The Leader News
BREAKING
Top Ad
Opinion

ඇමරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධ වූ පමණින් නිකොලාස් මදුරෝ වීරයෙක් නොවේ - ස්ලැවොයි ජිජැක්

T

The Leader Desk

January 4, 2026 • 10:21 AM

ඇමරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධ වූ පමණින් නිකොලාස් මදුරෝ වීරයෙක් නොවේ - ස්ලැවොයි ජිජැක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමහරුන්ට අනුව මදුරෝ කියන්නෙ වෙනිසියුලාවෙ මාරම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්.
  • මේ ගැන ජිජැක් 2017 'ද ඉන්ඩිපෙන්ඩන්ට්' සගරාවට කොලමක් ලියනවා.
  • ඒක ඇතුලෙ අවශ්‍ය ආයතනික වෙනස හෝ පරිවර්තනය කරගැනීමට අසමත් වුනු නිසා කියලයි.
  • එයා දකින්නෙ ගැඹුරු ප්‍රතිසංස්කරණ ගැන අදහසක් නැති ජනප්‍රිය/ජනතාවාදී නායකයෙක් අසමත් වෙන්නෙ කොහොමද කියන එකට උදාහරණයක් විදිහට.
අකුරු ප්‍රමාණය (Font Size):

සමහරුන්ට අනුව ඒකාධිපතියෙක්. වෙනිසියුලාවට ගොඩක් සපෝර්ට් කරන්නෙ වාමාංශිකයො හින්දම මේ ගැන ජිජැක් වගේ වාමාංශිකයෙකුගෙ අදහස් පරීක්ෂා කරලා බලන එක වටිනවා.

ජිජැක් කියන්නෙ වෙනිසියුලාවෙ විප්ලවයෙ තියෙන අවුල එය අවශ්‍ය තරම් දුර ගමන් කලේ නැති වීම කියලයි. මේ ගැන ජිජැක් 2017 'ද ඉන්ඩිපෙන්ඩන්ට්' සගරාවට කොලමක් ලියනවා.

 

venezuela aid border 1024x635

ඒකෙ ජිජැක් කියන්නෙ චාවේස් සහ මදුරො යටතේ වෙනිසියුලාවෙ විප්ලවය අසාර්ථක වුනේ ඒක රැඩිකල් එකක් වුනු නිසා නෙමෙයි කියල. ඒක ඇතුලෙ අවශ්‍ය ආයතනික වෙනස හෝ පරිවර්තනය කරගැනීමට අසමත් වුනු නිසා කියලයි. ඒ නිසාම වෙනිසියාලුවෙ චාවේස්/මදුරෝ පාලනය  විමුක්තිකාමී විකල්පයක් හැටියෙන් ගන්න බෑ කියල ජිජැක් කියනවා. එතැන සැබෑ වාමාංශික විකල්පයක් නෑ කියල චෝදනා කරනවා.

ජිජැක් මදුරෝව වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදියෙක් විදිහට දකින්නෙ නෑ. එයා දකින්නෙ ගැඹුරු ප්‍රතිසංස්කරණ ගැන අදහසක් නැති ජනප්‍රිය/ජනතාවාදී නායකයෙක් අසමත් වෙන්නෙ කොහොමද කියන එකට උදාහරණයක් විදිහට.

ජිජැක්, මදුරෝ සහ චාවේස් උඩදාන රොමාන්තික වාමාංශිකයන්ව විවේචනය කරනවා. ඇමරිකාවට හෝ බටහිරට එරෙහි වීම කියන එක මත මේ අයගෙ ඒකාධිපති නැඹුරුව වසන් කිරීම ගැන චෝදනා කරනවා. ජිජැක් වෙනිසියුලාව ගන්නෙම ඉහළ සිට පහලට විහිදෙන රාජ්‍ය බලයක් සහ ජනප්‍රිය නායකත්වයකට ඔබ්බෙන් 'වම' සිතිය යුත්තේ ඇයි කියන එක පැහැදිලි කරන්නමයි.

ජිජැක් ඇමරිකාවට සපෝර්ට් කරනවා නෙමෙයි. නමුත් ඒ විරෝධය මත මදුරෝගෙ පාලනය ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙන්නෙ නෑ. එයා මදුරොගෙ ඒකාධිපති ස්වරූපය දකිනවා. පාලනයේ දුර්වලතා දකිනවා. අධිරාජ්‍යවාදයට එරෙහි වීම නිසාම ඒකාධිපතිවාදය ආරක්ෂා කරන වමේ දුබලකමත් දකිනවා.

cilia 12
අධිරාජ්‍යවාදයට විරුද්ධ වීමෙන් පමණක් විමුක්තියක් අත්වෙන්නෙ නෑ කියල ජිජැක් කියනවා.

'වෙනිසියුලාවෙ අසමත් වීම කියන්නෙ රාජ්‍ය කේන්ද්‍රීය ජනප්‍රිය වමේ අසමත් වීමයි'-  (මේක අපේ මාලිමාවට කියපු කතාවක් වගේ)

''මදුරෝ වීරයෙක් වන්නේ හෝ ඇමරිකාව සම්පූර්ණ දුෂ්ටයෙක් වන්නේ හෝ නැත''  - ස්ලැවොයි ජිජැක්

( වෙනිසියුලාවට ඇතුල්වෙමින් මදුරෝ බලහත්කාරයෙන් හමුදාභාරයට ගැනීම කිසිසේත්ම සාධරණීකරනය කිරීමක් නොවේ. ජිජැක්ගේ අදහස් ඒ සම්බන්ධයෙන් පළකල ඒවාද නොවේ)


මුලාශ්‍රය :

The problem with Venezuela’s revolution is that it didn’t go far enough


Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...