The Leader News
BREAKING
Top Ad
Opinion

ට්‍රම්ප්ට එරෙහි අරගලය ආරම්භ විය යුත්තේ මදුරෝට එරෙහි අරගලයේම දිගුවක් ලෙසිනි | පිලිප් ශාන්ත

T

The Leader Desk

January 5, 2026 • 11:24 AM

ට්‍රම්ප්ට එරෙහි අරගලය ආරම්භ විය යුත්තේ මදුරෝට එරෙහි අරගලයේම දිගුවක් ලෙසිනි | පිලිප් ශාන්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකයේ බලවත් රටක් විසින් දුබල රටක් ආක්‍රමණය කළ හැටියෙ ලෝකානුකම්පාව යොමු වෙන්නෙ දුබල රටට පක්ෂව.
  • උදාහරණයකට 1987 දී ලාංකීය ගුවන් සීමාව උල්ලංඝනය කරමින් ඉන්දියාව ශ්‍රී ලංකාවට කළ අවමානයට නිදහසට කරුණු ඇති පදම් කියන්න තිබුණා.
  • ඉන්දියාවෙ ඇත්ත ආක්‍රමණ අරමුණ වෙනකක් වුවත් මතුපිටින් කියූ හේතුවලට ද පදනමක් තිබුණා.
  • ඒ අනුව ඉන්දියාව මහා ආක්‍රමනිකයකු ලෙස හැඳින්වුවත් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද ගැතිකම, දෙමළ ජනයා මර්දනය හා ප්‍රජාතන්ත්‍රවාදයේ පරස්පරතා වැනි කරුණු විචාරයට ලක් කරන්නේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෝකයේ පොලිස්කාර රටවල් නොතිබිය යුතු නිසා ඒ ලෝකානුකම්පාව තාර්කික වුව එවැනි සිද්ධියක් දෙස ඒකමානීයව බැලීම නොකළ යුත්තක්.

උදාහරණයකට 1987 දී ලාංකීය ගුවන් සීමාව උල්ලංඝනය කරමින් ඉන්දියාව ශ්‍රී ලංකාවට කළ අවමානයට නිදහසට කරුණු ඇති පදම් කියන්න තිබුණා. ඉන්දියාවෙ ඇත්ත ආක්‍රමණ අරමුණ වෙනකක් වුවත් මතුපිටින් කියූ හේතුවලට ද පදනමක් තිබුණා. ඒ පදනම ඉන්දියාවේ දේශපාලන අශ්ලීලත්වයේ තීව්‍රතාව ලෝකයා හමුවේ අඩු කළා.

 

battle14

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ සෛවරීත්වය අමු අමුවේ උල්ලංඝනය කිරීම අදත් බොහෝ දෙනෙක් විග්‍රහ කරන්නේ ජාතිකවාදී අදහසකින්. ඒ අනුව ඉන්දියාව මහා ආක්‍රමනිකයකු ලෙස හැඳින්වුවත් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද ගැතිකම, දෙමළ ජනයා මර්දනය හා ප්‍රජාතන්ත්‍රවාදයේ පරස්පරතා වැනි කරුණු විචාරයට ලක් කරන්නේ නැහැ. ලාංකික වම යැයි කියා ගන්නා පක්ෂ පවා ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්තියේ සීමාසහිතකම් අමතක කරමින් ඉන්දියාවට පහරදීම ප්‍රශ්නය ඒකමානීයව කියවා ගැනීමක්.

fourthround1

 

වර්ෂ 2009 දී ශ්‍රී ලංකාව විසින් එල්ටීටීඊය සමූලඝාතනය කිරීම ද එක්සත් ජනපදයේ අශ්ලීල මැදිහත්වීමක්. වර්ෂ 2001 දී තමන්ම ඇති දැඩි කළ ඉස්ලාම් ත්‍රස්තවාදය විසින් එක්සත් ජනපදයට පහරදීමෙන් පසුව ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටනක් ආරම්භ කිරීමට එක්සත් ජනපදයට අවශ්‍ය වුණා. ඒ සදහා එල්ටීටීඊය තුරන් කිරීමට සැලසුම් සකස් කළේ නෝර්වේ සාම මැදිහත්වීම මගින්. එය අසාර්ථක වුවහොත් යුදමය ලෙස එල්ටීටීඊය පරාජය කිරීමට පිඹුරු පත් සැකසුවේ වර්ෂ 2002 සිටමයි. ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත කලාපය ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ආරක්ෂා කර ගැනීමට වූ යුදමය උපදෙස් එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා රජයට ලබා දුන්නේත් වර්ෂ 2006 දී එක්සත් ජනපදය හා ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළේත් ඒ සදහායි. සිංහලබෞද්ධ දකුණේ යුදමය ෆැන්ටසිය තෘප්තිමත් වූ ක්‍රියාවක් නිසා ඒ එක්සත් ජනපද ආක්‍රමණයට කිසිවෙක් එරෙහිවුනේ නැහැ. සිංහලබෞද්ධ දකුණ අදටත් හිතාගෙන ඉන්නේ එය තමන්ගේ ගැලවුම්කාර මහින්ද රාජපක්ෂගේ වීර ක්‍රියාවක් ලෙසයි. ඇත්තටම එය එක්සත් ජනපදයේ උපක්‍රමික දේශපාලන ජයග්‍රහණයක්.

ඇමෙරිකන් එක්සත් ජනපදය විසින් වෙනුසුවෙලාව ආක්‍රමණය කර එහි ජනාධිපතිවරයා හා ඔහුගේ බිරිද පැහැරගෙන යෑම පිටුපස ඛණිජ තෙල් සම්පත කොල්ලකෑමේ ආර්ථික අභිලාශයන් ඇතත් ලෝකයාට ප්‍රකාශ කරන්නේ වෙනුසුවෙලාව ඒකාධිපතිත්වය, මත්ද්‍රව්‍ය වෙළෙදාමේ යෙදීම වැනි ආකර්ශනීය හේතූන් ය. ඊට පවතින පදනම නිසාම එක්සත් ජනපදයේ ආක්‍රමික අභිලාශයේ තීව්‍රතාව යම් ප්‍රමාණයක් අඩුවේ. එහි ඇති විශේෂත්වය වන්නේ ආක්‍රමිකයා යම් රටක සෛවරීත්වය බිඳ දැමීමේ දී නිතරම තම ආක්‍රමණය සාධාරණීකරණය සදහා ද හේතූන් සොයන බවයි.

 

ආක්‍රමණයට ලක්වන රටෙහි අභ්‍යන්තර දේශපාලන ගතිකයන් විසින් කිසිම විටක ආක්‍රමණය සාධාරණීකරණය වෙන්නේ නැත. එහෙත් අභ්‍යන්තර දේශපාලන ගතිකයන් නිසා පීඩනයට ලක්වන ජන කොටස තුළ ආක්‍රමණයට ආකර්ශනයක් ඇතිවීම තාර්කික ය. ඉන්දියන් ආක්‍රමණය ලංකාවේ පීඩිත දෙමළ ජනයා තුළ ධෛර්යයක්  නිර්මාණය කිරීමට සමත් විය. වෙනිසුවෙලාව තුළ නිකලස් මදුරෝගේ ඒකාධිපති නිර් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය නිසා පීඩනයට පත්වූ ජන කොටස තුළ එක්සත් ජනපද ආක්‍රමණය විසින් බලාපොරොත්තු නිර්මාණය කරමින් පවතී.

ලෝකයේ හැම ආක්‍රමිකයන්ටම ආක්‍රමණය සදහා වලංගුතාව නිර්මාණය කරන්නේ ආක්‍රමණයට ලක්වන රටේ පාලකයන් ය. එනිසා ආක්‍රමිකයාට එරෙහි සටන අභ්‍යන්තර නිර් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි අරගලයේම දිගුවක් මිස එමගින් ස්වායත්ත වූවක් නොවන බව අපේ විග්‍රහයයි.

PHOTO 2024 10 14 10 31 21(සටහන | පිලිප් ශාන්ත)
විමුක්ති හඬ
shan.info1978@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...