The Leader News
BREAKING
Top Ad
Opinion

මාධ්‍යවලට බියවීම | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

December 25, 2025 • 10:16 AM

මාධ්‍යවලට බියවීම | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාධ්‍ය අවභාවිතය අලුත් දෙයක් නොවේ. මාධ්‍ය සමග තරහ වීම පමණක් නොව මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැසීම හා මාධ්‍යකරුවන් ඝාතනය ද මේ රටේ අලුත් දේ නොවේ.
  • එයින් ඉවත් වී සිටීම සැපතක් බව තේරුම් ගැනීමේ පුළුල්කම ගොඩනගාගත යුතුය.
  • එහෙත්, ඔහුගේ සතුරන් පමණක් නොව, මිතුරන් ද එක්ව ඔහු අවමන් සහගත ලෙස පළවා හැරියහ.
  • ඔහු දිගට කරගෙන යන්නේ එම ඉතිහාසය විසින් ඔහුට පැවරූ දේය.
අකුරු ප්‍රමාණය (Font Size):


මාධ්‍යවලට බම්බු ගහගන්නැයි කියා හරි දේ කරනවා නම්, දේශපාලකයාට බිය වන්නට දෙයක් නැත. පැරදුණත් ඇත්ත කිව යුතුය. හෘදය සාක්ෂියට එකඟව හරි හෝ වැරදි දේ කළ යුතුය.

දේශපාලනයේදී අනිවාර්යයෙන්ම හැමෝම කැමති, කිසිදු වරදක් නැති, ඉතා ජනප්‍රිය දේ කරන්නට ලැබෙන්නේ නැත. ලංකාව වැනි රටක දේශපාලන නායකත්වයම අභියෝගයකි. එයින් ඉවත් වී සිටීම සැපතක් බව තේරුම් ගැනීමේ පුළුල්කම ගොඩනගාගත යුතුය.

 

GR RW AKD
ගෝඨාභය: ජනප්‍රිය දේ කළේය. කළ දේ අවංකවමත් කළේය. එහෙත්, ඔහුගේ සතුරන් පමණක් නොව, මිතුරන් ද එක්ව ඔහු අවමන් සහගත ලෙස පළවා හැරියහ.

රනිල්: හරි දේ කළේය. එහෙත්, ඔහුගේ ජාත්‍යන්තර හා දේශීය සතුරන් එක්සත්ව රනිල් පැරදවීය.

අනුර කුමාර දිසානායක: රාජ්‍ය නායකත්වයට පත්වූයේ අභියෝග සහ අවදානම් ඉතිහාසයක් සමගය. ඔහු දිගට කරගෙන යන්නේ එම ඉතිහාසය විසින් ඔහුට පැවරූ දේය. ඔහු අලුතින් කළ දේ අවමය.

ඔහු මෙතෙක් ඉතිහාසය අලුත් කර ඇත්තේ එකම එක දෙයකින් පමණි: එනම්, තමන්ට පෙර සිටි රාජ්‍ය නායකයා සිරගත කිරීමට ක්‍රම සොයාගැනීමෙන් පමණි.

39 B
මෙවැනි දෙයකට කිට්ටු දෙයක් මීට පෙර කළේ ජේ.ආර්. ජයවර්ධනය (සිරිමාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම). රනිල් සම්බන්ධයෙන් ඇත්තේ ඔහු හිරේ මැරෙන තත්වයට පත්කිරීමේ සැලසුමකි.

 

අනාගත දේශපාලනය සම්බන්ධයෙන් දැනට ජවිපෙ ආණ්ඩුවෙන් මුලපුරා තිබෙන එකම දෙය එයයි. මාධ්‍යවලට බිය වන තත්වයක් නිර්මාණය වන්නේ මෙම 'හිස්කම' තුළ විය හැකිය.


AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාධ්‍යවලට බියවීම | අජිත් පැරකුම් ජයසිංහ | The Leader