The Leader News
BREAKING
Top Ad
Opinion

මාධ්‍ය බලපත්‍රය තහනම් කිරීම ! | චරිත හේරත්

T

The Leader Desk

December 31, 2025 • 4:19 PM

මාධ්‍ය බලපත්‍රය තහනම් කිරීම ! | චරිත හේරත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දිනවල සමාජයේ මතුවී තිබෙන එක් ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ නලින්ද ජයතිස්ස ඇමතිවරයා විසින්
  • නලින්දට කලින් පොළිස් දෙපාර්තමේන්තුවෙන්ද මෙවැනිම උත්සාහයක් ගෙන ඇති බව වාර්තා විය.
  • විශේෂයෙන් මෙරට ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙක් ලෙසින් මේ කාරණණය ගැන යමක් ප්‍රකාශ කිරීම සුදුසු යැයි ද සිතමි.
  • මුළින්ම කිව යුතු කාරණය වන්නේ 'මාධ්‍ය තහනම් කිරීමට උත්සාහ දැරීම සහ මාධ්‍ය තහනම් කිරීම' සම්බන්ධයෙන් අපේ දේශපාලන අවකාශයේ බොහෝ පර්ශවයන්  තමන් බලයේ සිටින විට කරපු බොහෝ වැඩවලින් පෙනෙන්නේ ඒ අය 'විපක්ෂයේ සිටින විට පෙනවන ආකාරයේ සුදනන්' නොවන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
මාධ්‍ය බලපත්‍ර තහනම් කිරීමක් ගැන සිදු කළ ප්‍රකාශයක් ය. නලින්දට කලින් පොළිස් දෙපාර්තමේන්තුවෙන්ද මෙවැනිම උත්සාහයක් ගෙන ඇති බව වාර්තා විය. මේ සිදුවීම් දෙකම ගැන යම් අදහසක් පැවසීමට සිතුවෙමි.

විශේෂයෙන් මෙරට ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙක් ලෙසින් මේ කාරණණය ගැන යමක් ප්‍රකාශ කිරීම සුදුසු යැයි ද සිතමි.

1. මුළින්ම කිව යුතු කාරණය වන්නේ 'මාධ්‍ය තහනම් කිරීමට උත්සාහ දැරීම සහ මාධ්‍ය තහනම් කිරීම' සම්බන්ධයෙන් අපේ දේශපාලන අවකාශයේ බොහෝ පර්ශවයන්  තමන් බලයේ සිටින විට කරපු බොහෝ වැඩවලින් පෙනෙන්නේ ඒ අය 'විපක්ෂයේ සිටින විට පෙනවන ආකාරයේ සුදනන්' නොවන බවයි. ඒ කෙසේ වෙතත් මේ කාරණය පිළිබදව යම් සාකච්ජාවක් ඇති කිරිම වැදගත් ය.

2. ලංකාවේ පෞද්ගලික රූපවාහිනි සහ ගුවන් විදුලි සේවාවන් සදහා බලපත්‍ර ලබාදීමට මෙරට විකාශන අධිකාරී පනත ක් තවම සම්මත වී නැත. එවැනි පනතක් ගෙන ඒමට උත්සාහ දැරූ හැම අවස්ථාවේදීම පෞද්ගලික නාලිකා, වෘත්තීය සංගම් සහ ඒ කාලයේ විපක්ෂයේ සිටින පක්ෂ ඒ වැඩේට විරුද්ධව පරට බසිති. නඩු දමති. ඒ අනුව් විකාශන අධිකාරි පනත කවදාවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම දක්වා වත් ගෙන යන්නට හැකි වුනේ නැත.

3. එපමණක් නොවේ. දැන් පෞද්ගලික අංශයේ නාලිකා (රූපවාහිනි සහ ගුවන් විදුලි) සදහා සියලුම බලපත්‍ර ලබා දී ඇත්තේ 1982 අංක 6 දරන  ලංකා රූපවාහිනි සංස්ථා පනතේ  28 වන වගන්තියේ ඇමතිවරයාට ලබා දී ඇති බලයක් භාවිතා කරමින් වන අතර 1966 අංක 37 දරන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පනතේ මූළික විධිවිධාන කොටස භාවිතා කරමිනි.

4. මෙතනදී නලින්ද ජයතිස්ස ඇමතිවරයා කියන එක කාරණයක් නිවැරිදිය. එනම් මේ බලපත්‍ර සියල්ලම තාවකාලික ඒවා බවයි. අපි එසේ බලපත්‍රයේ ලියන්නේ ඒ ඒ රජයන් විසින් ඒවා වෙනස් කරන අදහසින් නොවේ. එසේ 'තාවකාලික' යැයි ලියන්නේ විකාශන අධිකාරි පනතක් අනුමත වූ පසුව යලිත් බලපත්‍ර ලබාදීම සදහාය.

5. මෙතැන්දී අවධානයට ගත යුතු තවත් කාරනයක් තිබේ. සමහරුන් සිතන්නේ මාධ්‍ය සදහා ලයිසන් දෙන්නේ TRC එක හෙවත් විද්‍යුත් සංනිවේදන නියාමන කොමිසන් සභාව කියාය. එය අර්ධ සත්‍යයකි. ජනමාධ්‍ය සදහා 'අන්තර්ගතය සදහා' (Contents) වගකීම ඉහත සදහන් පනත් දෙකින් ඇත්තේ  ජනමාධ්‍ය ඇමතිවර්යාට වන හෙයින් මේ ලයිසන් එකේ එක පැත්තක් සමන්විත වන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ලෙඛණගත කරනු ලදුව ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් බලය දෙනු ලබන බල පත්‍රයටය.

6. 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විද්‍යුත් සංනිවේදන පනත අනුව සංඛ්‍යාත භාවිත සැළැස්ම, සංඛ්‍යාත පැවරීම, සංඛ්‍යාත භාවිතය නිරීක්ෂණය කිරීම, යම් ආකාරයක කොන්දේසිවලට පටහැනිව සිදුවන ක්‍රියාවලියකදී සංඛ්‍යාත අථිටුවීම සහ නැවත ලබාදිම (Plan Frequency usage, Assign Frequencies, Monitor compliance and Withdraw or reassign frequencies if conditions are violated) සිදු කරනු ලැබෙයි.

7. මේ කාරණය රටේ දේශපාලනය පැත්තෙන් ඉතාමත් සංවේදී කලාපයක් නිසා කිසිම රජයක් මේ ක්ෂේත්‍රය තුළ සාර්ථක වී නැත. දැනට ලබා දී ඇති බොහො බලපත්‍ර ලබා දී ඇත්තේ දේශපාලන හේතූන් හෝ පෞද්ගලික හේතූන් මත පදනම් වෙමින් ය. ඒ නිසා නාලිකා හිමියන් හෝ ඒ කාලවල සිටි රජයන් කවුරුවත් මේ වැඩේ කර තිබෙන්නේ හොදට නොවේ. සමහර රටවල සංඛ්‍යාත ලබා දී ඇත්තේ වෙන්දේසි ක්‍රමයටය. එහෙත් අපේ රටේ එවැන්නක් කවමදාවත් සිදුවී නැත.

8. එපමණක් නොව ජනතා විමුක්ති පෙරමුණට සහ ජාතික හෙළ උරුමයට ද මාධ්‍ය බලපත්‍ර දෙකක් ලබා දී තිබූ බව මගේ මතකයයි. ඒවා දැන් වෙන වෙනම ආයතන විසින් පවරාගෙන ඇතිවා විය හැකිය.

9. දැන් නලින්ද ජයතිස්ස ඇමතිවරයාගේ ප්‍රකාශයට එමු. එතුමන්ගේ ප්‍රකාශයෙන් කියවෙන්නේ තමන්ගේ ආණ්ඩුවට එකග නොවන ආකාරයේ දේවල් විකාශනය වෙන නාලිකා කරන්නේ අසත්‍ය ප්‍රචාරණයක් යැයි පදනමින් ඒ නාලිකා තහනම් කරනවා යන්නය. පලමුවෙන්ම මේ ප්‍රකාශයෙන් පේන්නේ ඇමතිවරයා සහ වත්මන් ආණ්ඩුව අන්තිම මෝඩ වැඩක් සදහා බොරු කයිවාරුවක් ගසන බවය. දෙවනුව මේ කථාවෙන් ආණ්ඩුවට පාඩුවක් මිස කිසිම වාසියක් ලැබෙන්නේ නැත. තුන්වෙනුව මේ වැඩේ කවමදාවත් කරන්නටත් බැරිය.

සරලම වචනයෙන් කිවහොත් මේකට කිව හැක්කේ  "බලය ලැබුනාට රාජ්‍ය පාලනයේ අත්දැකීම් නැති නිසා කරන ගොං කථාවක්" කියාය.

10. අපේ රටේ මේ ප්‍රශ්නය (ඒ කියන්නේ මාධ්‍යවල හිමිකාරිත්වය, රජය සහ ජනතාව අතර තිබෙන ගැටලුකාරීත්වය) බුද්ධිමත්ව විසදා ගත යුතුව ඇත. ඒ සදහා ප්‍රධාන ධාරා 3 වැඩ කළ යුතුය.
 
  1. නියාමනය බුද්ධිමය හා ප්‍රජාතන්ත්‍රීය අවකාශයකට ගෙන ආ යුතුය. එහිදී විකාශන අධිකාරි පනත පළල් සාකච්ජාවක් හරහා රට තුළ නිති ගත කිරීම වැදගත් ය.
  2. දැනට පවතින නිතිය යටතේ ලබා දී ඇති බලපත්‍ර හිමියන් සමග පළල් සම්බන්ධීකරණයක් හරහා දැනට අධිකරණයේ  ඇති රෙගුලාසි කීපය නිතිගත කිරීමට උත්සාහ දැරිය යුතුය.
  3. මාධ්‍ය සදාචාරය සම්බන්ධ නව කථිකාවතක් සදහා පුවත් පත් මණ්ඩලය, පෞද්ගලික පුවත්පත් විසින් ගොඩනගා ඇති ආයතනය, ගුවන් විදුලි විකාශකයින්ගේ සංවිධානය යන ආයතන සහ වෘත්තීය මාධ්‍ය සංගම් ඒකාබද්ධ වැඩ සටහනකට යා යුතුය.
  4. මාධ්‍ය පුහුණුව  සදහා රජය සහ පෞද්ගලික අංශයන් ඒකාබද්ධ වැඩ සටහනකට යා යුතුය.


11. මෙවැනි පළල් මැදිහත්වීමකින් තොරව 'අලින් ගේ අපේ කථා' කියමින් ලොකුකම ප්‍රදර්ශනය කරන්නට යාමෙන් සිදු වෙන්නේ ආණ්ඩුව ජනප්‍රියත්වයෙන් පස්සට ගමන් කිරීම විදුලි වේගයෙන් සිදුවීමය.  

(මම මේ අදහස පළකළේ මම සිටි හෝ මා සිටින දේශපාලන ධාරාවන් ගැන සිතා හෝ මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින මගේ මිතුරන් ගැන සිතා හෝ නොව මේ පිළිබදව යම් එකතු කිරීමක් සිදු කළ යුතු යැයි සිතුන නිසාය.)

Charitha H(සටහන | මහාචාර්ය චරිත හේරත්)
charith9@yahoo.com

 (ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාධ්‍ය බලපත්‍රය තහනම් කිරීම ! | චරිත හේරත් | The Leader