The Leader News
BREAKING
Top Ad
Opinion

අලුත් සංවර්ධන මාදිලියක් - අලුත් ලෝකයක් | පිලිප් ශාන්ත

T

The Leader Desk

December 22, 2025 • 3:29 PM

අලුත් සංවර්ධන මාදිලියක් - අලුත් ලෝකයක් | පිලිප් ශාන්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා මහාචාර්යවරයකු වූ පී.ඩබ්ලිව්. විතානගේ එවකට
  • ඊට හේතුව ලෙස සදහන් කළේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර භූ ගර්භය තුළ පැළුම් කිහිපයක් ඇති නිසා ඒවා මත වික්ටෝරියා, රන්දෙණිගල හා කොත්මලේ වැනි විශාල බරකින් යුතු ජලාශ ඉදිකිරීමෙන් එම ජලාශ පුපුරා යෑමට ඉඩක් ඇති බව ය.
  • විතානගේ භූ ගර්භයේ ගාල්ලේ සිට බලංගොඩ හරහා මඩකලපුව තෙක් අභ්‍යන්තරයෙන් පැළුමක් ඇති බව භූ විද්‍යාඥයන් විසින් සොයාගෙන සෑහෙන කාලයක් වේ.
  • එම පැළුම් නිසා භූ ගර්භයේ ඇතිවන තැටි නිරත්තයෙන් ආකාර කිහිපයකට චලනය වෙමින් පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):

මහවැලි ඇමතිවරයා වූ ගාමිණී දිසානායකට කරුණු සහිත වාර්තාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ කඩිනම් මහවැලි ව්‍යාපාරය ඉදිකිරීම නතර කරන ලෙස ය. ඊට හේතුව ලෙස සදහන් කළේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර භූ ගර්භය තුළ පැළුම් කිහිපයක් ඇති නිසා ඒවා මත වික්ටෝරියා, රන්දෙණිගල හා කොත්මලේ වැනි විශාල බරකින් යුතු ජලාශ ඉදිකිරීමෙන් එම ජලාශ පුපුරා යෑමට ඉඩක් ඇති බව ය.

xfgert4| මහාචාර්ය පී.ඩබ්ලිව්. විතානගේ

භූ ගර්භයේ ගාල්ලේ සිට බලංගොඩ හරහා මඩකලපුව තෙක් අභ්‍යන්තරයෙන් පැළුමක් ඇති බව භූ විද්‍යාඥයන් විසින් සොයාගෙන සෑහෙන කාලයක් වේ. එසේම ඒ පැල්මේ අතුරු පැළුම් රාශියක් ද ඒ ආශ්‍රිතව පැතිර පවතී. එම පැළුම් නිසා භූ ගර්භයේ ඇතිවන තැටි නිරත්තයෙන් ආකාර කිහිපයකට චලනය වෙමින් පවතී. එම චලනයන් වේගවත් වී විශාල ශක්තියක් මුදා හරින විට භූ කම්පන ඇති වේ. මහාචාර්ය පී.ඩබ්ලිව්. විතානගේ බිය පළ කළේ භූ ගර්භයේ ඇති පැළුම් උඩ විශාල බරකින් යුතු ජලාශ ඉදි කළ විට භූ තැටි අතර චලනයන් වේගවත් වී කුඩා ප්‍රමාණයේ භූ කම්පන ඇතිවිය හැකි බවයි.

xdgt44
භූ තැටි අතර කම්පනයෙන් නිර්මාණය වන්නේ භුමි කම්පා පමණක් නොවේ. පොළොවේ නාය යෑම් ද ඇති විය හැකිය. කුඩා ප්‍රමාණයේ භූමි කම්පා ඇතිවීමෙන් භූ ස්ථර බුරුල් වී වර්ෂාව අධික ලෙස වැටෙන විට නාය යෑම් ඇති විය හැකිය. එසේම කැළෑ කැපීම් නිසා පොළොව නිරාවරණයවීම, භූ ස්ථරයට කරන විකෘති කිරීම් ආදිය නිසා ද නාය යෑම් නිර්මාණය වේ.  අරණායක සාමසාර කන්ද න්‍යාය ගිය විට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා මහාචාර්ය කපිල දහනායක ඒ සම්බන්ධයෙන් වෙනස් මතයක් ඉදිරිපත් කළේ ය. ඔහු කීවේ නාය යෑම සෑමවිටම මිනිස් ක්‍රියාකාරීත්වයන් නිසා සිදුවන්නක් නොවන බවය.  කදු කඩා වැටී ස්ථාවරවීමට ස්වභාවයෙන්ම ඇති අවශ්‍යතාව නිසා ද නාය යෑම් ඇතිවිය හැකි බව ඔහු කීය.


ඒ අනුව ලාංකික පොළොව මතුපිට ඇතිවන නාය යෑම් සම්බන්ධයෙන් විශේෂඥ මත දෙකක් පවතින බව පැහැදිලි ය. ඒවා සැලකිල්ලට නොගෙන ක්‍රියාත්මක කරන සංවර්ධනය නිසා ලාංකික භූමිය මිනිස් ජනාවාසයකට නුසුදුසු වෙමින් පවතී. ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාපිත වූයේ 1815 උඩරට ගිවිසුම අත්සන් කර මුළු රටම ඉංග්‍රීසි අධිරාජ්‍යාවාදයට යටත් වූ පසුව ය. එදා සිට තවමත් ක්‍රියාත්මක වන ධනේශ්වර සංවර්ධන මාදිලිය අප ජීවත්වන  මහ පොළොව විනාශයට ඇද දමමින් පවතී.

භූ විෂමතාව නොසලකා ලාභය ඉපයීම අරමුණු කරගෙන වතු වගාවේ නියැලීම නිසා ඉංග්‍රීසීහු මුළු කන්ද උඩරටම සෝදා පාළුවට ලක් කළහ. ඊට පසුව බලයට ආ ලාංකික පාලකයෝ විශාල ජලාශ ඉදිකරමින් උඩරට භූගර්භය අනතුරට හෙලූහ. ඒ අතර කිසිම ප්‍රතිපත්තියක් නැතිව උඩරට භූමිය භූගෝලීය ලෙස වෙනස් කරමින් "සංවර්ධනය" කළහ.

dry54645

බොහෝ පිරිස් උත්සාහ ගන්නේ "අනවසර ඉදිකිරීම්" නිසා මේ විනාශය වන බව කීමට ය. නමුත් අතිශය පාරිසරික සංවේදී කලාපයක් වන ගනේතැන්නේ සිට කඩුගන්නාව තෙක් වූ භූමියේ මහා මාර්ගයක් ද ඊට ඉහළින් දුම්රිය මාර්ගයක් ද ඉදි කිරීම අනවසර ඉදිකිරීම් නොවේ. එසේම මහනුවර නගරයේ බොහෝ ඉදිකිරීම් අවසරලත් ඉදිකිරීම් ලෙස සලකතත් ඒවා ද නාය යෑමට ලක්වෙමින් තිබේ. මහාමායා විද්‍යාලය, උසස් කාන්තා විද්‍යාලය, කදුරට සේවය, බහිරවකන්දේ බුදු පිළිමය, මහනුවර ශික්ෂණ රෝහල ස්ථාපනය කර ඇත්තේ අවධානම් ස්ථානයන්හි ය.


දැනට ක්‍රියාත්මක කරමින් සිටින සංවර්ධන මාදිලිය විනාශකාරී ය. එය අපට අත්කර දෙන්නේ මිනිස් වාසයට නුසුදුසු මහ පොළොවකි. එක් අතකින් මිනිස් ජීවිත විනාශ වේ. අනෙක් අතින් භෞතික පරිසරය විනාශ වේ. ඒ නිසා මේ සංවර්ධන මාදිලිය වහා අත්හළ යුතුය.


pilip shantha(සටහන | පිලිප් ශාන්ත)
"විමුක්ති හඩ"
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික


Philip Shantha
453/2, Best Filed Avenue
Matiyagane Rd;
Horombawa
Kuliyapitiya

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...