හොඳටම ඇති කියල.

විශේෂයෙන්ම ජනාධිපති අනුර මාසික හමුවක් විදියට සිරසට එන්න පටන් ගත්තම, විපක්ෂයෙදි මොනව කළත් රාජ්‍ය නායකයා විදියට එක පුද්ගලික නාලිකාවක් විතරක් තෝරා ගැනීම කිසිසේත්ම සුදුසු නැති බව මම මේ පිටුවේම සටහන් කළ බවත් මතකයි.

ABBA

 

ආණ්ඩුව ආපු ගමන්ම වගේ ටිල්වින් සහෝදරයා ඇතුළු ජාජබ නායකයෝ ABBA සංදර්ශනයට ගිය වෙලාවේ මතුවුණ ආන්දෝලනයට හරියට උත්තරයක් දෙන්න බැරුව ආණ්ඩුව පැනල ගියපු හැටි ඔබට මතක ඇති. කැබිනට් මාධ්‍ය හමුවකදී නලින්ද හමුවුණාම මම එදත් කිවුවේ විරුද්ධ පක්ෂය ඒ වගේ බොරු ආන්දෝලන මතු කළාම සෘජුව උත්තර දෙන්න ආණ්ඩුවට නිසි යාන්ත්‍රණයක් සහ strategy එකක් තියෙන්න ඕනේ කියල.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, දෙරණ නාලිකාවේ කළිඳු කරුණාරත්න එක්ක කරපු දීර්ඝ සාකච්ඡාව ගැන කතාකරන්න වෙන්නේ මේ පසුබිම යටතේ.

වැදගත්ම දේ නලින්ද ඒ සාකච්ඡාවට ඇවිත් තිබුණෙ හොඳින් homework කරලා. ඇත්තටම මෙතෙක් සිදු නොවුණ දේත් ඒකයි. මෙතෙක් අපි දැක්කේ ඒ විදියට හොඳින් සූදානම් වෙලා ඇවිත් ඕනෑම කරුණක් ගැන දත්ත සහිතව, ඒතරම් දක්ෂ විදියට පන්දුවට මුහුණ දුන්නේ අනුර. දෙරණ 360 දී නලින්දත්, ඒ වගේම සූදානම් වෙලා දෙරණ සහ හිරු ඇතුළු නාලිකා මෙතෙක් අරගෙන ගියපු බොරු ප්‍රචාර බිඳල දාන්න කටයුතු කිරීම මම දකින්නේ මාලිමා ආණ්ඩුවේ සන්නිවේදනයේ අලුත් ප්‍රවේශයක් හැටියට.

වර්තමානයේ බොහෝ "සාකච්ඡා" වල අපි දකින කිසිම හරයක් නැති කච, බචේ වෙනුවට ඉතාමත්ම සංවරව ප්‍රශ්න සහ පිළිතුරු ඉදිරිපත් කරමින් කළිඳුත්, නලින්දත් හැසිරුණ ආකාරය ප්‍රශංසනීය බව මුලින්ම කියන්න ඕනේ. ඒ සාකච්ඡාවේ මම දැක්කේ BBC වගේ බටහිර මාධ්‍යවල ආකාරයේ හර බර, වැදගත් සාකච්ඡාවක්. නරඹන්නා දැනුවත් කරන, නරඹන්නාට අලුත් දෙයක් දෙන සාකච්ඡාවක්.

 



කුණාටුව එන බව දැනගෙන ආණ්ඩුව පියවර ගත්තේ නැහැ කියන දෙරණේ ස්ථාවරය එක්ක මම එකඟ නොවුණත්, දෙරණේ නියෝජිතයා හැටියට කළිඳු උත්සහ කළේ තමන් ගේ මාධ්‍ය ආයතනයේ ස්ථාවරය නිවැරදි කියල තහවුරු කරන්න. (මාධ්‍ය ආයතනයක හිටිය නම් මම කරන්නෙත් ඒක). නමුත් ඔහු ඒ දේ කළේ මාළු කඩේක වගේ කෑගහගෙන නෙවෙයි, බොහොම විනීතව සහ සංවරව. ඒ විදියටම ඉතාමත් සංවරව නමුත් දැඩිව - දත්ත එක්ක කරුණු ඉදිරිපත් කරමින් - හිරු, දෙරණ එතෙක් අරගෙන ගියපු ප්‍රචාරය වැරදියි කියල ඉතාමත් දක්ෂ විදියට සනාථ කරන්න නලින්ද ට පුළුවන් වුණා.

එතෙන්දි නලින්ද සාර්ථක ඉනිමක් ක්‍රීඩා කරපු බව ආණ්ඩුවෙ විවේචකයින්ට පවා පිළිගන්න සිද්ද වෙලා තිබුණ.

කාර්යබහුල බව නිසා වෙන්න පුළුවන් ඒත් කැබිනට් සාකච්ඡාවේදී පවා නලින්ද දත්තවලින් හොඳින් සන්නද්ධ වෙලා නැති බව සමහර අවස්ථාවල දකින්න ලැබුණ දෙයක්. නමුත් මින් ඉදිරියට ආණ්ඩුව දිගටම මේ ප්‍රවේශය අනුගමනය කළොත් - හොඳින් සූදානම් වෙලා සතුරු, මිතුරු හැම මාධ්‍ය‍යකටම එක විදියට මුහුණ දුන්නොත් - සන්නිවේදන උපායමාර්ග පැත්තෙන් ගත්තම මේක ආණ්ඩුවේ ඉතාමත් හොඳ ප්‍රවේශයක් කියල මම හිතනවා.


Saroj Pathirana(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 දෙසැම්බර් 16

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...