The Leader News
BREAKING
Top Ad
Opinion

නිහඬ වනු ! | පිලිප් ශාන්ත

T

The Leader Desk

January 5, 2026 • 6:31 AM

නිහඬ වනු ! | පිලිප් ශාන්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමෙරිකාව ආයෙත් ජඩ වැඩක් කරල.
  • මේක වෙනිසුවෙලාවේ ඛණිජ තෙල් මංකොල්ල කන්න කරපු පාහර වැඩක් බව සැකයකින් තොරව කියන්න පුළුවන්.
  • එවැනි බක පණ්ඩිත වැඩ නිසා 1978න් පසුව ඉතිහාසයේ අපි ඇති තරම් බැට කෑව.
  • හොදම උදාහරණය තමයි 1987 දි ඉන්දියාව අපේ ගුවන් සීමාව උල්ලංඝනය කිරීම.
අකුරු ප්‍රමාණය (Font Size):

සෛවරී රාජ්‍යයක් වන වෙනිසුවෙලාවට කඩා පැනල එහි ජනාධිපතිවරයා හා ඔහුගේ බිරිද පැහැරගෙන ගිහිල්ල. මේක වෙනිසුවෙලාවේ ඛණිජ තෙල් මංකොල්ල කන්න කරපු පාහර වැඩක් බව සැකයකින් තොරව කියන්න පුළුවන්. ඒ වගේම අප වැනි දේශපාලන සංවිධාන මේව හෙලා දකින්න ඕන. ලෝකය පුරා ස්වාධීන දේශපාලන සංවිධාන මේ ක්‍රියා හෙලා දැක්කොත් තමයි ලෝක දේශපාලනය තුළ එක්සත් ජනපදය හුදකලා කරන්න පුළුවන්.

 

sddefault

හැබැයි මේ වැඩේ ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයන්ට කරන්න බැහැ. රාජ්‍යයේ කවුරු බලයේ හිටියත් ඒ වැඩේ කරන්න යෑම රාජ්‍යයක් විදිහට අපි අසරණ වන ක්‍රියාවක්. එවැනි බක පණ්ඩිත වැඩ නිසා 1978න් පසුව ඉතිහාසයේ අපි ඇති තරම් බැට කෑව. හොදම උදාහරණය තමයි 1987 දි ඉන්දියාව අපේ ගුවන් සීමාව උල්ලංඝනය කිරීම.

යැංකි ඩිකී 1977 දි රාජ්‍ය බලය ගත්ත දා ඉදල අසල්වැසි ප්‍රබලයා වන ඉන්දියාවට සමච්චල් කරමින් එක්සත් ජනපදයට "පැනල දෙන්න" පෙළඹුණා. 1978 දී ඉන්දිරා කොංග්‍රසය ඉන්දියාවේ මහා මැතිවරණයෙන් රාජ්‍ය බලය ලබා ගත්විට ලංකාවේ අගමැතිවරයා එය සමච්චලයට ලක් කළේ "වැස්සියි වැස්සිගෙ පැටියයි" ඉන්දියා රාජ්‍ය අල්ලා ගත් බව කියමින්. එවකට පැවැති සෝවියට් හිතවාදී ඉන්දියාවට තමන් එරෙහි බව එක්සත් ජනපද ස්වාමියාට ජේ.ආර්. රෙජීමය ඔප්පු කළේ ඉන්දියාවට පහර දෙමින්. ඊට ප්‍රතිචාර ලෙස 1987 දි අපේ ගුවන් සීමාව උල්ලංඝණය කරමින් ඉන්දියාව ගුවනින් පැමිණ යාපනයට ආහාර පොදි හෙළුව.

india Sl accord
සමහර වාමාංශිකයන් පවා මේ යතාර්ථය විග්‍රහ කර ගන්න බැරිව ඉන්දියාවට බැන වැදුනත්, ඉන්දියාව ආක්‍රමණිකයකු ලෙස හැදින්වුවත් කලාපයේ බලවතා වූ ඉන්දියාව එසේ කළේ තමන් නොතකමින් ශ්‍රී ලංකාව විසින් එක්සත් ජනපදයට "කඩේ ගිය" නිසයි. ජේ.ආර් රෙජීමයේ විදේශ ප්‍රතිපත්තිය අමු මෝඩ අතාර්කික එකක් බව ලෝකයාටම ප්‍රදර්ශනය වුනේ ඉන්දියාවේ නොමනා හැසිරීම තුළ එක්සත් ජනපදය හෝ බටහිර ඈලිය හෝ වචනයක් නෝකීමෙනි. ශ්‍රී ලංකාවට ප්‍රශ්නය විසදා ගැනීමට බල කෙරුණේ ඉන්දියාව සමඟ යාප්පුවෙනි. අවසානයේ ඉන්දීය මැදිහත්වීම පිළිගනිමින් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

සීතල යුද්දය නිමා වී ආර්ථික කණ්ඩායම් (Economic Bloc) ලෙස ලෝකය ප්‍රතිව්‍යුහගත වූ පසුව නොබැදි විදේශ ප්‍රතිපත්තිය අහෝසි වුණා. අප වැනි ලෝකයේ කුඩා රාජ්‍යයන්වල විදේශ ප්‍රතිපත්තිය පදනම් විය යුත්තේ පරමාදර්ශය මත නෙවෙයි. පරමාදර්ශය ව්‍යාජයක් බව සුඩානය බෙදුම්කරණයට ලක්වන විට රුසියාව හා මහජන චීනය ඔප්පු කළා. එනිසා ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයන්ගේ විදේශ ප්‍රතිපත්තියේ පදනම විය යුත්තේ උපයෝගීතාවයි.

 

power w

දේශපාලන බලය ඇති විශාල රාජ්‍යයන්ගේ හැසිරීම්වල දී තීන්දු තීරණදීමට කුඩා රාජ්‍යයන් ඉදිරියට පැනීම සියදිවි නසා ගැනීමට තැත් කිරීමකි. එනිසා එක්සත් ජනපදය විසින් වෙනුසුවෙලාව ආක්‍රමණය කිරීම කෙතරම් අශ්ලීල වුවත් ඉදිරියට පැන එය හෙළාදැක සාධාරණයේ පැත්ත ගැනීමට ශ්‍රී ලංකා රාජ්‍යයට නොහැකියි. ඒ නොහැකියාව වඩා ප්‍රබල වන්නේ ලෝක දේශපාලනය තුළ ශ්‍රී ලංකාවට තිබූ පෞරුෂය මනුෂ්‍ය ඝාතන කරමින්, ප්‍රජාතන්ත්‍රවාදයට කොකා පෙන්නමින්, යහ පාලනය නොතකා හරිමින් අප විසින්ම අහිමි කරගත් නිසයි. එනිසා නිවැරැදිම විදේශ ප්‍රතිපත්තිය වන්නේ මේ අර්බුදකාරි මොහොතේ දී රාජ්‍යයක් වශයෙන් නිහ‍ඬව සිටීමයි.

PHOTO 2024 10 14 10 31 21(සටහන | පිලිප් ශාන්ත)
විමුක්ති හඬ
shan.info1978@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...