The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

මාලිමා මන්ත්‍රී පද්මකුමාර, ගංජා, සහ සාධාරණ යුක්තිය | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

December 21, 2025 • 12:16 PM

මාලිමා මන්ත්‍රී පද්මකුමාර, ගංජා, සහ සාධාරණ යුක්තිය | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත පද්මකුමාරට සම්බන්ධ පුද්ගලයකුගේ ඉඩමක තිබී ගංජා හමුවීම පිළිබඳ ප්‍රවෘත්තියක් පසුගිය දිනවල කතාබහට ලක්විය. ඒ සම්බන්ධයෙන් ගොතන ලද කතා කෙරෙහි අපි මෙම ලිපියෙහි අවධානයට ලක්කරන්නේ නැත.
  • මෙම ගංජා පැළ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෘෂි කම්කරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර එම පුද්ගලයා වරද පිළිගැනීමෙන් පසු ඔහුට රු.
  • මන්ත්‍රීවරුන් වැනි ප්‍රභූන්ගේ නම් සඳහන් නොවන මෙවැනි සිදුවීම් කොයි තරම් සිදුවෙනවාද?
  • කරදර වළක්වා ගැනීම සඳහා ඇතැම් විට නිර්දෝෂී පුද්ගලයන් පවා වරද පිළිගන්නවාද?
අකුරු ප්‍රමාණය (Font Size):


එහිදී සත්‍ය වශයෙන්ම සිදු වී තිබෙන්නේ වගා බිමක් ආසන්නයේ බඳුනක තිබූ ගංජා පැළ දෙකක් සොයාගත් සූරියකන්ද පොලිසිය එම අවස්ථාවේදී එම ඉඩමේ වැඩ කළ කෘෂි කම්කරුවකුට එරෙහිව නඩු පවරා දඩ නියම කිරීමයි.

මෙම ගංජා පැළ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෘෂි කම්කරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර එම පුද්ගලයා වරද පිළිගැනීමෙන් පසු ඔහුට රු. 3000ක දඩයක් නියම කර ඇත.

 

1024px Raja elephant in Sri Lankan Rupee bank notes 696x522
මෙම ගංජා පැළ දෙක තිබුණේ කුමන ඉඩමකද, එම ගංජා පැළවල අයිතිය එම දඩ නියම වූ කෘෂි කම්කරුවාට ඇත්තටම අයිතිද ආදී ගැටලු රැසක් තිබුණත්, දිගින් දිගටම නඩු කීම, ඒ සඳහා වන වියදම, සිදුවන කරදරය ආදී කරුණු හේතුවෙන් සැකකරුවන් වරද පිළිගැනීම නිසා මෙම නඩුව අවසන් වී ඇතත්, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ නම කිසියම් ආකාරයකින් මෙයට සම්බන්ධ වීම නිසා එම පක්ෂයට හිතවත් මාධ්‍යකරුවන් විසින් මෙම සිදුවීම සම්බන්ධ ගවේෂණ සිදුකිරීමත් සමග කරුණු රැසක් හෙළිදරව් වී තිබේ.

මෙහි ඇති ප්‍රශ්නය මෙයයි. මන්ත්‍රීවරුන් වැනි ප්‍රභූන්ගේ නම් සඳහන් නොවන මෙවැනි සිදුවීම් කොයි තරම් සිදුවෙනවාද? පොලිසිය මෙවැනි ගැටලු සහගත නඩු පැවරීම් කෙතරම් කරනවාද? කරදර වළක්වා ගැනීම සඳහා ඇතැම් විට නිර්දෝෂී පුද්ගලයන් පවා වරද පිළිගන්නවාද?

මේ වනාහි ලංකාවේ සාධාරණ යුක්තිය සම්බන්ධ ගැටලුවයි. මෙම සිදුවීම් සම්බන්ධ පූර්ණ සත්‍යය කිසි දිනෙක හෙළිදරව් වන්නේ නැත. සාමාන්‍යයෙන් මෙවැනි පොලිස් ක්‍රියා පිළිබඳ කාගේවත් අවධානය යොමු වන්නේ ද නැත.

එහෙත්, මෙවැනි සිදුවීම් සමග සමාජ දේහය තුළ කිඳා බැස තිබෙන තුවාල තවත් ගැඹුරු වේ. මහජන බදු මුදලින් නඩත්තු වන පොලිසිය බොරු නඩු පවරනවා නම්, මහජන බදු මුදලින් නඩත්තු වන අධිකරණය නිර්දෝෂී පුද්ගලයන්ට දඬුවම් පමුණුවා මහජන බදු මුදලින් නඩත්තු වන බන්ධනාගාරගත කරනවා නම්, අවසානයේදී සිදුවන්නේ මහජන බදු මුදලින් පවත්වාගෙන යන රජය කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීමයි.

අප මේ වල කපා ගනිමින් සිටින්නේ අපගේම දෙපා මුලින් නොවේද?

(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...