The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

සිරිමාවෝ, ජෙන්සී සහ මොබ් ප්‍රචණ්ඩත්වයේ ගිනි පුපුරු | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

December 21, 2025 • 6:10 AM

සිරිමාවෝ, ජෙන්සී සහ මොබ් ප්‍රචණ්ඩත්වයේ ගිනි පුපුරු | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක විදුහලේ 2023 වසරේ ක්‍රිඩා නායිකාව ලෙස කටයුතු කල චනිත්මා සිනලි ශිෂ්‍යාව විසින් තමාට සිදු වු අසාදාරනයක් සම්බන්ධයෙන් කල ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා සංසරණය වේ.
  • එම පෙර පුහුණුව පැවති දිනයේ පැවති විභාගයක් හේතුවෙන් චනිත්මා සිනලි සිසුවියට මේ සඳහා සහභාගි විමට නොහැකි වි ඇත.
  • ඇයට පාඩුවේ ඉන්නට ඉඩ දෙන්න'' මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකට දේශපාලන හා සමාජ විශ්ලේෂක අජිත් පැරකුම් ජයසිංහ සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක් මතු පළවේ.
  • සිරිමාවෝ එකේදි නෙමෙයි, ලංකාවෙ ඕනැම පාසලකදි විදුහල්පතිගෙ, ඇතැම් ගුරුවරුන්ගෙ, ආදි ශිෂ්‍ය සංගම්වල උවමනාවන් අනුව බොහෝ දේ සිදුවෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ ක්‍රීඩා වර්ණ ප්‍රධාන රාත්‍රිය (Colours Award Ceremony) පසුගියදා පවත්වා තිබු අතර එහිදි චනිත්මා සිනලි ශිෂ්‍යාව විසින් පවසන්නේ තමාට ලැබිමට තිබු කුසලානය විදුහල්පතිනිය වන සුමේදා ජයවීර විසින් වෙනත් සිසුවියකට ලබාදිමට කටයුතු කර තිබෙන බවයි.

එයට හේතුව ලෙස එම සිසුවිය පවසන්නේ පෙර දිනයේ පැවති පෙර පුහුණුවක් සඳහා ඇයට සහභාගි විමට නොහැකි විම මත මෙම කුසලානය තමාට ලබා නොදිමට පාසල විසින් කටයුතු කර තිබෙන බවයි.

එම පෙර පුහුණුව පැවති දිනයේ පැවති විභාගයක් හේතුවෙන් චනිත්මා සිනලි සිසුවියට මේ සඳහා සහභාගි විමට නොහැකි වි ඇත.

චනිත්මා සෙනලි විවිධ වු ක්‍රිඩා ඉසව්වලින් ජයග්‍රහණය ලබා ගෙන සිටින ශිෂ්‍යාවකි.

මේ සම්බන්ධයෙන් අන්තර්ජාලයේ සංසරණය වන වීඩියෝවක් මතු පළවේ.



''ඇය ඔසවාගෙන යන අය ඇය බිමින් තබා තමන්ගේ දේශපාලනය කරගන්න. ඇයට පාඩුවේ ඉන්නට ඉඩ දෙන්න''

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකට දේශපාලන හා සමාජ විශ්ලේෂක අජිත් පැරකුම් ජයසිංහ සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක් මතු පළවේ.

'' සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවියගේ කතාව මට නම් වැදගත් වෙන්නෙ ඒක උස්සන් යන අය නිසායි. මොකද, ලංකාවේ පාසල්වල සිට ආණ්ඩුව දක්වාම ඉන්නෙ උද්ධච්ඡ නායකයො. ඒවායෙ තියෙන්නෙ පක්ෂ, ඥාති, මිත්‍ර සංග්‍රහ. ඒවා සාමාන්‍ය දේවල්. මේ දවස්වල විගණකාධිපති පත්කරන්නට නටන නාඩගම බලන්නකො. වැඩිය ඕනැ නැහැ, මේ සමාජ මාධ්‍යවල හැසිරෙන ලේඛක කාරකාදී ප්‍රභූන්ට අදාළ සාහිත්‍ය, කලා ආදී අනු මණ්ඩලවලට පත්කරලා තියෙන අය බලන්න. වැඩි දෙනෙක් මොන තරම් පුස්සොද? දැනටමත් ඒව එක්ක වැඩසටහන් කරන අය බලන්න. ලබන අවුරුද්ද වෙනකොට ඕවයින් සම්මාන ලබන අය බලන්න.

හැම තැනම එහෙමයි. සිරිමාවෝ එකේදි නෙමෙයි, ලංකාවෙ ඕනැම පාසලකදි විදුහල්පතිගෙ, ඇතැම් ගුරුවරුන්ගෙ, ආදි ශිෂ්‍ය සංගම්වල උවමනාවන් අනුව බොහෝ දේ සිදුවෙනවා. සෑහෙන අසාධාරණකම් සිදුවෙනවා. පාසලට සිසුන් ඇතුළත් කරගැනීමේ සිටම තත්වය ඒකයි. ඉතින් ඔය වගේ ප්‍රතිචාරාත්මක ක්‍රියාවනුත් සිදුවෙනවා. ඕවා ඔය ජෙන්සී කියල විශේෂයක් නැහැ. අපි ඉස්කෝලෙ යන කාලෙත් වුණා.

ඒ වුණාට, දැන් මේ සිද්ධිය පාදක කරගෙන අපි ජෙන්සී, අපි සැරයි, අපට ඇරියොත් අපිත් අරිනවා, එන්න එපා අපිත් එක්ක සෙල්ලං නටන්න, අපි හොඳට හොඳයි නරකට නරකයි ආදී වශයෙන් පෙන්නන බංගලි පන්නයේ නගරං හරි වැදගත්. අපටත් වඩා ආණ්ඩුවට වැදගත්. ආණ්ඩුවට මොන රෙද්ද වුණත් අපට කමක් නැහැ. ඒක රටටත්, ලෝකයටත් වැදගත්.

සමාජ අසාධාරණය කියන්නෙ එක රැයින් ඇති වුණ දෙයක් නෙමෙයි. සමාජ සාධාරණත්වය සඳහා අරගලයත් එක දවසින් අවසන් කරන්නට බැහැ. සමාජ අසාධාරණය නැති කරන්නට නම් පද්ධති වෙනස් කරන්නට ඕනැ. පාසල් පද්ධතියේ සිදුවන අසාධාරණකම් නැති කරන්නට නම්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් පත්කිරීමේ, උසස් කිරීමේ, මාරු කිරීමේ පද්ධති විධිමත් වෙන්නට ඕනැ. පාසල්වලට සිසුන් බඳවාගැනීමේ ක්‍රම විධිමත් වෙන්නට ඕනැ. ඒ වගේම, පාසල්වලට පහසුකම් සැපයීම විධිමත් වෙන්නට ඕනැ. විෂයමාලා විධිමත් වෙන්නට ඕනැ. තව බොහෝ දේ විධිමත් වෙන්නට ඕනැ.

සිරිමාවෝ සිද්ධියෙදි කතා කළ සිසුවියට නොලැබුණු සම්මානය ලැබුණු සිසුවියට ඒ සඳහා හොඳින් සුදුසුකම් තිබෙන බව පෙනෙනවා. ඒ සම්මානය කතා කළ සිසුවියට දෙන්නට තිබිලා, ඇය පෙරහුරුවට නොපැමිණීම නිසා ඇයට නොදුන්නාය කියන නිගමනයක ඉඳගෙන ඒ සිසුවිය සමස්ත උත්සවයම අවුලකට ඇද දමනවා. ඒ නිගමනය හරිද වැරදිද නොදැන තමයි, ඇගේ ක්‍රියාව වීරක්‍රියාවක් යයි ඔසවා තබන අය කටයුතු කරන්නෙ.

මේ සම්බන්ධයෙන් පාසල් පරිපාලනයට කියන්නට තිබෙන කතාව අපි දන්නෙ නැහැ. පාසල් පරිපාලනය තනිකර විදුහල්පතිනියක විසින් කරන දෙයක් නෙමෙයි. ඒ වගේම, මෙහි සෙසු පාර්ශ්වකරුවන්ටත් කතා තියෙනවා. උදාහරණයක් විදියට සම්මානය ලැබුණු සිසුවියගේ කතාව හරි වැදගත්.

602300062 10163379079884326 8527346567454082727 n
අපි හැමෝටම අපි තමයි දක්ෂම, හොඳම. ඉතින් අපට අසාධාරණයන් සිදුවෙනවා කියලා අපට හිතෙනවා. ඒ සිතුවිලි හැම එකක්ම සාධාරණ නැහැ. අප පාසලකින් ලැබිය යුතු ශික්ෂණය තුළ තියෙනවා අපේ දක්ෂතා, හැකියාවන් සමාජය එක්ක තුලනය කරගැනීමත්. එහෙම නැතිනම්, අප තුළ සමාජ විරෝධයක්, අධිමානයක් ගොඩනැගෙන්නට පුළුවන්. බොහෝ ක්‍රම විරෝධී කැරැලි පසුපස තියෙන්නෙ ඒ ලක්ෂණ.

එහෙම ඔසවා තබන අය තමයි අර මං කලින් කිව්ව අපි ජෙන්සී උකවල ගන්නෙ නාකි හැත්ත තොපිව වගේ ටෝන් එකෙන් කතා කරන්නෙ. මං දැක්කා ජවිපෙට හිතවත් වීම නිසා තාන්න මාන්න එහෙමත් ලැබිලා තිබෙන පුද්ගලයෙකු වන කපිල එම්. ගමගේ කියන වැඩිහිටියාත්, තවත් බොහෝ මාලිමාවට හිතවත් අයත් මේ ක්‍රියාව මාරයි කියනවා.

නැහැ, ඒක මාර නැහැ. මේ ප්‍රශ්න විසඳාගන්න ක්‍රමය නෙමෙයි. ගැටුම් කළමනාකරණය කරගන්නා ක්‍රමයක් නෙමෙයි. ඒවා ඒ සිසුවිය නොදන්නා එක පුදුම විය යුතු කාරණයක් නෙමෙයි. ඒත්, රටේ බහුතරයක් ජනයා එය නොදන්නාකම බරපතල ගැටලුවක්. විශේෂයෙන්ම ආණ්ඩුවට විවිධාකාරයෙන් සම්බන්ධ අයත් ගැටුම් කළමනාකරණයේ මේ වැරදි ක්‍රමය උත්කර්ෂයට නගන එක ලොකු ප්‍රශ්නයක්. හේතුව, ඔවුන් මේ මොබ් ප්‍රචණ්ඩත්වයේ ගිනි පුපුරු අවුළුවන්නෙ ඔවුන්ගේම පාලනය යටතේ තිබෙන පද්ධතියක එක් තැනකට. බංග්ලාදේශයේ මේ දිනවල සිදුවෙන දෙයින් උෂාර් වුණ අයත් මේ ප්‍රතිචාර දක්වන්නන් අතරෙ ඉන්නවා. ඔවුන් ඇතැමෙකුට අමතකයි බලයෙ ඉන්නෙ තමන්ගෙ ආණ්ඩුව බව. මේ තුවක්කුව මානා ගන්නෙ තමන්ගෙම කකුලෙ මාපටැඟිල්ලට. ඔවුන් දන්නෙ නැහැ, කකුලෙ මාපටැඟිල්ල නැති වෙනවා කියන එකත් පූර්ණ අකර්මන්‍යතාවට සමාන බව.

රූපයේ තිබෙන්නේ සම්මානය නොලැබීම ගැන කතාවක් පැවැත්වීම නිසා ලංකාවේ රැඩිකල් දේශපාලන ධාරාවේ අය 'ජෙන්සී වීරයකු' ලෙස මතු කරන ශිෂ්‍යාවගේ නොව, සැබැවින් සම්මානය ලද ශිෂ්‍යාවගේ කාර්යසාධන වාර්තාවයි.

තමන් වෙනුවෙන් කතා කළ ශිෂ්‍යාවගේ ප්‍රතිචාරය හේතුවෙන් ඇය අගතියකට පත්විය යුතු නැත. ඇය සිදු කර ඇත්තේ විනය විරෝධී ක්‍රියාවකි. එයට ඇයට සමාව හිමි විය යුතුය. ඇය ඔසවාගෙන යන අය ඇය බිමින් තබා තමන්ගේ දේශපාලනය කරගන්න. ඇයට පාඩුවේ ඉන්නට ඉඩ දෙන්න.

14468755 10154515841729326 850087604926106730 o(අජිත් පැරකුම් ජයසිංහ)

ajithperakum@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සිරිමාවෝ, ජෙන්සී සහ මොබ් ප්‍රචණ්ඩත්වයේ ගිනි පුපුරු | අජිත් පැරකුම් ජයසිංහ | The Leader