The Leader News
BREAKING
Top Ad
Opinion

හරිනිට සහකම්පනීය විය යුතුද? නැද්ද? | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

January 2, 2026 • 6:14 AM

හරිනිට සහකම්පනීය විය යුතුද? නැද්ද? | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ මේ යුගයෙ දේශපාලනය කියන්නෙ ජීවිතය සම්බන්ධ විශාල අවදානමක්.
  • එහෙම තියෙද්දි දේශපාලනයට ඇවිත් වගකීම් භාරගන්න අවදානම ගන්නවා කියන්නෙ ඇත්තටම පුරවැසියන් විසින් ඒ අය රැකගැනීමේ වගකීම භාරගත යුතුයි.
  • 2024දි අති විශාල ජනවරමකුත් ලැබුවට පස්සෙ ජවිපෙ/මාලිමා ආණ්ඩුව රනිල්ගේ නායකත්වයෙන් ගොඩනගන ලද දේශපාලන වැඩපිළිවෙල ගැන නැවත සිතා බැලිය යුතුව තිබුණා.
  •   මේ අතර රාජ්‍ය ආදායම් පැත්තෙන් නම්, මාලිමා ආණ්ඩුව සාර්ථක වී තිබෙන බව පෙනෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒක කෙළවර වෙන්න ඉඩ තියෙන්නෙ පාරෙදි පොලුපාරවලින් මැරෙන, ගෙවල් ගිනි තියාගන්න, හිරේ යන ප්‍රතිඵලයකින්. එහෙම තියෙද්දි දේශපාලනයට ඇවිත් වගකීම් භාරගන්න අවදානම ගන්නවා කියන්නෙ ඇත්තටම පුරවැසියන් විසින් ඒ අය රැකගැනීමේ වගකීම භාරගත යුතුයි.

2024දි අති විශාල ජනවරමකුත් ලැබුවට පස්සෙ ජවිපෙ/මාලිමා ආණ්ඩුව රනිල්ගේ නායකත්වයෙන් ගොඩනගන ලද දේශපාලන වැඩපිළිවෙල ගැන නැවත සිතා බැලිය යුතුව තිබුණා. එහෙත්, ඒ වෙනුවට ඔවුන් කළේ ඒ වැඩසටහනම පේළියෙන් පේළිය ඒ විදියටම ක්‍රියාත්මක කරන එක. කොටින්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පවා තදියමේ ක්‍රියාත්මක කරන්නට මුලපිරුවා. රනිල්ගේ ආණ්ඩුව තිබුණත්, ඔවුන් පවා තව කල් ගන්නට ඉඩ තිබුණා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට පෙර පුළුල් සමාජ සංවාදයක් අවශ්‍යයි. එවැන්නක් නිර්මාණය කිරීම අමාරු දෙයකුත් නෙමෙයි. රනිල් ආර්ථිකය සම්බන්ධයෙන් කටයුතු කරන ශෛලියෙන් කල් යල් බලා තල්ලු කිරීම රනිල්වත් අධ්‍යාපනය සම්බන්ධයෙන් කරන දෙයක් නෙමෙයි.

 

Deputy Ministers 1200px 24 11 21 1000x600

මේ අතර රාජ්‍ය ආදායම් පැත්තෙන් නම්, මාලිමා ආණ්ඩුව සාර්ථක වී තිබෙන බව පෙනෙනවා. ඒත්, රාජ්‍ය වියදම් පැත්තෙන් බැලුවත්, වියදම් ඉලක්කවලින් 50%ක්වත් සාක්ෂාත් කරගෙන නැහැ. එහෙම වෙන්නෙ ඇයි? ලක්ෂ 14ක රාජ්‍ය සේවයක් අකර්මන්‍ය වෙලා. ඒක තමයි හේතුව. එහෙම වුණේ ඇයි?

ආසන්න උදාහරණයකින් බලමු. 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොතේ අසභ්‍ය වෙබ් අඩවියක ලිපිනයක් මුද්‍රණය කරලා බෙදා හැරලා. මෙමගින් බරපතල අපරාධමය වැරදි ගණනාවක් සිදුවෙනවා. මොනවද? බරපතල ළමා අපයෝජනයක්, අසභ්‍ය ප්‍රකාශන පළ කිරීමක්, මහජන මුදල් නාස්තියක් වැනි චෝදනා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, අධ්‍යාපන ඇමතිනිය දක්වාම වගවිය යුතුයි.

 

MS 23421

ඒ වුණාට, මේ වන විට හරිනි ප්‍රහාරයට ලක් වී තිබෙන්නේ ඇගේ ලිංගික නැඹුරුව යයි වෙනත් අය විසින් කරන ලද නිගමනයක් සම්බන්ධයෙන්. මේ දේම දශක ගණනාවක් තිස්සේ රනිල් වික්‍රමසිංහටත් කළා. ඔහුත් හරිනි මෙන්ම තම ලිංගික නැඹුරුව ගැන ප්‍රසිද්ධියේ කතා කර නැහැ. එහෙම කතා කරනවාද, නැද්ද කියන එක තීරණය කිරීම පෞද්ගලික දෙයක්. මංගලට විතරයි දේශපාලකයන් පැත්තෙන් ප්‍රධාන ධාරාවේ සමාජ ලිංගිකත්වයන්ට විකල්ප අනන්‍යතාවක් වෙනුවෙන් යම් දුරකට හෝ පෙනී සිටින්නට ධෛර්යය තිබුණෙ. එහෙත්, ජවිපෙ සාමාජිකයන් හිතවතුන් පවා රනිල් වැනි අයට අවමන් කළා. එයම දැන් හරිනිටත් සිදුවෙමින් තිබෙනවා. එය ඉතා අසාධාරණයි.

bus04

 

ඒත්, හරිනි සමග සහකම්පනීය විය යුතුද? මා නම් හිතන්නෙ නොවිය යුතුයි. ඒකට හේතුව තමයි, ඇය නියෝජනය කරන දේශපාලනය. කිසිවකුට පාලනය කළ නොහැකි මෙහෙම රටක් හදන්නට හේතු වූ, ප්‍රජාතන්ත්‍රවාදයට මුවා වී අරාජිකවාදය ප්‍රවර්ධනය කළ දේශපාලනයට ඇයත් නායකත්වය දුන්නා. 2022 ජුලි 9දා පාර්ලිමේන්තුව ගිනි තියන්න ඇයත් ගියා. ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජවිපෙ තමයි මේ තත්වයේ ප්‍රධාන වගඋත්තරකරුවන්. ඔවුන් තමයි, වාමාංශිකයන් හා ‘බයියන්’ ලෙස හඳුනාගත හැකි ලාංකික සරල අගතිගාමී දේශපාලන බලවේගය උපයෝගී කරගනිමින් ප්‍රවර්ධනය කරන ලද අරාජිකත්වයේ වාසිය අත්පත් කරගත්තෙ. හරිනි කියන්නෙ ළඟ නවල, ෂෝට් කට් ගහල, ස්නේක් ඇන් ලැඩර් ගේම් එකේ ලැඩර් විතරක් නැගල රාජ්‍ය නායකත්වය ආසන්නයටම ආපු කෙනෙක්. ඇගේ වාසනාවට ඉරිසියා කළ යුතු නැහැ. හැබැයි, තමන්ට ඉනිමං සැපයූ අගතිගාමිත්වයේ විපාක ඇය විඳිය යුතුයි. ඕනැම අසාමාන්‍ය වාසනාවක් පසුපස අවාසනාව හඹා එන්නට පුළුවන්.

ඒ සමගම මේකත් කිව යුතුයි. මේ තමයි අරාජිකත්වයේ අලුත්ම අදියර. කිසිවකුට මේ රට පාලනය කරන්නට බැහැ. මේ වන විට රාජ්‍ය සේවය ආසන්න වශයෙන් අකර්මන්‍යයි. ඒක තමයි මේ පෙළ පොත් ප්‍රශ්නයෙන් ප්‍රදර්ශනය වෙන්නෙ. පෙළ පොතක් සම්පාදනය කරලා, නිකුත් කරලා, ඒ ගැන පුහුණු වැඩමුළු පවත්වනකල් කිසිම බලධාරියෙකු ඒක කියවලාවත් නැහැ. නැතිනම්, ඒ වගේ සරල කාරණයක් තේරුම් ගන්නට තරම් මොළේ තියෙන අය තනතුරුවල නැහැ.

ඊළඟ කෑල්ල ඊටත් වඩා නීරසයි. ප්‍රධාන වගකිව යුත්තා වන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සීඅයිඩී යනවා. කුමන්ත්‍රණයක්ලු. තමන්ගෙ අමුඩෙ වෙන කවුද කැත කරලලු. මේ තරම් තක්කඩි, මේ තරම් රැවටිලිකාර, මේ තරම් මුග්ධ රාජ්‍ය නිලධාරීන් එක්කද රටේ අනාගත පරම්පරාවල ඉරණම තීරණය කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්නට යන්නෙ?

 

fsp 1

මේ යථාර්ථය තේරුම් ගැනීම හරිනිගෙන්වත් පටන්ගත යුතුයි. ලංකාවේ තිබෙන ප්‍රධාන ගැටලුව නැවත හඳුනාගත යුතුයි. ඒ වෙන කිසිවක් නෙමෙයි, ප්‍රජාතන්ත්‍රවාදයේ හැත්තෑ හත් වසරට මුවාවෙලා, 1965 සිට ජවිපෙ විසින් නායකත්වය දීලා ප්‍රවර්ධනය කළ අරාජිකත්වය. ඒක දැන් සමස්ත සමාජ දේහයම පුරා උඩු දුවලා. රාජ්‍ය යාන්ත්‍රණය විතරක් නෙමෙයි, ආණ්ඩුවත් අරාජිකත්වයේ පිළිකාවට ගොදුරු වෙලා. මේ විදියට ලංකා රාජ්‍යය පවත්වාගෙන යන්නට බැහැ. බාහිර දේශපාලනය සම්පූර්ණයෙන්ම අරාජිකත්වය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජවිපෙන් ගිලිහුණු එහි රතු කොඩි ගැනුමට කෙළ හළමින් ඉන්නෙ. සෙසු පක්ෂ සාපේක්ෂව එයින් දුරස්ථයි. විශේෂයෙන්ම නව පොහොට්ටුව ඒ අරාජිකවාදී සරල අගතිගාමී බයි බලවේගයේ පාලනයෙන් මිදිලා. ඒක ඉතාම සාධනීය තත්වයක්. ජවිපෙ ආණ්ඩුව අරාජිකවාදීන්ගේ ග්‍රහණය තුළ අඤ්ඤකොරොස් වෙලා.

අරාජිකවාදය තමයි දේශපාලනයේදී ආමන්ත්‍රණය කළ යුතු ප්‍රධාන ගැටලුව. අරාජිකත්වයට එරෙහිව ලංකා රාජ්‍යය තමයි මේ වෙලාවේ දේශපාලන ආදර්ශ පාඨය. දේශපාලකයන් භේද පසෙක ලා තමන් පාලක පන්තියක් ලෙස සිතිය යුතුයි. තව සරල කරලා කියනවා නම්, ස්ටාෆ් එකක් ලෙස සිතිය යුතුයි. තමන් අතර තරගකාරීත්වයක් තිබුණත්, අනෙකා සම්බන්ධයෙන් වෛරයට තමන් ගිලගැනීමට ඉඩ නොදිය යුතුයි.

 

ranill anura file
උදාහරණයකින් කියනවා නම්, ජනාධිපති අනුරට වෙච්ච දේ ගන්න. ඔහුව ජනාධිපති කරන්නට අවශ්‍ය පසුබිම නිර්මාණය කරදුන්නෙ හිටපු ජනාධිපති රනිල්. මේ බව මෙතන කමෙන්ට් කරන මෝඩයන් නොදන්නවා වුණාට ඔහුත්, ජවිපෙ නායකත්වයත් දන්නවා. මේ බල හුවමාරුව සිදු වුණේ ඒ අවබෝධය ඇතුළෙ. මෙතන විප්ලවීය වෙනසක් සිදු වුණේ නැහැ. ඔය කාරණා හරියට නොතේරෙන පැලවත්තෙ ටිල්වින්ලාට, ශානිලා, දිලීපලා, කොටි ඩයස්පෝරාවෙන් අතින් කන ඊනියා මාධ්‍යකරුවන් හා සරණාගතයන් වගේ අදේශපාලනික, මුග්ධ බලවේගවලට අවශ්‍ය විදියට රනිල්ව හිරේ මරන්නට අවශ්‍ය තත්වයන්ට පහසුකම් සැලසීම ඔහු කරන බරපතල වරදක්. එය 1977න් පසු ජේආර් සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම වගේ මුග්ධ වැඩක්. දේශපාලන පැළැන්තිය අතර ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුවට වැට බැඳීමේ ප්‍රතිඵල ලෙස තමයි කැරැලිකාර බලවේග ඉදිරියට ආවෙ. දැන් ජවිපෙ පාලක පැළැන්තියට උසස්වීම් ලබා තිබෙන නිසා මේ කාරණා දෙස වෙනස් ඇසකින් බලන්නට නායකත්වයට හැකි විය යුතුයි.

නායකත්වය ලෙස හෝ වෛරී දේශපාලනය අත්හරින්න. අවබෝධයෙන් කටයුතු කරන්න. අපි අරාජිකත්වය එක්ක නැහැ. ඒ නිසාම ජවිපෙ සමගත් නැහැ. හැබැයි අපි ලාංකීය ජනරජය එක්ක, එකෙන්ම, බොක්කෙන්ම.

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි)


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හරිනිට සහකම්පනීය විය යුතුද? නැද්ද? | අජිත් පැරකුම් ජයසිංහ | The Leader